ගුවන්_යානය_ආපසු_හරවා_ඇති_බවට_සැකයක්
ගුවන් යානය ආපසු හරවා ඇති බවට සැකයක්
අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 9 ඉරිදා - 12:30 GMT
අතුරුදහන් වී තිබෙන මැලේසියානු ගුවන් යානයෙන් අවසන් වරට ලැබුණු රේඩාර් සඥා වලට අනුව යානය ආපසු හැරවීමක් සිදු කර ඇති බවට මැලේසියානු බලධාරීහු සැක පහළ කරති.යානය සොයා සිදු කෙරෙන මෙහෙයුම් තව දුරටත් පුළුල් කර ඇති බවයි වාර්තා වන්නේ. සොරා ගත් විදේශ ගමන් බලපත් යොදා ගනිමින් යානයට ගොඩ වී ඇති දෙදෙනා හඳුනා ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අවසන් වරට ගමන් ගත් පථය
එම දෙදෙනා ගුවන් ටිකට් පත් ලබා ගෙන ඇත්තේ එකම වේලාවේදී බව මෙතෙක් කර ඇති පරීක්ෂණවලින් හෙළි විය.මගීන් 239 ක් සිටි මැලේසියානු ගුවන් සේවයට අයත් මෙම යානය සෙනසුරාදා අතුරුදහන් වූයේ ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා යද්දී.
අතුරුදහන් වූ යානය පිළිබඳව තොරතුරු සෙවීම සඳහා ගුවන් යානා විසි දෙකක් සහ නැව් හතළිහක් යොදවා ඇති බව මැලේසියානු බලධාරීහු පවසති.