http://biz.adaderana.lk/ගුවන්-තැපෑලෙන්-එන්න-තිබූ/
ගුවන් තැපෑලෙන් එන්න තිබූ පාර්සල් 42,000 ක් නැවෙන් ඇවිත් වතුර වැදී ඇඩ්රස් මැකිලා. අයිතිකරුවන් සොයා ගන්න විදියක් නැහැ – ඇමති බන්දුල
ගුවන් තැපෑල හරහා මෙරටට එවීමට තිබූ තැපැල් පාර්සල් තොගයක්, නැව් මගින් කන්ටේනර් මාර්ගයෙන් එවීම හේතුවෙන් ඒවා වතුරට හසුවී යා යුතු ලිපින මැකී ගොස් ඇති බවත්, එැබැවින් ඒවායේ අයිතිකරුවන් සොයාගත නොහැකි තත්ත්වයක් පැන නැඟී ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (18) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය
