ගුරුකම් සක්විති පැන යයි....

Jan 7, 2013
182
16
0
ගුරුකම් සක්විති පැන යයි....

11052013035.jpg

මේ ගුරුකම් සක්විති ගැන හුඟ දෙනෙක් අහල ඇති. මේ හොර ශ්‍රමණ වේශ ධාරියට මව්බිම පුවත් පතේ එක මාධ්‍යවේදියෙක් හොඳ ප්‍රචාරයක් ලබා දුන්නා. නමුත් නෙත් එෆ්. එම්. බැලුම්ගල මගින් දැන් සති කිහිපයකට කලින් මෙයාගේ හොර වැඩේ ගැන එළිදරව් කළා. මේ හොර ශ්‍රමණ වේශ ධාරියා කියන විදිහට මිනිහට ගුරුකම් වලින් නොකරන්න බැරි වැඩක් නෑ.
මධු මාධව අරවින්ද මේ මිනිහට අභියෝගයක් කළා එයාව පුටුවක ඉඳලා ගුරුකම් බලෙන් අලවලා තියලා පෙන්නන්න කියලා. මේ හොර ශ්‍රමණ වෙශධාරිය ඒක භාරගත්ත. ඒ විතරක් නෙමේ මේක කරන්න ලැහැස්තිති වෙලා තිබුනේ ඇඹිලිපිටිය ක්‍රීඩාංගනයක මහජනතාව ඉස්සරහා. මේ ගැන මේ හොර ශ්‍රමණ වෙශධාරිය දීපු පොර ටෝක් මේ වීඩියෝ එකෙන් බලන්න.



අන්තිමට සත්‍ය හෙළිදරව් වුනා. හොර ගුරුකම් හාමුදුරවෝ අභියෝගයෙන් පැනලා ගියා.

මේ වගේ දේවල් ලංකාවේ සිදුවුණ ප්‍රථම අවස්තාව මෙය නොවේ. ඒබ්‍රහම් ටි. කොවුර් මහතා (හේතුවාදී සංගමයේ නිර්මාතෘ )මේ වගේ අභියෝග ප්‍රසිද්දියේ කරලා තියනවා ඔය ගුරුකම්, මන්ත්‍ර බලෙන් වැඩ කරන උන්ට. අද වෙනතුරු ඒ එක අභියෝගයක්වත් බිද හෙලලා නෑ. ඒවා ගැන උබලා හොයලා කියවලා බලපල්ලා.

මේකේ මම දකින වැදගත්ම කාරණය තමයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය මේ වගේ හොර ගෙඩියොන්ට කිසිම් හෙවිල්ලකින් තොරව නොමිලේ මාධ්‍ය ප්‍රචාරණ ලබා දෙනවා. මෙන්න ඒවාට උදාහරණ

1. කැලුම් වීරසිංහ නොහොත් ජීවක වෛද්‍යාචාර්ය තුමා. - ලංකාදීප
2. දොළුකන්දේ මගඩිය ගැන හැමෝම දන්නවනේ.
3. එතකොට විශ්ව ශක්ති හාමුදුරුවෝ- TNL
3. මයිත්‍රී බුද්ධා යැයි කියාගන්නා වදුරඹ සිරිවර්දන - TNL
4. රාගම දේවාලය- ස්වර්ණවාහිනිය
5. යක්කු බෝතල් වලට දාන ගුරා- ITN


තව ඕනිනම් ඔය පත්තර අරන් බලපන්. ඕනි තරම් හොයාගන්න පුළුවන්. දැන් තියන අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි එක එක ලෙඩ වලට පෙරේතයෝ, යක්කු බලපාන බව. මුන් කරන්නේ බුදුගුණ විකුනන් කන එක. අපේ ඉන්න මෝඩ මිනිස්සුත් මේ වට රැවටිලා ලෝක අමාරුවේ වැටෙනවා. ඒ නිසා මේ වගේ දේවල් ගැන හොයලා බලලා කටයුතු කරපල්ලා....
 

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    2. දොළුකන්දේ මගඩිය ගැන හැමෝම දන්නවනේ.
    meka mokadda ban"?pora monada kale?
     
    Jan 7, 2013
    182
    16
    0
    2. දොළුකන්දේ මගඩිය ගැන හැමෝම දන්නවනේ.
    meka mokadda ban"?pora monada kale?

    දොළුකන්දේ හාමුදුරුවෝ කියලා අර වැව් පිටින් පිරිත් පැන් බවට පත කලේ... අන්න එයා තමයි.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    රණ රාල;14959734 said:
    දොළුකන්දේ හාමුදුරුවෝ කියලා අර වැව් පිටින් පිරිත් පැන් බවට පත කලේ... අන්න එයා තමයි.

    එක මන් දන්නවා දැන් එයා කරපු මගඩිය මොකක්ද?:oo:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    රණ රාල;14959769 said:
    මිනිස්සුන්ගේ රත්තරන්, සල්ලි උස්සපු එක.... පොඩ්ඩක් හොයලා බලපන්.

    කිව්වට උබ දන්නෙත් නැනේ බං :rofl:
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මදු මදව නියම බෞද්ද සිංහල කොල්ලෙක් ගොඩක් සතුටු වෙනවා ඔබගේ අබියෝගය ගැන ඔබට තෙරුවන් සරණ තවද අමුදුරුවනේ බුදු දමට අගෞරව වෙන දේවල් කරන්න එපා .
     
