ආයතනයක regulation මොකද්ද කියල තීරණය කරන්නේ ආයතන ප්‍රධානිය මිසක් ඒකෙ වැඩ කරන උන් නෙමේ.
හරි එහෙම circular එකක් නෑ කියල හිතමු හැබැයි ඔය ප්‍රශ්නෙ ආවම අධ්‍යාපන ඇමති කියනව අපි සාරිය, ඔසරිය වෙනස් කරන්ඩ තීරණයක් අරන් නෑ කියල. රාජ්‍ය ආයතනයක regulation වෙනස් කරන්ඩ බලය තියෙන්නේ මහජනතාවගෙ බලයෙන් පත්වුණු උන්ට මිසක් වෘත්තීය සමති වලට නෙවේ. ලංකාවෙ දැන් රාජ්‍ය පාලනය කරන්නෙ වෘත්තීය සමිති. railway එකේ එකෙක්ගෙ වැරැද්දකට විනය පියවර ගත්තහම උන් රටේම train නවත්තල වර්ජනය කරනව. මෙහෙම කරන්ඩ ලාල් කාන්තට, ජෝෂප් ස්ටාලින්ට කවුද බලය දුන්නෙ.
regulation එකක් වලංගු වෙන්ඩ ඒක ලිඛිතව තිබිය යුතුම නෑ. modern era එකෙ role model රටක් වෙන එංගලන්තෙ ලිඛිත ව්‍යවස්ථාවක් නෑ.එහෙ තාමත් රජ පවුලත් ඉන්නවා. මං කියන්නෙ අපිටත් 2500ක එකක් තියෙනව ඒක ආරක්ෂා කරන්ඩ ඕනෙ කියල එකක් නෙමේ.උන් අපිට වඩා හැම අතකින්ම දියුණුයි. ඒ හින්ද උන් ව්‍යවස්ථාව උල්ලංඝණය කරල කොයි එහෙම එකක් කොහෙවත් ලියල නෑනෙ කියල අහන් නෑ.
ගුරුවරු පිනට වැඩ කරනව නෙමේනෙ මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් වැටුපක් දෙනව. ඒකත් අරන් ඒ ආයතනය තුළ තියෙන regulation වලට අනුකූල වෙන්ඩ තරම් වත් ශික්ෂණයක් නැති උන් දරුවෙක් ශික්ෂණය කරන්ඩ සුදුසු නෑ. කවුරුත් කියන් නෑනෙ ගුරුවරුන්ට ගෙදරදිත් සාරි අදින්ඩ කියල උන්ගෙ පුද්ගලික ජීවිතේ හෙලුවෙන් හිටියත් කමක් නෑ. අනික සාරිය අමාරුයි වෙන ඇදුම් ලේසියි කියන ඒව පුද්ගලික කාරණා එකෙකුට ලේසි එකක් තව එකෙකුට අමාරු වෙන්ඩ පුලුවන්.
මට උගන්නපු ගුරුවරු නම් මට වඩා උඩ තැනක හිටියේ. උන් දිහා බලල තමයි මං මගේ ජීවිතේ හදා ගත්තෙ. අපි පාසලේ සිංදු කිය කිය නටද්දි අපේ ගුරුවරු අපිත් එක්ක නටන්ඩ ආවෙ නෑ. උන් කිව්වේ උබලට පාසලේ නටන්ඩ ඕනෙ නම් නැටුම් subject එක කරපන් නැත්තන් පලයව් පන්තියට කියල.