ගුරුවරුන්ට කිසි දෙයක් දෙන්න ඕනි නැහැ!!!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ගුරුවරුන්ට කිසි දෙයක් දෙන්න ඕනි නැහැ!!!!

මේ ලගදි ගොසිප් සයිට් එකකට එක මෝල් වහන්සේ කෙනෙක් කමෙන්ට් එකක් දාල තිබ්බ ගුරුවරුන්ට කිසි දෙයක් දෙන්න ඕනි නැහැ එයාලා නිකන් ඉන්න රාජ්‍ය සේවකයෝ පිරිසක් කියලා. Budget එකෙන් ගුරුවරුන්ට මරුටියක් දෙන්න යනවා කියලා රාවයක් ගියානේ. ඒකට කමෙන්ට් කරලයි ඌ එහෙම කියල තිබ්බේ.



මට එක පාරටම මතක් වුනේ සුනිල් එදිරිසිංහ මහත්තයාගේ "පැන මඩ කඩිති" කියන සිංදුවත් මගේ මුල්ම ඉස්කෝලේ බාලාංශ පන්තියේ හිටපු මිසුත්. බාලාංශ පන්තියේ හිටපු අපේ ඒ මිස්ට සම කරන්න පුළුවන් අපේ අම්මව විතරයි. අඩන ලමයින්ව නළවන්න එයා තරම් දක්ෂයෙක් හිටියේ නැහැ, ඒ තරම්ම ළමයින්ට ආදරෙයි. ඒ මිස් හැමදාමත් බඩගින්නේ ඉන්නේ ඇත්තේ එයා ගේන කෑම එක කෑම නොගෙනාව ලමයින්ට බෙදලා දුන්න එකමයි කලේ. ඒ කාලේ පෙර පාසල් තිබුනේ නැහැ, ඒත් බාලාංශයෙන් පාස් වෙලා එකේ පන්තියට යනකොට හැම කෙනෙක්ම සැලකිය යුතු දෙයක් දැනන් හිටියා. මම ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ එනකන්ම ඉස්කෝලේ කියන්නේ මගේ දෙවෙනි ගෙදර කියලයි මම හිතන් හිටියේ.

අර සිංදුවේ වගේම අපි ඉස්කෝලේ ගියේ ඇල පාරවල් තරණය කරමින්. ඒ කාලේ අවුරුද්දක් විතර යනකන්ම අම්මා පස්සෙන් ඇවිත් ඔය ඇල පාරෙන් එගොඩ කරලයි ආපහු ගියේ. එතන ඉදන් ඉස්කෝලෙට ගියේ ගුරු පාර දිගේ යන ලමයි කාණ්ඩ වලට වලට එකතු වෙලා මග දිගේ තියෙන කිරි ලාවුළු,ගල් අන්නාසි, කිරිල්ල, ගදපාන, චීන, දන් වගේ කැලෑවට හැදෙන ගඩා ගෙඩි කඩ කඩා.

ඒත් අද ඔක්කොම දේවල් වෙනස් වෙලා. පයින් යන ලමයි බේතකටවත් හොයාගන්න නැහැ. සමහර ඉස්කෝල වල මිස්ගේ කෑම ලමයින්ට දෙනවා තියා පොඩි පංති වල ලමයි ගේන කෑමවත් එකිනෙකා අතර බෙදාගෙන කන්න දෙන්නේ නැත්තේ දෙමව්පියන්ගේ කම්ප්ලේන්ට්ස් හින්දලු. ඒ වගේම තමයි ලමයි සහ ගුරුවරු අතර පරතරය අහසට පොලව වගේ, හැම දෙයක්ම යාන්ත්‍රික වෙලා. ලමයි අතර ලොකු තරගයක් පොඩි කාලේ ඉදන්ම ශිෂ්‍යත්වේ පාස් වෙන්න, ලොකු ඉස්කෝලෙකට යන්න. එහෙම පරිසරයක අර වගේ කමෙන්ට් දකින්න ලැබීම අරුමයක් නෙවෙයි.
 
Last edited:
  • Like
Reactions: bohokal and Tarzon

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගුරුවරුන්ට කිසි දෙයක් දෙන්න ඕනි නැහැ එයාලා නිකන් ඉන්න රාජ්‍ය සේවකයෝ පිරිසක් කියලා.


    මෙහෙම කියන උන් අම්මට තාත්තටවත් සලකන්නේ නැහැ . උන්ගෙන් රරට ඇති වැඩකුත් නැහැ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,265
    25,006
    113
    tracing Geo-location.. ... ...
    ගුරුවරු තමයි හැමදාම තමන්ට වඩා \ඉහලට යන පිරිසක් බිහි කරලා එකම තැන ඉඳල සතුටු වෙන අය.. ඔය කෑගහන කිසිම වැඩ්ඩෙක් බිහිවෙන්නේ නෑ ගුරුවරු නැත්නම්.. ගුරුවරු කියන්නේ අම්ම තාත්තට පස්සේ අපේ සාර්ථකත්වය අවන්කවම අපේක්ෂා කරන එකම පිරිස.. දැන් ඉන්න ළමයි හිතන් ඉන්නේ ඉස්කෝලේ ගුරුවරු චාටර් කියල.. ඇයි උගන්නලා 3000, 5000 ෆීස් ඉල්ලන්නේ නෑනේ.. ඒ උනාට ටියුෂන් class එකක අන්තිම දවසේ ගිහින් බලපන්කො වඳින වැදිලියි අඬන ඇඬිලියි.. ඒ ගුරුවරුන්ට දෙවියන්ට වගේ සලකනවා නම් උබලගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී උගන්නන ඉස්කෝලේ ගුරුවරුන්ටත් ගරු කරපල්ලා.. උබලගේ මොකුත් අඩු වෙන්නේ නෑ..:angry::angry:
     
    • Like
    Reactions: maxboysl

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    igena gaththa ekek kawadawath ohoma kiyanne ne ban. api ada thanaka innawa nam ae ape guruwaru saha demawpiyan hinda. oya sinduwata math patta asai.

    Pana_Mada_Kadithi_Sunil_Edirisinghe.jpg
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ටියුෂන් ගැන කිව්වාම මතක් වුනේ, ඒ කාලේ A/L ක්ලාස් ගියේ සසෙක්ස් එකට. බන්දුල ගුනවර්ධන සර් තමයි ඉකෝන් උගන්වන්නේ. ඒ ක්ලාස් එකේ සෑහෙන පිරිසක් හිටියා ෆ්‍රීකාඩ් අරගෙන ටියුෂන් වලට සතයක් වත් නොගෙවා ඉගෙන ගත්ත අය, එහෙම එකෙක් ඊයේ පෙරේදා හම්බ වුනා. ඌ දැන් චාර්ටඩ් එකවුන්ටන්ට් කෙනෙක්, ඒ කාලේ සෑහෙන කට්ටක් කාලා ඉගෙන ගත්ත එක ගැනත් බන්දුල මහත්තයාගේ දේශපාලනේ මොකක් වුනත් ඒ කාලේ කරපු අර වගේ හොද වැඩ ගැනත් ඌට අමතක නැහැ තවම...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :( Jeevitheta dawasak hari ugannapu guruwarayektawath thaman giya iskoletawath garahanna hoda ne ban. mama nam iskole yaddi alawal welawal pahu karala ne, hebei ape Montessori ekata giye nam wel niyarawal udin, mata hodata mathakai wahu petiyek athaganna gihin payin parak kapau ekai 1wasarata giyata passe dawasaka Montessori ekeata adi shishshyayek hetiyata giya ekai :D

    moka unath gura deviyeki....