ගීතයක තේරුම දැනගනිමු
හරි, අද දවසේ අපි සිංදු ගැන කතා කරන්න එඩ්වඩ් ජයකොඩ් මහතා ගායනා කරන ඉතා ජනප්‍රිය ගීතයක් තමයි අරගෙන ආවේ.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අතින් රචනා වෙච්චි මේ ගීතයේ සංගීතය නිර්මාණය කරන්නේ සරත් ද අල්විස් මහතා විසින්.
ගීතය තමයි "සමනළයා මල හා ළමයා සේ" කියන ගීතය.එළකිරියේත් සමනලයො ඉන්නවා.
එරොසාන් කියන සමනලයා ගැන නෙවේ ඔන්න අද අපි මේ කියන ගීතයේ කියවෙන්නේ
ගීතයේ චරිත තුනක් පිළිබඳව කියවෙනවා.
* සමනළයා.
* ළමයා.
* මල.
ගීතය රසවිදින්න අපිට බොහෝ විට තේරුම් ගන්නට පුලුවන් ගීතය ළමා ගීතයකට සමානයි කියලා. ඒත් ඒක වැරදි නිගමනයක්. ඇත්තටම මේක ප්‍රේම ගීතයක්. විරහා හීතයක් විදිහට හැදින්වීම නිවරදියි. ඒ වගේම ප්‍රේමකීර්ති මහතාගේ අති විශිෂ්ඨ නිර්මාණයක්.
සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
ගීතයේ ආරම්භයේදීම අපිට අහන්නට ලැබෙන මේ චරිත තුන පිළිබඳ අපි මුලින් අවධානය යොමු කරමු.
* සමනළයා - සමනළයාගේ රාජකාරිය තමයි මලින් මලට ගිහින් පැණි බොන එක. ගීතයේ සමනළයා විදිහට හදුන්වන්නේ එක්තරා තරුණයෙක් පිළිබඳවයි.
* මල - ගීතයේ මල විදිහට උපමා කරලා තියෙන්නේ තරුණියක්.
ළමයා - ළමයා ලෙස ප්‍රේමකීර්ති මහතා උපමා කරලා තියෙන්නේ තවත් තරුණයෙක් පිළිබඳවයි. ඒ වගේම ළමයාගේ චරිතය අපිට රචකයා විසින් වැඩිදුරටත් විග්‍රහ කරලා තියෙනවා " බාල ළමා වයසේ" කියලා. ඉතින් එතනින් අපිට තේරුම් ගන්න පුලුවන් මේ පුංචි බහ තෝරන වයසේ දරුවෙකුගේ චරිතයක් පිළිබඳවයි අපිට කියන්නට උත්සාහ කරලා තියෙන්නේ කියලා.
කුඩා දරුවෙකුගේ ආදරය ඉතා පිවිතුරුයි, අව්‍යාජයි.
ගීතයේ චරිත ත්‍රිත්වය පිළිබඳ ගීතයේ අපිට හදුන්වා දෙන්නේ ඒ විදිහට.
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ //
ඉතින් මේ චරිත තුන ( තරුණිය සහ තරුණයින් දෙදෙනා) පෙර දවසක එකට මුණගැහිලා තියෙනවාලු.
මලට වසා පැණි බී රිසි සේමා
සමනළයා පියැඹූ දවසේ //
මල ලෙස හැදින්වූ තරුණිය සමනළයා ලෙස උපමා කළ තරුණයා සමග ප්‍රේම සම්බන්ධක් පවත්වනවා. නමුත් මේ තරුණයා සල්ලාල චරිතයක්. තරුණියන් ගෙන් ඔහුට අවශ්‍ය දෑ සපුරා ගත් පසු තවත් තරුණියක වෙත ඇදෙන පුද්ගලයෙක්. ඒ නිසයි ඔහුව රචකයා විසින් සමනළයෙකු විදිහට හදුන්වන්නේ.
"මලට වසා පැණි බී රිසි සේමා" මෙතනින් අපිට තේරුම් ගන්න පුලුවන් මේ සල්ලාල තරුණිය ඒ තරුණියගෙන් බලාපොරොත්තු වූ සියල්ල සපුරාගෙන තියෙනවා කියලා.
"සමනළයා පියැඹූ දවසේ" අවශ්‍යතා සපුරා ගත් තරුණයා තරුණිය අතහැර ගිහින් තියෙනවා. ඒ වගේම අපිට තේරුම් ගන්න පුලුවන් ඒ සිදුවීම නිසා තරුණියට යම් අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා කියලා.
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා
ළමයා ලෙස හැදින්වූ තරුණයාත් මල ලෙස උපමා කළ තරුණියට ප්‍රේම කරනවා. ඒ ප්‍රේමය පිවිතුරු සහ අව්‍යාජ ප්‍රේමයක්. ඒ නිසයි මේ තරුණයා කුඩා ළමයෙකු ලෙස රචකයා උපමා කරේ, ඒ පිළිබඳ අපි ලිපිය ආරම්භයේදීත් කතා කලා.
ඒ නිසාම මේ තරුණයා තරුණියට පෙරකී සල්ලාල තරුණයා නිසා සිදුවූ අපරාධය හමුවේත් එය නොදැක්කා සේ ඇයට ප්‍රේම කරනවා.
මලට නොවේ දැණුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ //
තරුණියට සල්ලාල තරුණයා පිළිබඳ මිසක්, සත්‍ය ලෙස ප්‍රේම කළ තරුණයා හදුනා ගැනීමට නොහැකි උනා. කෙසේ නමුත් සල්ලාල තරුණයෙකු හා සම්බන්ධතා පවත්වන තරුණියට ඉදිරියේදී සිදුවිය හැකි දේ පිළිබඳ අනික් තරුණයා දැන සිටියා.ඒ පිළිබඳ ඔහු කණගාටු වෙනවා.
ඒ මල නොදනී ඒ මල පරවී
සමනළයා කොතැනේ
තරුණියටත් වටහා ගන්නට බෑ සිදුවූ දේ මොකක්ද කියලා. ඒ මල අද පර වෙලා. සියල්ල අවසානයේ අපහසුතාවයට පත්වූයේ තරුණියයි. අපරාධය සිදුකළ සල්ලාලයා අද කොතැනක විය හැකිද?. ඇතැම් විට ඔහු සිදුකළ දෑ නිසා නීතියෙන් දඩුවම් විදිනවා විය හැකියි... නමුත් එයින් තරුණියගේ ජීවිතය වැරදුණු තැනට සාදාරනයක් විය හැකිද?......
ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්