ගුවනේ දැවැන්තයෝ-2
මේ ඉදිරිපත් කරන්න යන්නේ "ගුවනේ දැවැන්තයෝ" ලිපියේ දෙවන කොටසයි.20 වන සියවස යනු අරුම පුදුම ගුවන් යානා රැසක් නිර්මාණය වූ කාල සමයකි.එසේම ඒ කාලයේ නිපදවූ සමහරක් යෝධ ගුවන් යානා විශ්මය ජනක විය.ඉන් සමහරක් එක් වරක් පමණක් භාවිතා කර ඉවතදමන්නටද සිදුවිය.
පහත දැක්වෙන්නේ ඩොමියර් ඩූ එක්ස්(Dornier Do X) නම් දැවැන්ත ජර්මන් ගුවන් යානයයි.ජලයේ සිට ගුවන් ගතවන සහ ජලය මතට ගොඩබෑ හැකි ලෙස නිර්මාණය කර තිබේ.1929 වසරේදී නිපද වූ මෙය ජර්මන් බසින් Flugschiff නමින් හඳුන්වා තිබේ(පියාඹන නෞකාව).මෙහි සියගණනක් මඟීන් ගෙන යා හැකිවිය.Dornier Do X ගුවන් යානයේ එන්ජින් 12ක් තිබිණි.
Dornier Do X
බ්‍රිතාන්‍ය ගුවන් යානයක් වන මෙය ටැරන්ට් ටබර්(Tarrant Tabor) නමින් හැඳින්වීය.පලමු ලෝක යුද සමය අවසානයේදී නිපද වූ මෙම යානය බෝම්බ හෙළීමේ පරමාර්ථයෙන් නිපදවා තිබේ.නමුත් එහි පලමු ගුවන් ගමනේදී කඩා වැටුණි.එහි එන්ජින් සවිකර තිබුණේ පියාපත්වලට බොහෝ ඉහළින් නිසා මෙම තත්ත්වයට මුහුණ පෑබව කියවේ.
Tarrant Tabor
1940 දශකයේ මුල් කාලයේ නිර්මාණය කල ගුවන් යානා සංකල්ප
මගී ගුවන් යානයක් වන මෙය Saunders-Roe Princess නමින් හඳුන්වයි.මෙය ජලයේ සිට ගුවන් ගතකල යානයකි.1952 වසරේදී පලමු ගුවන් ගමන සිදුකල මෙම යානය මෙතෙක් කාලයකට නිපදවු විශාලතම ලෝහමය පියාඹන බෝට්ටුවයි.නමුත් යානය සේවය එක් කරගත්තේ නැත.
Saunders-Roe Princess
බාර්බසන්(Bristol Type 167 Brabazon) යනු බ්‍රිස්ටල් ගුවන් යානා සමාගම සැලසුම් කල යානයකි.මෙය නිර්මාණය කලේ එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය අතර ගුවන් ගමන් සිදු කිරීමටය(අත්ලාන්තික් සාගරය හරහා).1949 වසරේදී හඳුන්වා දුන් මෙය 1953 වසරේදී විශ්‍රාම ගන්වන ලදි.මෙයට මගීන් 100 රැගෙන යා හැකිවිය.
කන්වෙයර් එක්ස්සී-99(Convair XC-99) නමින් හැඳින්වූ මෙම යානය එක්සත් ජනපද ගුවන් හමුදාව වෙනුවෙන් නිර්මාණය කල එකකි.ලොව මෙතෙක් නිපදවා තිබෙන පිස්ටන් එන්ජින් සහිත ගොඩබිම සිට ගුවන් ගත විය හැකි විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මෙයයි.XC-99 යානය 1947 වසරේදී හඳුන්වා දුන් අතර 1957 දී විශ්‍රාම ගන්වන ලදි.එහි තට්ටු අතර භාණ්ඩ ගෙන යාමට සෝපානයක් සවි කර තිබිණි.මෙම XC-99 යානය බී-36(B-36) බෝම්බ හෙළන යානයේ සංස්කරණයක් යැයි සැලකේ.
