ගුණදාස මුදලාලිගේ 'හස්තිරාජ' මදන මෝදකේ
බැසිල්ගේ නම ටිපෙක්ස් කිරීම ගැන උණුසුම් කතාබහක්
නම් ටිපෙක්ස් කිරීම ගැන දේශපාලන ක්‍ෂේත්‍රයේ කතාබහට ලක්වූයේ මීට පෙර අවස්ථා දෙකකදී පමණය. කොළඹ මහනගර සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රයේ එක් නමක් 'ටිපෙක්ස්' කළ බවට පැවැති රාවයෙන් මුළු දේශපාලන ක්‍ෂේත්‍රයම කැලඹී ගිය අතර ප්‍රතිඵලය වූයේ වසර ගණනාවක් පාලන බලය පැවැති කොළඹ මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්‍ෂයට අහිමිවීමයි. එක් නමක් ටිපෙක්ස් කර ඇති නිසා මැතිවරණ මහ ලේකම් කාර්යාලය විසින් එක්සත් ජාතික පක්‍ෂයේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප කරන ලදී.
දෙවැනි අවස්ථාවෙන් කියවුණේ මීට පෙර පැවැති උෟව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයකුගේ නමක් ටිපෙක්ස් කිරීම හා සිද්ධියකි.
දේශපාලනඥයන්ගේ නම් ටිපෙක්ස් කිරීම ගැන අලුත්ම කතාබහක් මෙවර ඇතිවුණේ පාර්ලිමේන්තුවේදීය. ඒ පසුගිය සිකුරාදාය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලලිත් දිසානායක මහතා මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් විමසන ලද ප්‍රශ්නයකට අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පිළිතුරු ලබාදුන්නේ හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයායි.
මෙම පිළිතුරු ලබාදීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවූයේ හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා බැසිල් රාජපක්‍ෂ මහතාගේ නම ප්‍රකාශ කිරීමත් සමඟමය.
'නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ උගතුන් අපේ රටේ සිටියදී මෙරට පුරවැසිභාවයක් නැති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත්කළේ කෙසේද? ඔහුගේ මැදිහත්වීමෙන් මහ බැංකු බැඳුම්කර සකස්කර ඇති මෙම සිද්ධියෙන් ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් සිදු වනවා' යනුවෙන් ලලිත් දිසානායක මන්ත්‍රිවරයා කියා සිටියේය.
'ඒ සිද්ධිය ගැන විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වෙනවා. ඒත් අපේ රටේ ආර්ථික අර්බුදවලට පසුගිය කාලයේ ප්‍රධාන හේතුවක් වුණේ ඇමෙරිකානු පුරවැසිභාවය තියෙන බැසිල් රාජපක්‍ෂ මහතා කරපු වැඩ' යනුවෙන් හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවාත් සමඟම ඊට විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රිවරු විරෝධය පළ කළහ.
විරුද්ධ පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රිවරුන් මෙහිදී හර්ෂ ද සිල්වා මහතාට කියා සිටියේ සභාවේ නොමැති මන්ත්‍රිවරයකු ගැන චෝදනා කිරීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි බවයි.
'බැසිල් රාජපක්‍ෂ මහත්තයා ඇමෙරිකාවේ හොයනවා. එහේ නැතිලු. දැන් වියට්නාමයට ඇවිල්ලයි කියලා ආරංචියි' යනුවෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා ප්‍රකාශ කිරීමත් සමඟම සභාව යළිත් වරක් උණුසුම් විය.
'සභාවේ නැති මන්ත්‍රිවරයකුට මෙසේ චෝදනා කිරීම වැරැදියි. ඒක නිසා බැසිල් රාජපක්‍ෂ මහතාගේ නම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කියලා මං මූලාසනයෙන් ඉල්ලීමක් කරනවා' යනුවෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගෙන් ඉල්ලීමක් කළේය.
'මේ බැසිල් රාජපක්‍ෂ මහතාගේ නම කියන කොටම පුදුම වැඩේ කියන්නේ දෙතුන් දෙනෙක්ම නැඟිටිනවා. බැසිල් රාජපක්‍ෂ මහතාගේ නම කපා හරින්න, ඒක ටිපෙක්ස් කරන්න කියලා ඇයි මෙච්චර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා කෑගහන්නේ. මට ප්‍රශ්නයක් නැහැ. ඕන නම් බැසිල් රාජපක්‍ෂ මහත්තයාගේ නම ටිපෙක්ස් කරන්න. මට තේරුම් ගන්න බැහැ. ඇයි? මේ නම මෙහෙම ඉවත් කරන්න කියලා කියන්නේ' යනුවෙන් හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශයට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා යළිත් ඝෝෂා කරමින් විරෝධය ප්‍රකාශ කරන්නට විය.
'දැන් මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන විට කොල්ලකෑවා කියලා නිතරම කියනවා. කොල්ලකෑවද? කෙල්ල කෑවද? මට තේරුම් ගන්න බැහැ' යනුවෙන් නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා සිනහ වෙමින් කළ ප්‍රකාශයට සියලු දෙනාම සිනහ වූහ.
අතුරුදන් වී ඇත්තේ නඩු පොතද? වෙලේ සුදාද?
'වෙලේ සුදා'ගේ නම නොකියවෙන තැනක් නැති ගානට අද ඔහුගේ නම කියවේ. පසුගිය සිකුරාදා වෙලේ සුදා ගැන පාර්ලිමේන්තුවේදී කතා කළේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතායි. මෙහිදී ප්‍රශ්නය යොමු කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතාය.
'වෙලේ සුදාගේ මත්කුඩු නඩුවේ පොත අතුරුදන් වෙලාලු. ඒක හොයාගත්තද?' යනුවෙන් ශාන්ත බණ්ඩාර මන්ත්‍රිවරයා විමසීය.
'මොකක්ද? වෙලේ සුදා අතුරුදන්' ජෝන් අමරතුංග අමාත්‍යවරයා විමසා සිටියේය.
'නෑ නෑ වෙලේ සුදා නෙවි. ඔහුගේ කුඩු නඩුවේ පොත ගැන ඇහුවේ' ශාන්ත බණ්ඩාර මන්ත්‍රිවරයා යළිත් ප්‍රකාශ කළේය.
'අවශ්‍ය පරීක්‍ෂණ කටයුතු සිදු කෙරෙනවා. එවිට තවත් සාක්‍ෂි සොයාගන්න පුළුවන්' යනුවෙන් ජෝන් අමරතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කළද නඩුවේ පොත අතුරුදන්වීම සම්බන්ධයෙන් යොමු වූ පැනයට ජෝන් අමරතුංග අමාත්‍යවරයා නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේ නැත.
මෙම ප්‍රශ්නය ශාන්ත බණ්ඩාර මන්ත්‍රිවරයා අසන විට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්තරා මන්ත්‍රිවරයෙක් ශාන්ත බණ්ඩාර මන්ත්‍රිවරයාගේ ආසනය අසලට පැමිණ අසුන්ගෙන සිටියේය. ජෝන් අමරතුංග අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙනවාත් සමඟම එම මන්ත්‍රිවරයා එම අසුනෙන් නැඟිට සභාගර්භයෙන් ඉවතට ගියේය. ජෝන් අමරතුංග අමාත්‍යවරයා පිළිතුරු ලබාදීමෙන් පසුව එම මන්ත්‍රිවරයා යළිත් පැමිණ ශාන්ත බණ්ඩාර මන්ත්‍රිවරයාගේ ආසනය අසලින් අසුන්ගෙන ටික වේලාවක් කතා කරමින් සිට යළිත් එම මන්ත්‍රිවරයාගේ නියමිත ආසනය වෙත ගමන් කළේය.
වෙලේ සුදා හිටපු ආණ්ඩුවේ ජනතා නියෝජිතයන් 4 දෙනකු සමඟ මුදල් ගනුදෙනු සිදුකර ඇති බවත් ඒවා ඉදිරියේදී හෙළිදරවු වනු ඇති බවත් ප්‍රකාශ කළ ජෝන් අමරතුංග අමාත්‍යවරයා කියා සිටියේ එක් මන්ත්‍රිවරයකු රුපියල් ලක්‍ෂ 13ක් වෙලේ සුදාගෙන් ණයට ලබාගෙන ඇති බවයි.
හස්ති රාජා මදන මෝදකේ කාලා ආණ්ඩුවට මද කිපී ඇති බව බන්දුල කියයි
පසුගිය සතියේ මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව පිළිබඳ පැවැති කල්තැබීමේ අවස්ථාවේ විවාදයේදී බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මෙවැනි අදහසක් පළ කළේ හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයකට පිළිතුරු දක්වමිනි.
