ගුරුවරිය පහර දී විදුහල්පති රෝහලේ
ගුරුවරිය පහර දී විදුහල්පති රෝහලේ
ගලේවෙල - මොහොමඩ් බුහාර්ඩීන්
පාසල් කාලය තුළ නිකරුනේ පන්ති කාමරයකට වී කල් මරමින් දුරකථන සංවාදයක යෙදී සිටි ගුරුවරියකට අවවාද කිරීමට ගිය විදුහල්පතිවරයකුට එම ගුරුවරිය විසින් පහර දීම හේතුවෙන් රෝහල්ගත වීමට සිදු වූ පුවතක් සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
මැල්සිරිපුර කොස්වත්ත කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එල්. ලයනල් මහතා සිය පාසලේ පන්ති කාමරවල අධ්‍යාපන කටයුතු සොයා බැලීමට ගිය අවස්ථාවේදී කල් මරමින් දුරකථන සංවාදයක යෙදී සිටි ගුරුවරියක දැක තිබේ. එය නතර කරන ලෙස කරන ලද අවවාදයෙන් උරණ වූ ගුරුවරිය මෙලෙස විදුහල්පතිවරයාට අතින් පයින් පහර දී බිමට ඇද දමා ඇතැයි පහර කෑමට ලක් වූ විදුහල්පතිවරයා ගොකරැල්ල පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෙම විද්‍යාලයේ 40 හැවිරිදි උප ගුරුවරියක ගොකරැල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ඊයේ (18 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

aio!!