චීනයේ හැෂෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට දකුණු කොරියාවේ ඉන්චියෝන් ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබූ Air Cina ගුවන් යානයක මගී ගමන් මලුවල තිබූ ලිතියම් බැටරියක් හදිසියේ ගිනි ගැනීමට ලක්ව තිබේ.සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර ගුවන් ගමන් ආරක්ෂාව සහතික කිරීම සඳහා යානය ෂැංහයි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබැස්වීමටද බලධාරීන් කටයුතු කර ඇත.