ගුවන් යානය වහළත් අරන්ම යයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_82f1e9c181.gif


    (ටී.කේ.ජී.කපිල)

    කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීම සදහා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් , හදිසියේම යළිත් ඉහළට එසවීම නිසා පහළින් තිබූ නිවාස සහ දේපොළ රැසක් විනාශ වී ඇතැයි මීගමුව දිසාගෙවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෝ පවසති.

    ගුවන් යානයෙන් ආ අධික පීඩනයත් සමග ඇති වූ නිවසවල වහළට මෙන්ම ගස් කොලන්ද කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

    සිංගප්පූරුවේ සිට පියාසර කළ මෙම ගුවන්යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි අවස්ථාවේ ගුවන් යානය වඩා පහළ මට්ටමකින් පියාසර කිරීමනිසා ගුවන් නියමුවා එම ගුවන් යානය ඉහළට ඔසවා ඇත.

    ඒ අවස්ථවේ මෙම යානයේ ඇංජින් නිකුත් වන අධික ශබ්දය සමග පසුපසට සිදු වන වායු තෙරපුම නිසා මෙම දැඩි සුළං තත්වය ඇති වී තිබෙනවා .

    මෙම යානය තුළ මගීන් 292 ක් සහ කාර්යය මණ්ඩලය 12 ක් ගමන් කර ඇති අතර එහි එක් ඇංජිමක අශ්ව බල 75,000 ක පමණ ධාරිතාවයක් ඇතැයි කියති . එවැනි ඇංජින් දෙකක් මේ ගුවන් යානයට තිබේ.

    ගුවන් යානය පාහළට පැමිණිමත් සමග මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් යානය ඉහළට ඔසවා ඇති අතර ඔහුගේ එම සේවය ඇගැයීමකට ලක් කර ඇත.

    අපි මේ පිළිබඳ කටාන පොලිසියට සහ කටුනායක ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට ලිඛිතව දැනුම් දුන් බව ගම්වාසීහු පවසති.

    මෙම සිදුවීම නිසා දාගොන්න ගොඩැල්ල ඇතුන් නෑවූ තොටුපොළේ සිට කඩවල මංගලාරාම විහාරස්ථානය දක්වා කිලෝ මීටර් 05 ක පමණ ප්‍රදේශයක පිහිටි දේපොළ සහ නිවාස ආපදාවකට ලක් වී ඇතැයි කියති.

    අපදාවට ලක් වූ පිරිසට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් පිසූ ආහාර ලබා දීමට පියවර ගෙන තිබුණි .
    image_61c69e0211.gif


    image_e125de5ac9.gif


    image_a17e14b511.gif
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    සු.පි.රි

    අඩේ එච්චර දෙයක් පුලුවන්ද බං ප්ලේන් එකකට 🙄🙄
    ස්ටාට් කරනකොට ඇන්ජිම ඉස්සර ඉදපන් කෝ සුපිරි අත්දැකිමක් ලබාගන්න පුලුවන් හැබැයි එකපාරයි හරිද
    ------ Post added on Jul 18, 2023 at 9:05 PM
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    දැන් ඉතින් පොලීමට එයි සල්ලි ඉල්ලගෙන😂 km 5 යනකං කැඩිලා කියන එක නම් පට්ට පල් බොරුවක්. අපේ උන් බලන්නෙ නිකං ගන්න. අර සාලාව ආයුට ගබඩාව ගිණි ගත්තම වටේ පිටේ උන්ගෙ ගෙවල් කැඩුනා කියලා ආධාර ඉල්ලුවා😂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    අඩේ එච්චර දෙයක් පුලුවන්ද බං ප්ලේන් එකකට 🙄🙄
    turbine එකකට මිනිහෙක් ඇදල ගන්න පුළුළුන් බන්. ඒ තරම් air compress වෙනවා. පට්ට vacuum එකක් තියෙන්නෙ.