රූප ධර්ම සුන්දරයිද කෙතරම්
නුබ එන විට මග දෙපස රගන
උපාසකලා දමලා කොමල
දැකලා මගේ වේරමනි ශික්ෂාව
වෙලා ඉරිසියාව
මගෙය මාගේ නොවනා කිසිවක්
නැති බව දන්නා මගෙ හිත
අද වෙන්නෑ අවනත
සංකේන්ද්‍ර ඇකයෙන් මිදිලා
දිවුවා නුඹ වෙත
ඔය දෑත එක්ක පැටලී
යන්න හිතයි දුර ඒත්
නාම ධර්ම වට කර මුලු සිතම
මන්දාකිනි ගිලුන
නෙතු අගට වැටි කෙහෙරැලි
පුරසද වැසිලා වලාකුලට
ඉතින් තව ඉදී බලාගෙන
නොලැබෙන ඔය නොනිමෙන
වත දෙස මං
මතුභවයෙදි හමුනොවෙයි සිතා
මේ භවයේ නුඹ මාගේ වෙන්නට පතා
යන නිවන් මග මන් පසෙකට තබා
මගෙ තෘෂ්ණාවට මම පෙම් කලා