ගීතයක වගතුග (වරදක් කලක් සිතකින් නොවේ)
හරි මම හිතන්නෙ ඔක්කොමල්ල සනත් නන්දසිරි මහත්තය ගයනා කරන වරදක් කලත් සිතකින් නොවේ ගීතය අහල තියනව... අහ නැති කවුරු හරි ඉන්නවනම් අහන්න.. මෙතනින්
මේතියෙන්නෙ වචන ටික
මොකද හිතන්නෙ මේ ගිතය ගැන??
ඒ ප්‍රශ්නෙට ඕගොල්ලො ගොඩ දෙනෙකුගෙ උත්තර වෙන්නෙ එකපාර තරුණියන් දෙදෙනෙකුට ආදරය කරපු තරුනයෙක් කරනු ලබන පාපොච්චාරනයක් කියල මට විශ්වාසයි... ඒත් හොදට තවපාරක් වචන කියවන ගමන් ගීත අහන්න.. හොදට අවදානයෙන් අහන්න.. කියවන්න.. වෙනසක් දැනුනද??
මතුපිටින් බලුවහම මේක තුන් කොන් ආදරයක පැටලුනු තරුනයකුගේ පාපොච්චාරනයක් කියල පෙනුනත්.. ඉන් එහාට ගිය දෙයක් මේ ගීතය තුල තියන්ව
මම කියුවොත් මේ ගීතය තමන් ආදරය කරන තරුනියට සිය මව අකමැති වී දෙලොවක් අතර අතරමන් වුන තරුනයකුගේ අදහස් සමුදායක් කියල ඔබ එකග වෙනවද?? ඔව් ඔබට එකග වෙන්න සිද්ද වෙනව නැවත වරක් ගීත්ය අහන්න
වරදක් කලක් සිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නෙ ඇයි??
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි
මම ඔබටවත් ඇයටවත් ඕනෑ කමින් වරදක් කලේ නෑ
ඉතින් ඇයි මේ දෙන්නම මාව රිද්දවන්නෙ , මගෙන් පලිගන්න වගේ හැසිරෙන්නෙ
තේරුම් ගන්න ඒ මගෙ අම්ම.... මට අම්ම නිසා ඔයාව අතාරින්නත් බෑ... ඔයා නිසා අම්මව දාල එන්නත් බෑ.. ඔය දෙන්න හරියට මගෙ ඇස් දෙක වගේ
ඕබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
අප එක්වෙලා කුමටදෝ
වෙනසක් නොවි
මගෙ හිස් අතින් පිසලන්නෙ
කොයි කදුලුදෝ
ඔව් මට ඔයා කියන විදිහට අම්මව අමතක කරල ඔයත් එක්ක එකතුවෙන්න පුලුවන්... ඒත් දෙයියනේ ඒ මගෙ අම්ම... මම එයාගෙ එකම පුතා... මම එහෙම එයාව දාල ඔයා ගාවට ආවොත් ඔයා සතුටුවෙයි. ... ඔයා උහුලන දුක් ගින්න නිවිල යයි... ඒත් ඒක අම්ම කොහොම විද දරාගනීවිද?? ඒක එයාට කොහොමට දුකක් වෙයිද අනික එයාව බලාගන්නෙ කවුද?? අම්මට එහෙම දුකක් දීල අපි සතුටින් ඉදල මොකටද?? අපිට එහෙම සතුටින් ඉන්න පුලුවන් වෙයි කියල ඔයා හිතනවද??
මම දන්නව මට මෙතනදි දෙන්නවම සතුටුකරන්න බෑ කියල ඒත් තේරුම් ගන්න මට මෙතනදි එක්කෙනෙක්වත් දුකට දාන්නත් බෑ.. ඒත් මට මෙතනදි එක්කෙනෙක් තෝරගන්න වෙන්නව... මම තෝරගන්නෙ කාවද කියන එක මට හිතාගන්න බෑ මොකද මට ඔයත් ඕනෙ මගෙ අම්මත් ඕනෙ...
ඊට පස්සෙ කොටසින් තරුනය අම්මට පැහැදිලි කරල දෙන උත්සහ කරන්ව
අසරණ ඔබයි තනිවුන ඇයයි
මට සාපකර යාවිදෝ...
ඔබෙ ලෝකයෙන්..
ඇගෙ ලෝකයෙන්
සමුගන්න සිදුවේවිදෝ..
අම්මෙ මම දන්නව මෙතනදි අම්ම අසරනයි කියල ඒත් ඇයි බැරි අම්මෙ අම්මට මගෙ කැමැත්තට ඉඩ දෙන්න... මට එයාව තනියම දාල එන්න බෑ අම්මෙ... මම අම්මව දාල එයා ගාවට ගියොත් අම්ම දුක්විදිනව වගේ අම්ම මට ශාප කරනව වගේ මම එයාව තනි කරල අම්ම ගාවට ආවොත් එයා මට ශාප කරයි... එයා දුක් විදී
මට දැන් මේ හැම දේම එපා වෙලා.... ඔව්... එපා වෙලා හිතුනොතින් දෙන්නටම ඕනෙ දෙයක් කරගන්න කියල දෙන්නවම දාල මම යන්නව... ඔව් මම යන්නම යන්නව