ගුවන් තොටුපොළ විවෘත වේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා තැබුණු කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි.

    එළෙස ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ මාස 10කට පසුවය.

    සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සංචාරකයින්ට දිවයිනට පැමිණිමට අද සිට අවස්ථාව හිමිවන බව ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කළේය.

    ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමග දිවයිනට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් විශේෂිත සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රකාශයට පත්කර ඇති අතර සංචාරකයින් හරහා කොවිඩ් රට තුළට පැමිණීම වළක්වාලීම සඳහා ආරක්ෂිත ක්‍රමවේද රැසක් හඳුන්වා දී තිබේ.

    කොවිඩ් පළමු රැල්ලේ ව්‍යාප්තියත් සමග ඉකුත් වසරේ මාර්තු 17වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමුණි.

    ඒ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වූ අතර කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වූයේ නැහැ.

    එහෙත් මාස 10කට පසු සංචාරකයින් සඳහා අද මෙරට ගුවන් තොටුපොළ යළි විවෘත කෙරුණේ පනස්පන්දහසක් පමණ ආසාදිතයින් සහ 274 ක් වූ මරණ වාර්තා වන අභියෝගාත්මක පසුබිමකය.

    ‍කෙසේවෙතත් පැමිණෙන සංචාරකයින් සහ ගුවන් තොටුපළට පැමිණෙන ‍සෙසු මගීන් වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක්ද එහිදී සකස් කර තිබේ.

    ඒ අනුව පැමිණෙන සියලුම මගීන්ගේ මෙන්ම සේවකයින්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ගුවන්සේවා හා අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කළේය.

     
    • Like
    Reactions: NRTG and hodakolla

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේක දිගටම වහන්න බෑ.ඒකෙන් හුගක් අයට කරදරයි.ඒක නිසා ඇරපු එක හොඳයි.හුගක් බිස්නස් කඩාගෙන අවෙ‍ටුනා වහපු එකෙන්.ලංකාවේ කොහොමත් කොරොනා ගාන මිලියනය පනිනවා .වැක්සින් ගහන්න එන අවුරුද්ද වෙනකම් බලාගෙන ඉන්න වෙනවා.තව මාස 12ක් තියෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,593
    113
    Dan itin maraganiy touristla pick karanna.sahenna wali yay iasarahata
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දැන් ඉතින් නව ප්‍රබේද ලස්සනට ලංකාවට රින්ගන්න ඉඩ තියනවා.. respect sir

    බැසිල්ට වෙෙරස් ටෙස්ට් කරන්නත් ඵපැයි..අනික් රටවල් ban කරන්නෙ බැසිල් වගේ මොළකාරයෝ ඒ රටවල නැති හින්ද වෙන්න අැති..:D

    cIUW42d.png
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    Dan itin maraganiy touristla pick karanna.sahenna wali yay iasarahata
    ලංකාව ටිකට් මිලකලින් ගානට දැම්මේ නැත්නම් දිගටම නිරෝදන ගොන් පාට් කරොත් මොන ‍ටුවරිස්ට් කෙනෙක්වත් එන එකක් නෑ.
     
    • Like
    Reactions: 89mora

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වෛරස් එකත් දැන් කිරිපණු ගාය වගේ...
    තියෙන එකා නැති එකා හොයන්න බෑ. තියෙන එකා කියන්නෙත් නෑ.
    අපි අතරම ඕන තරං ආසාදිතයො ඉන්න පුලුවන්.

    එහෙවු එකේ ඉතිං ඕක ඇරිය කියල ලොකු වෙනසක් වෙන්නෙ නෑ. අලුත් එකත් කොයි වෙලේ හරි එයි.
    ඒවට හැඩගැහිල තමුන් පරිස්සම් වෙලා ඉන්නයි තියෙන්නෙ.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    දැන් වහගෙන ඉඳලා ඔය කොරේ! ඇරලා තිබ්බා නං රටට අදායමක් හරි එන්න තිබ්බා. දැන් දෙකම නෑ. කෙලවිලම ගියා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    අනිවාර්යෙන්ම Airport අරින්න ඕනේ Airport වහගෙන ඉදලා වයිරස් වලින් බේරෙන්න බැහැ 🤩🤩

    එන වයිරස් වහල තිබ්බත් එනවා ඇරලා තිබ්බත් එනවා 🤣
     
    • Like
    Reactions: 89mora

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    එන වයිරස් වහල තිබ්බත් එනවා ඇරලා තිබ්බත් එනවා 🤣

    ඒකනම් අැත්ත බ්‍රැන්ඩික්ස් වගේ වෙෙරස්..
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    වෛරස් එකත් දැන් කිරිපණු ගාය වගේ...
    තියෙන එකා නැති එකා හොයන්න බෑ. තියෙන එකා කියන්නෙත් නෑ.
    අපි අතරම ඕන තරං ආසාදිතයො ඉන්න පුලුවන්.

    එහෙවු එකේ ඉතිං ඕක ඇරිය කියල ලොකු වෙනසක් වෙන්නෙ නෑ. අලුත් එකත් කොයි වෙලේ හරි එයි.
    ඒවට හැඩගැහිල තමුන් පරිස්සම් වෙලා ඉන්නයි තියෙන්නෙ.
    කොරොනා තියෙනවා කීවාම මොන ගුබ්බෑයමකට ගිහින් දායිද දන්නේ නෑ.ඒක නිසා මිනිස්සු ටෙස්ට් වලට එන්නේ නෑ.අනිත් එක ගෙදර වුනත් බලෙන් නිරොදනය කරාම කන්න ගෙනෙල්ලා දෙන්න ක්‍රමයක් නැතිනම් බඩගින්නේ මැරෙන්න වෙනවා.හුගක් අයට ජොබ් එක නැතුව බෑ.මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසදුමක් නැත්නම් නිරෝදනය නොකර ඉන්න එක තමයි කරන්න ඕන