    Jan 7, 2013
    182
    16
    0
    කිව්වට උබ දන්නෙත් නැනේ බං :rofl:

    ඇයි උබ දන්නවද? නිකන් පලයන් බන් යන්න. ඔය කියන හාමුදුරුවෝ ගැන උබ මොනාද දන්නේ? උබත් ඒ දවස වල ලෙඩ සනීප කරගන්න එයාගේ පිරිත් පැන් බිව්වද? දැන් සනීපද? :P
    ..................................
    උබට කතාව දැනගන්න ඕනි නම් මම හොයාගන්න තැනක් කියන්නම්... :P
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අනේ මාවත් ඉදවන්නකො පුටුවේ අලවාලා !

    ඕවගේ බලයන් තිබුනෙත් නැහැ අදත් නැහැ හෙටත් නැහැ කියලා තමයි මම හිතන්නේ !

    හැම ආගමකම තියෙන උඩින් ගියා, වතුර උඩ ගමන් කරා, දිව්‍ය ලෝකෙට ගියා, ලෝක විනාසයෙන් බේර ගත්තා කියන etc. කියන හැම එකක්ම ඒ ආගම් වල පොත් වල ලියවුනු සාහිත්‍ය කාරණා මිසක් ඇත්ත නෙමේ කියලා තමයි මගේ නම් විශ්වාසය...
    අනෙක් අය ගැන නම දන්නේ නැහැ

    ඇයි මිනිස්සු මේ බලවේග පස්සේ යන්නේ හැම ආගමේම තියෙන දර්ශනයේ තියෙන හොද දේවල් අනුව ජීවත් වෙන්නේ නැතුව ඒක අනුගමනය කරන්නේ නැතුව
    මොන ආගමේ හරි හොද දෙයක් තියෙනවනේ !

    දැන් මෙහේ දකුණු පළාතේ හාස්කම් තියෙන හොරුන්ට අනෙක් මිනිසුන්ට කෙලවිලා යන්න පොල් ගහන, මිරිස් අබරන සිනීගම දෙවලෙත් අයෙත් පාරක් පින් කැටේට වැඩේ දුන්නේ හොරු ටිකක්
    එතකොටත් දෙවොල් දෙවියෝ නිදා ගෙනද හිටියේ
     
    Last edited:
    Jan 7, 2013
    182
    16
    0
    sira siddiya mokadda ban

    ඔය video එක මචං ගිය සතියේ වගේ මට මතක විදිහට දාලා තිබුනේ. බැලුම් ගල වැඩසටහනින මේ ගුරුකම් සක්විති ගැන හෙළිකළේ ඊට කලින්.

    ඔය ගුරුකම් සක්විතිට මධු මාධව අරවින්ද අභියෝග කළා ඔය කියන තරම් එයා මන්ත්‍ර කාරයෙක් නම් මධු මධ්වව පුටුවකට තියලා අලවලා පෙන්නන්න කියල. ඒක කරලා පෙන්නනවා කියල තිබුනේ ඇඹිලිපිටිය මහජන ක්‍රීඩාංගනයේ. (දිනය අද හෝ හෙට මට මතක විදිහට).
    මේකෙදි සියලු දෙනාම, විශේෂයෙන්ම මධු මාධව කියලා තිබුනා මේ ගුරුකම් සක්විති බොරු කියලා මේකෙන් පෙනලා යන්න හදයි, ඒ නිසා එකට ඉඩ දෙන්න එපා කියලා.(මේ ගැන ලිපියක් ගිය සතියේ මව්බිම පත්තරේ තිබ්බා.)
    නමුත් කිව්වා වගේම බොරු කාරයා අභියෝගය භාරගන්නේ නැතුව පැනල ගියා. ඒ ගැන විස්තරේ තමයි මේ සතියේ මව්බිම පත්තරේ ඔය දාලා තියෙන්නේ.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    රණ රාල;14959836 said:
    ඇයි උබ දන්නවද? නිකන් පලයන් බන් යන්න. ඔය කියන හාමුදුරුවෝ ගැන උබ මොනාද දන්නේ? උබත් ඒ දවස වල ලෙඩ සනීප කරගන්න එයාගේ පිරිත් පැන් බිව්වද? දැන් සනීපද? :P
    ..................................
    උබට කතාව දැනගන්න ඕනි නම් මම හොයාගන්න තැනක් කියන්නම්... :P

    මන් නොදන්න නිසානේ උබෙන් ඇහුවේ...:rofl: උබ අහනවා මගෙන් දන්නවද කියලා..මරු පොරක්නේ හිකිස් :P
     
    Jan 7, 2013
    182
    16
    0
    මන් නොදන්න නිසානේ උබෙන් ඇහුවේ...:rofl: උබ අහනවා මගෙන් දන්නවද කියලා..මරු පොරක්නේ හිකිස් :P
    එතකොට උබ කොහොමද කියන්නේ මම නොදන්නවා කියලා. හික්ස්..මාරු පොරක්නේ උබ?:P
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    රණ රාල;14959967 said:
    එතකොට උබ කොහොමද කියන්නේ මම නොදන්නවා කියලා. හික්ස්..මාරු පොරක්නේ උබ?:P

    නොදන්න නිසානේ උබ මන් අහපු එකට උත්තරයක් නොදුන්නේ..:rofl: