ගුපියන්ට රිදෙයි, ආණ්ඩුව පඩි ගෙවයි 🤭

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ දිනයේ පමණක් රුපියල් බිලියන 119.08 ක මුදලක් අච්චු ගසා ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

    කැබිනට් බලතල සහිත මහ බැංකු අධිපති ධූරයක් ස්ථාපනය කර එයට අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීමෙන් පසුව අච්චු ගැසූ මුදල රු. ලක්ෂ 4,434,700 (රු.බිලියන 443.47) ක් වේ. මුදල් ඇමති, මුදල් ලේකම්, මහ බැංකු අධිපති අතුළු රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සියලුම නිලධාරීන් නොමැති වුවත් රජය අඛණ්ඩව මුදල් අච්චු ගැසීම සිදු කරයි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව 2020 ජනවාරි 1 දින සිට මේ දක්වා රු. බිලියන 1,774.77 ක් අච්චු ගසා ඇත.

    ඉන්දියන් රජයේ ණය යටතේ සති 4 කට අවශ්‍ය ඉන්ධන හා සීමිත ඖෂධ ලැබී ඇති නමුත්, ඉදිරි සතිය තුල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මුලික එකඟතා ඇති කර ගත නොහැකිවන්නේ නම් රටේ ඉන්ධන හෝ විදුලිය නොමැති තත්වයකට පත්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.

    වත්මන් දේශපාලන වියවුල සමනය කිරීමට අවශ්‍ය කිසිදු සාධනීය පියවරක් ගැනීමට රජය මේ දක්වා අසමත්වී ඇත. විපක්ෂය ද රාජ්‍ය බලය ලබාගැනීමට හෝ විකල්ප හෝ භාරකාර රජයක් පත් කර ගැනීමට කිසිදු උත්සහයක් දරන්නේ නැත. අද දින රජයට විශ්වාස භංගයක් හෝ දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට විපක්ෂය කටයුතු නොකරන්නේ නම්, හෙටින් පසුව දින 11 කට නැවත පාර්ලිමේන්තුව රැස්වන්නේ නැත.

    මුදල් අච්චු ගසමින් වැටුප් ගෙවීමෙන් අද පවත්නා ආහාර, විදුලිය, ගෑස් හිඟයට පිළියමක් ලැබෙන්නේ නැත. ආර්ථික අර්බුදය විසඳීමට නම් රටේ විධිමත් ආණ්ඩුවක් ස්ථාපනය කර දේශපාලන ස්ථාවරත්වය මුලින්ම ඇති කර ගත යුතුව ඇතැයි හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොන මගුලක් මුන් කරන්වා ද මන්දා. 2015 මුං ටිකව ගෙදර යවපු එකේ පලිය මිනිස්සුන්ගෙන් ගන්නවා ද මන්දා
    බලපන්කො ඉතින්
    විපක්ශෙන් මුදල් ඇමති කෙනෙක් ආව කියල වැඩක් තියෙද?
    ඔය බැසිල්, කබ්බා නැතුවත් සල්ලි ප්‍රින්ට් කරන්න ගෝටට පුලුවන් නම්