A confession

r a n d u n u

Junior member
  • Nov 20, 2024
    52
    32
    18
    අපේ සම්බන්දෙ නතර කරල දැන් අවුරුදු 3කට චුට්ටක් වැඩියි. ඒකි උපරිම අල්ලගෙන ගියා. බැරිම තැන තමා නතර කලේ. මටත් එතකොට ඒක එපා වෙලා තිබ්බ නිසා මම හා කිව්වා. මම එවෙලෙ බෑ කිව්ව නම් එයා නතර කරන්නෙ නෑ.

    මට පහුගිය අවුරුදු තුනටම නොදැනුන තරම් දුකක් දැනෙනවා. මං එයාට කරපු නපුරුකම්, අපහාස, නොසලකාහැරීම් මගෙ ඉස්සරහ මැවිල පේනවා.

    අපේ සම්බන්දෙ තිබ්බා අවුරුදු හතරක් වගේ. ඔය හතරෙන් තුනක්ම මම ගෙව්වෙ ප්‍රශ්න කරදර වලින් මිරිකිලා. මම පිස්සෙක් වගේ ඒ කාලෙ හිටියෙ හැසිරුනේ. ඒත් එයා පුළුවන් උපරිමෙන් මාත් එක්ක ඉන්න ට්‍රයි කලා. මම ඒකට ඉඩ දුන්නෙ නෑ. මට ඕන උනේ එයාව ඈත් කරන්න. ඈත් කරල යාලුවොයි බෝතලෙයි ඒ කාලෙ මගේ රේඩාර් එකට අහු උන වෙන කෑල්ලකුයි එක්ක යතාර්තෙන් පැනල ගිහින් පාවි පාවි ඉන්න. මම ඒ කාලෙ මීට් වෙන්න ගියෙත් යලට මහට. ඒ ගියත් අන්තිමට රණ්ඩු වෙලා තමා ඉවර වෙන්නේ. එයාට අවධානෙ නොදී මම වෙන වෙන දේවල් කරද්දි එයාට තරහ යන එක අන්තිම සාධාරණයි. මට ඒක තේරුම් ගන්න පුළුවන් උනේ නෑ. මම එයාව දැක්කෙ මගෙ ආතල් ලෝකෙ කන්න ආව කෙනෙක් විදියට.

    එක සැරයක් මම බඩේ අමාරුවක් හැදිල බෝඩිමේ ඉන්නකොට මගෙ යාලුවෙක් අතේ එව්වා තැම්බුම් හොදි හදලා. තුන් පාරක් එව්වා අසනීපෙ හොඳ වෙනකන්. මගෙ ප්‍රශ්න කරදර ගැන කියනකොට මට දුන්නා පොඩි බුදු පිළිමයක්. ඔයාගෙ හිතට කරදරයක් දැනෙන වෙලාවට මේක දිහා බලන්න, මේක නිතර පේන තැනකින් තියාගන්න කියලා. ඒව මම ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කලා.

    මම යාලුවො එක්ක ගෲප් චැට් වල මැසේජ් කරද්දි එයා මැසේජ් කලාම මම රිප්ලයි නෑ. ඔන්ලයින් පෙන්නනවා. ඉතින් එයා කෝල් ගහනවා. බැනල මැසේජ් දානවා. කෝල් ගහන්න ගත්තම මට කරදර නිසා මම බ්ලොක් කරනවා. සමහර දවස් වලට අන්බ්ලොක් කරන්න මතක් වෙන්නෙත් පහුවදා.

    එක දවසක් එයාගෙ එක්තරා වැඩකට මම උදව් වෙන්න ගියාම ඒ වැඩේ ඉවර වෙලා එයා දිලිසෙන ඇස් වලින් මගෙ දිහා බලල ඇහුවා අපි දැන් ආපහු ඉස්සර වගේම ආදරෙන් ඉන්නව නේද කියලා. මම නිකම්ම හ්ම්ම් කියල හිටියා.

    එයාට ලැබිය යුතු අවධානය රෙස්පෙක්ට් එක ලැබුනෙ නෑ මගෙන්. එයා ඒව ඉල්ලලයි රණ්ඩු කලේ. මට තේරෙන්නෙ අද බං. අම්මා කෙනෙක් වගේ මාව බලාගන්නවා කියල කිව්වෙ අපි යාලු උන අලුත. එයා අන්තිම දවස වෙනකනුත් ඒ පොරොන්දුව රැක්කා. අම්මෙක් නැති එකෙක්ට අම්මෙක් වෙන්න තරම් මව් ගුණයක් කරුණාවක් ආදරයක් ඒ හදවතේ තිබ්බා. මිනියක් මරලා හිරේ ගිහින් ආවත් අම්මෙක් දරුවෙක්ව අත අරින්නෙ නැත්තෙ යම් සේ ද, මම මොන දහපදුරා වැඩේ කරල ආවත් එයා ආපහු මං දිහා අනුකම්පාවෙන් බැලුවා. මම හුත්තිගෙ පුතෙක් වගේ ඒ සේරටම පයින් ගැහුවා බං.

    හැම දේකින්ම මිදිලා හුදෙකලා වෙලා අපහු හැරිල බලනකොට තේරුණේ යකෝ මොකක්ද මම කරපු විනාසෙ කියලා. ඒ කෙල්ලගෙ ජීවිතේ දුක් ගොඩක් වෙන්න ඇති මම නිසා. මම පිට කරපු පිහිතල වගේ වචන මම කරපු කිණිසි පාරවල් වගේ වැඩ ඔක්කොම අතරෙ රණ්ඩු වෙලා කුණුහරුපෙනුත් බැනගත්ත සමහර දවස් වල රෑ එකොළහමාරට විතර මැසේජ් එකක් එනවා Good night, budu saranai mage sudu mahaththayata. mn hugak adarei කියල. එයා මට හැදෙන්න අවස්ථාවල් 1000ක් දෙන්න ඇති. මම කොච්චර නරක විදියට හැසිරුණත් එයා මාව බාරගන්න සූදානම් පිට හිටියා.

    මෙච්චර කලක් එක එක නිදහසට කරුණු වලින් මම ඕවා වහ වහ හිටියා. ඒත් දැන් මගෙ හෘද සාක්ෂිය නඩු අහනකොට මටම තේරෙනවා නිදහසට කරුණු නිශ්ප්‍රභයි මම වැරදිකරු කියල.

    මට තියෙන එකම සහනය අද එයා ගොඩක් හොඳ තැනක ඉන්නවා. ඉගෙනීම කඩාකප්පල් කරගත්තෙ නෑ
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    1,138
    1,698
    113
    අපේ සම්බන්ධය අවුරුදු 4ක් තිබුණා. ඒකෙන් අවුරුදු 3ක් වගේ මම නරක හැසිරුනා. උදව්වක්, ආදරය, සහ අගය දුන්නාට මම එයාට අවධානයක්වත් දුන්නේ නෑ. මගේ ලෝකේ ආතල්, යාලුවො, බෝතල් වගේ දේවල් තමයි ප්‍රමුඛ කරේ. එයා නැතුවම බැරි වෙලා මාත් එක්ක ඉන්න උත්සාහ කළාට, මම එයාව තල්ලු කළා. රැඳුම් වචන, බැනීම, බ්ලොක්-අන්බ්ලොක්, නොසලකා හැරීම්ඒව තමයි මගේ ප්‍රතිචාර.

    ඒත් දැන් තේරෙන්නෙ මම තමයි වැරදිකරු. එයා හොඳම මිනිසෙක්, ආදරය, හැඟීම, සහ මගේ වගේ කෙනෙක්ටවත් පාවිච්චි වෙන්න සූදානම්. මම එයාව දැඩිව බිඳ දැමුවා.

    ඒත් අද එයා ජීවිතේ හොඳ තැනක ඉන්නවා කියන එක තමයි මට තියෙන එකම සැනසීම.
     
    • Love
    Reactions: Candid-B

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,912
    6,742
    113
    කදිමයි &ත්තෝ කදිමයි

    මේක ආතල් එකට ගත්තට සෙනිවම මනෝවකට යනවා ඩෝ
     
    Last edited:
    • Wow
    Reactions: Nidarshana_k

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,912
    6,742
    113
    ඕකට කියන්නේ කරුමේ පුතා. හොද කෙල්ලෙක් හම්බෙලත් පින නෑ රැකගන්න
    තුන් හිතකින් වත් නොසිතූ
    එක බැල්මෙන් පැතුම් පැතූ
    දෛවය පෙන් වූ පරිදී
    හමුවීම අහම්බයකි

    හිමිනොවනා බව දැනුණත්
    වෙන්වීමක් නොමැතී (හිතෙන්)..
     
    • Like
    Reactions: Nidarshana_k

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,912
    6,742
    113
    මම හිතුවේ එහෙම ගෑනු ඉන්නේ ෆිල්ම් වල විතරයි කියල.
    ඇත්තටත් ඉන්නවා බන්
    සමහර පකයලට මදි වෙනවනේ පෙලක් විට ඒ වගේ කෙල්ලෝ
    එක්කෝ රූපේ ටිකක් මදි, නැත්නම් සල්ලි මදි, නැත්නම් දාන්ගාලේ මදි