වැල්ලවත්ත අසල මුහුදේ පාවෙමින් තිබූ කළමනාකාරිණියගේ සිරුර හමුවෙයි
පෞද්ගලික ආයතනයක කළමනාකාරවරියක් ලෙස සේවය කරන අවිවාහක කාන්තාවකගේ සිරුරක් පෙරේදා (26 දා) දහවල් මුහුදේ පාවෙමින් තිබී හමුවූ බව වැල්ලවත්ත පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේම පදිංචි ස්වාමිනාදන් කුසලා නමැති 41 හැවිරිදි අවිවාහක කාන්තාවකි.
අදාළ කාන්තාව ආචාර්ය උපාධිය හදාරමින් සිටි කාන්තාවක් බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය කියයි. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත උ.පො.ප. දිසානායක ඇතුඵ නිලධාරීන් ගොස් පාවෙමින් තිබූ සිරුර ගොඩගෙන දේහය කඵබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.
මියගොස් ඇති කාන්තාව මුහුදු වෙරළට පැමිණි යතුරුපැදිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයාගත් බැව් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක