භාණ්ඩ හා සේවාවල රසායනික ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ප්‍රධාන රසායනාගාරයකට USD මිලියන 15 ක ආයෝජනයක්
මෙය ආනයනය හා අපනයනය කරන බෙහෙත්, රූපලාවන්‍ය, ආහාර ඇතුලු ද්‍රවය වල රසායනික ගුණාත්මකභාවය සහතික කිරීම ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතනයක් (accreditation) සහිත රසායනාගාරයක්. විදේශ රටවලින් අවශ්‍ය පරීක්ශණ සහතික කිරීමේ සේවා ලබාදී විදේශ ආදායම් උත්පාදනයත් මෙයින් සිදුකල හැක.
STEMedical ආයතනය ශ්‍රී ලංකාවේ ජෛව තාක්ෂණ ආයතනය (SLIBTEC) සමඟ ඩොලර් මිලියන 15ක ආයෝජන ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතනයක් සහිත රසායනාගාරයක් පිහිටුවීම සඳහා මෙම ගිවිසුම අත්සන් කළ බවයි.
https://www.news.lk/current-affairs...ation-facilities-with-a-15-million-investment
https://economynext.com/us-firm-sig...ri-lanka-for-accreditation-facilities-230827/
මෙය ආනයනය හා අපනයනය කරන බෙහෙත්, රූපලාවන්‍ය, ආහාර ඇතුලු ද්‍රවය වල රසායනික ගුණාත්මකභාවය සහතික කිරීම ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතනයක් (accreditation) සහිත රසායනාගාරයක්. විදේශ රටවලින් අවශ්‍ය පරීක්ශණ සහතික කිරීමේ සේවා ලබාදී විදේශ ආදායම් උත්පාදනයත් මෙයින් සිදුකල හැක.
STEMedical ආයතනය ශ්‍රී ලංකාවේ ජෛව තාක්ෂණ ආයතනය (SLIBTEC) සමඟ ඩොලර් මිලියන 15ක ආයෝජන ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතනයක් සහිත රසායනාගාරයක් පිහිටුවීම සඳහා මෙම ගිවිසුම අත්සන් කළ බවයි.
ව්‍යාපෘතිය පිළිබඳ විස්තර
ජාතික පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ වැඩසටහන (NIRDC) යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා අඟහරුවාදා (15) අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් තැබුවා.අත්සන් කළ පාර්ශ්වයන්
ඇමරිකානු STEMedical සමාගම නියෝජනය කරමින් එහි නිර්මාතෘ හාන්ස් කීර්ස්ටඩ් (Hans Keirstead) අත්සන් කළ අතර, SLIBTEC ආයතනය නියෝජනය කරමින් එහි සභාපති සමිත හෙට්ටිගේ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී අමාලි රණසිංහ අත්සන් කළා.අපනයන ඉලක්ක සපුරා ගැනීම
විද්‍යා හා තාක්ෂණ පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගම්සූරිය පැවසුවේ, මෙවැනි ප්‍රතීතන පහසුකම් මඟින් 2030 වසර වන විට රටේ අපනයන ආදායම දෙගුණ කිරීමේ රජයේ අරමුණට සහාය ලැබෙන බවයි.රසායනාගාර අවශ්‍යතාව
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, කෘෂිකර්ම, රූපලාවන්‍ය සහ ආයුර්වේද වැනි බොහෝ ක්ෂේත්රවල මෙන්ම, ආනයන හා අපනයන කටයුතුවලදීද ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතනයක් සහිත පරීක්ෂණ රසායනාගාරවල ධාරිතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් කලක සිට පැවතුණා.රසායනාගාරයේ කාර්යභාරය
මෙම රසායනාගාරය දිවයින පුරා පවතින රසායනාගාර සමඟ සම්බන්ධීකරණයෙන්, විවිධ ක්ෂේත්රවල භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ප්‍රධාන රසායනාගාරයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි.රටට ලැබෙන ප්රතිලාභ
STEMedical හි කීර්ස්ටඩ් මහතා පැවසුවේ, මෙම ව්‍යාපෘතිය මඟින් සායනික හා ආර්ථික වශයෙන් රටට බොහෝ ප්රතිලාභ ලැබෙන බවයි. නව ආයෝජනය ආර්ථික විශේෂඥයින්ගේ අවධානය දිනා ගන්නා අතර, ඖෂධ වැනි ද්‍රව්‍ය ප්‍රතීතනය සඳහා වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම මඟින් ආදායම් උත්පාදනය කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.https://www.news.lk/current-affairs...ation-facilities-with-a-15-million-investment
https://economynext.com/us-firm-sig...ri-lanka-for-accreditation-facilities-230827/
Last edited: