ගුවනින්_ශ්‍රී_පාදයට
ශ‍්‍රි පාද මළුවේ දැනට ඇති දොළොස්මහේ පහන වෙනුවට කිලෝ 7613 ක බරකින් යුත් තනි කළු ගලින් නිමකළ අංග සම්පුර්ණ ශෛලමය දොළොස්මහේ පහනක් ස්ථාපිත කිරිම සඳහා නල්ලතන්නියේ ලක්ෂපාන ක‍්‍රීඩාංගණයේ සිට ශ‍්‍රි පාද මළුව දක්වා ගුවන් හමුදාවේ MI - 17 හෙලිකොප්ටර් යානයකින් එම දොළොස්මහේ පහන අද(02) පෙරවරුවේ රැගෙන යන ලදී. ශ‍්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්ම දින්න නායක ස්වාමින් වහන්සේගේ සංකල්පයක් අනුව මෙම නව දොළොස්මහේ පහන ශ‍්‍රි පාද මළුවේ ස්ථාපිත කිරිමට කටයුතු කර තිබුණි. මේ අතර ශ්‍රී පාදස්ථානයේ අලුත් වැඩියා කටයුතු හේතුවෙන් අද(02) සිට එළඹෙන ඉරිදා දින දක්වා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ ශ්‍රී පාද වන්දනාවේ නොපැමිණෙන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් සඳහන් කළේය.
අද සිට ඉරිදා දක්වා ශ්‍රී පාදයේ යන්න එපා
අද(02) සිට ජනවාරී මස 5 වන දින දක්වා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ ශ්‍රී පාද වන්දනාවේ නොයෙදෙන ලෙස ශ්‍රී පාද ස්ථානාධිපති හිමියන් පවසයි.
අලුත් වැඩියා කටයුතු හේතුවෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට දුෂ්කරතාවයන් වලට මුහුණ පෑමට සිදුවන බැවින් මෙලෙස මෙම ඉල්ලීම කළ බව සඳහන් වෙයි.
Source : Derana

Last edited: