ශ්රී ලංකා ගුවන් හමුදාව සඳහා එම්. අයි - 17 වර්ගයේ හෙළිකොප්ටර් යානා හයක් රැගත් දැවන්ත ඇන්ටනෝව් - 124 ප්රවාහන යානා දෙකක් කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත.
මෙම එම්. අයි. 17 හෙළිකොප්ටර් සමග රුසියානු ඉංජිනේරුවන් හා තාක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් ද මෙරටට පැමිණ තිබේ.
රුසියාව විසින් ශ්රී ලංකා රජයට සැපයූ ඩොලර් මිලියන 350 ක් ණය මුදල යටතේ එම්. ආයි. 17 හෙළිකොප්ටර් 14 ක් ශ්රී ලංකාවට සැපයේ.
මෙරටට ගෙන ආ එම්.අයි. 17 හෙළිකොප්ටර් යානා හයෙන් දෙකක් ප්රභූ සේවාව සඳහා යොදවන අතර එම යානා චන්ද්රිකා දුරකථන පද්ධතියකින්ද සමන්විත වේ.
divaina





