ස්විස් විලකින් සොයාගන්නා ලද "බුගාටි" වර්ගයේ දුර්ලභ කාරයක් පැරීසියේ පැවති වෙන්දේසියකදී ස්ටර්ලිං පවුම් 226,000 කට අලෙවි තිබේ.
1936 දී ආනයන බදු ගෙවීමට නොහැකිව එහි අයිතිකරු විසින් අතහැර දමන ලද මෙම කාරය පසුව බදු නිලධාරීන් විසින් "Maggiore" නම් විලට තල්ලු කර දමා තිබේ. ඉන්පසුව බොහෝ කාලයක් දිරාපත් වෙමින් දිය යට රැඳී තිබූ මෙම කාරය දේශීය කිමිදුම්කරුවන් පිරිසක් විසින් සොයාගෙන තිබුණි. පසුගිය 26වන දින එය වෙන්දේසියේදී මිලදී ගත් තැනැත්තා සඳහන් කර තිබුණේ මෙම කාරය නැවතත් විශාල ජල ටැංකියක් තුළ ගබඩාකර තබන බවය.