එක්සත් ජනපදයට ඉහළින් හමුදාමය නොවන සුපර්සොනික් ගුවන් යානා ගමන් කරන්නට ඉඩක් නැත.පහත දැක්වෙන්නේ රුසියාව,එංගලන්තය සහ එක්සත් ජනපදය යන රටවල නිපදවූ අතිධ්වනි මගී ගුවන් යානාවල සංසන්දනයකි.
පහත දැක්වෙන්නේ කොන්කෝඩ් අතිධ්වනි මගී ගුවන් යානයේ නියමු කුටියයි.
බ්ලැක්බර්ඩ් එස් ආර්-71(Blackbird SR-71) යනු සාර්ථක හමුදාමය අතිධ්වනි ගුවන් යානයකි.මිනිසෙක් සහිතව ඉහළම වේගයෙන් ගමන් කල ගුවන් යානය ලෙස එය වාර්තාවක් තබා ඇත.1966 වසරේදී හඳුන්වා දුන් මෙය 1990 දශකයේ අග භාගය වන තෙක් එක්සත් ජනපද ගුවන් හමුදාව භාවිතා කර තිබේ. Blackbird SR-71 යානයට පැයට කිලෝමීටර් 3540 වේගයකින් වැඩි වේගයකින් පියාසර කල හැකි අතර එය ස්ටෙල්ත් වර්ගයේ යානයකි.1960 මැයි මස 1දා සෝවියට් හමුදාව ඔවුන්ගේ ගුවන් අවකාශයට ඇතුලුව සිටි එක්සත් ජනපදයේ යූ-2(U-2) ඔත්තුබලන යානයක් බිම හෙළන ලදි.මේ නිසා එක්සත් ජනපදයේ ලොක්හීඩ් සමාගම යූ-2 යානයට වඩා පස්ගුණයක් වේගවත් සහ ඊට වඩා ඉහළින් ගමන් කල හැකි ගුවන් යානයක් නිපදවන්නට ක්‍රියා කලහ(මෙම යානයට ඔබේ මෝටර් රථයේ බලපත්‍ර අංකය පවා ඡායාරුප ගත කල හැකිය).
Blackbird SR-71
බ්ලැක්බර්ඩ් එස් ආර්-71 යානා නිර්මාණය කරන අයුරු දැක්වෙන දුර්ලභ ඡායාරූප කිහිපයක්
සමහරක් ගුවන් යානා සංකල්ප
න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ එන්එක්ස්- 2(NX-2) යානය
T-4MS
ටී-60එස්(T-60S) යානය සෝවියට් දේශය සැලසුම් කල මධ්‍යම පරාසයේ බෝම්බ හෙළන යානයකි.
Source: Darkroastedblend.com
-HarshaLulzSec-

Dornier Do X යානය ඇතුලත

Convair XC-99

අතිධ්වනි මගී ගුවන් යානා

NX-2
1960 දශකයේ අග භාගයේ සෝවියට් දේශය විසින් නිර්මාණය කල සුකොයි ටී-4එම්එස්(Sukhoi T-4MS) උපාය මාර්ගික බෝම්බ හෙළන යානය
T-4MS
ටී-60එස්(T-60S) යානය සෝවියට් දේශය සැලසුම් කල මධ්‍යම පරාසයේ බෝම්බ හෙළන යානයකි.
T-60S
මෙම යානය බොයින් සමාගම නිපදවූ Boeing 747 Dreamlifter නම් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි.2007 වසරේ හඳුන්වා දී තිබේ.
Boeing 747 Dreamlifter
තුන්වන කොටසින් හමුවෙමු
Source: Darkroastedblend.com
-HarshaLulzSec-

ඒක නම් හොඳයි වගේ.