'මේ බැඳුම්කර ගැන විශේෂඥ දැනුමක් තියෙන්නේ කාටද?' යනුවෙන් හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්නය මතු කළේය.
'ඔය පිටරටවල එක එක විශේෂඥයන් අපට ඕන නැහැ. භාණ්ඩාගාර බැඳුම්කර ගැන මේ රටේ ලක්‍ෂ 3 කට මං ඉගැන්නුවා. බැඳුම්කර ගැන උගන්වන්න පිටරටවල විශේෂඥයන් ගේනවා කියලා අගමැතිතුමා කියලා තිබුණා. මට ඕනනම් පුළුවන් ඒ විශේෂඥයාට මේ බැඳුම්කර ගැන උගන්නන්න. මේ ආණ්ඩුව ආර්ථික වශයෙන් දැන් හොඳටෝම අනාගෙන. මේ යන්නේ අසර්බයිජානියේ පැත්තට. ඒකාලේ තිබුණ ගුණදාස මුදලාලිගේ 'හස්තිරාජා' මදන මෝදකේ කියලා එකක්. අද මේ ආණ්ඩුවට මදකිපිලා තියෙන්නේ 'හස්තිරාජ' මදන මෝදකේ කාපු නිසා වගෙයි.
රිචඩ්ද සොයිසාට තවමත් බයද? ශාන්ත බණ්ඩාර ආණ්ඩුවෙන් අහයි
මීට වසර ගණනාවකට පෙර ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා මහතාට එක්සත් ජාතික පක්‍ෂය තවමත් බියදැයි පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නකර සිටියේ ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාය. ඊට පිළිතුරු ලබා දුන්නේ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාය.
'රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියාගේ ජීවිතය පසුබිම් කරගෙන බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනය කරන නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා අධ්‍යක්‍ෂණය කරන චිත්‍රපටයේ රූගත කිරීම් නවත්වන්න ආණ්ඩුව බලපෑම් කරලා තියෙනවා' යනුවෙන් ශාන්ත බණ්ඩාර මන්ත්‍රිවරයා චෝදනා කළේය.
'එහෙම බලපෑම් කරලා නැහැ. මේ ගැන යම් ගැටලුවක් තියෙනවා නම් ඒක ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඇසිය යුතුයි' ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
වාසු පටලවාගෙන කිරිඇල්ල කියයි
නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා අතර උණුසුම් වාදයක් ඇතිවූ අතර එයට සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාද සම්බන්ධ විය.
රත්නපුර දිස්ත්‍රික්කයේ දැයට කිරුළ ව්‍යාපෘතිය ගැන වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා විමසා සිටි අතර එය තිබුණු නිවාස විෂයට අදාළ කොටසට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේය. ඉන් සෑහීමකට පත් නොවූ වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා තමන්ගේ ප්‍රශ්නයේ අනෙක් කොටස්වලටද ආණ්ඩුවෙන් පිළිතුරු ඉල්ලා සිටියේය.
'අනෙක් ඒවා මං දන්නේ නැහැ. මගේ විෂයට අදාළ කොටසට මං පිළිතුරු දුන්නා' සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සඳහන් කළේය.
'මේක ආණ්ඩුවෙන් අහන්නේ. ඒක නිසා ආණ්ඩුව මේ මන්ත්‍රිවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට බැඳී සිටිය යුතුයි' යනුවෙන් ප්‍රකාශ කළේ නිමල් සිරිපාල ද සිල්වා විපක්‍ෂ නායකවරයාය.
'මේ ප්‍රශ්නය නියම විදියට අහලා නැහැ. මේක පටලවාගෙන ඉන්නේ වාසුදේව මන්ත්‍රිවරයායි' යනුවෙන් ඊට මැදිහත් වුණේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාය.
'මේවා ඔක්කොම එකට තිබුණු ඒවා. ඔයගොල්ලන් බෙදාගත්තු විදියටයි මේ පටලැවිල තියෙන්නේ. ඉතිං අපි ඒකට කරන්නේ මොකක්ද?' යනුවෙන් තරමක් වේගවත්ව ඊට ප්‍රතිචාර දැකුවූයේ වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයාය.
Mawbima, 2015-03-25