ගුවනේ දැවැන්තයෝ-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ගුවනේ දැවැන්තයෝ-2

    lUrRXx5.jpg

    මේ ඉදිරිපත් කරන්න යන්නේ "ගුවනේ දැවැන්තයෝ" ලිපියේ දෙවන කොටසයි.20 වන සියවස යනු අරුම පුදුම ගුවන් යානා රැසක් නිර්මාණය වූ කාල සමයකි.එසේම ඒ කාලයේ නිපදවූ සමහරක් යෝධ ගුවන් යානා විශ්මය ජනක විය.ඉන් සමහරක් එක් වරක් පමණක් භාවිතා කර ඉවතදමන්නටද සිදුවිය.


    පහත දැක්වෙන්නේ ඩොමියර් ඩූ එක්ස්(Dornier Do X) නම් දැවැන්ත ජර්මන් ගුවන් යානයයි.ජලයේ සිට ගුවන් ගතවන සහ ජලය මතට ගොඩබෑ හැකි ලෙස නිර්මාණය කර තිබේ.1929 වසරේදී නිපද වූ මෙය ජර්මන් බසින් Flugschiff නමින් හඳුන්වා තිබේ(පියාඹන නෞකාව).මෙහි සියගණනක් මඟීන් ගෙන යා හැකිවිය.Dornier Do X ගුවන් යානයේ එන්ජින් 12ක් තිබිණි.


    IdGg0Xe.jpg


    bqxqLL5.jpg


    JEXpvpX.jpg
    Dornier Do X යානය ඇතුලත​


    1ShfMY3.jpg

    Dornier Do X




    බ්‍රිතාන්‍ය ගුවන් යානයක් වන මෙය ටැරන්ට් ටබර්(Tarrant Tabor) නමින් හැඳින්වීය.පලමු ලෝක යුද සමය අවසානයේදී නිපද වූ මෙම යානය බෝම්බ හෙළීමේ පරමාර්ථයෙන් නිපදවා තිබේ.නමුත් එහි පලමු ගුවන් ගමනේදී කඩා වැටුණි.එහි එන්ජින් සවිකර තිබුණේ පියාපත්වලට බොහෝ ඉහළින් නිසා මෙම තත්ත්වයට මුහුණ පෑබව කියවේ.

    mdeL8u7.jpg


    FSoNPdN.jpg

    Tarrant Tabor




    1940 දශකයේ මුල් කාලයේ නිර්මාණය කල ගුවන් යානා සංකල්ප

    YNHVdxW.jpg




    මගී ගුවන් යානයක් වන මෙය Saunders-Roe Princess නමින් හඳුන්වයි.මෙය ජලයේ සිට ගුවන් ගතකල යානයකි.1952 වසරේදී පලමු ගුවන් ගමන සිදුකල මෙම යානය මෙතෙක් කාලයකට නිපදවු විශාලතම ලෝහමය පියාඹන බෝට්ටුවයි.නමුත් යානය සේවය එක් කරගත්තේ නැත.

    kIXRkVI.jpg


    7We9UaL.jpg

    Saunders-Roe Princess




    බාර්බසන්(Bristol Type 167 Brabazon) යනු බ්‍රිස්ටල් ගුවන් යානා සමාගම සැලසුම් කල යානයකි.මෙය නිර්මාණය කලේ එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය අතර ගුවන් ගමන් සිදු කිරීමටය(අත්ලාන්තික් සාගරය හරහා).1949 වසරේදී හඳුන්වා දුන් මෙය 1953 වසරේදී විශ්‍රාම ගන්වන ලදි.මෙයට මගීන් 100 රැගෙන යා හැකිවිය.

    HElz7cE.jpg


    xirQ1gT.jpg
    Convair XC-99​




    කන්වෙයර් එක්ස්සී-99(Convair XC-99) නමින් හැඳින්වූ මෙම යානය එක්සත් ජනපද ගුවන් හමුදාව වෙනුවෙන් නිර්මාණය කල එකකි.ලොව මෙතෙක් නිපදවා තිබෙන පිස්ටන් එන්ජින් සහිත ගොඩබිම සිට ගුවන් ගත විය හැකි විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මෙයයි.XC-99 යානය 1947 වසරේදී හඳුන්වා දුන් අතර 1957 දී විශ්‍රාම ගන්වන ලදි.එහි තට්ටු අතර භාණ්ඩ ගෙන යාමට සෝපානයක් සවි කර තිබිණි.මෙම XC-99 යානය බී-36(B-36) බෝම්බ හෙළන යානයේ සංස්කරණයක් යැයි සැලකේ.

    AU1Xhgg.jpg


    VYzGqy1.jpg


    5EI5unk.jpg


    g4xEg7l.jpg


    X8PhrMX.jpg
    Convair XC-99​





    අතිධ්වනි මගී ගුවන් යානා

    එක්සත් ජනපදයට ඉහළින් හමුදාමය නොවන සුපර්සොනික් ගුවන් යානා ගමන් කරන්නට ඉඩක් නැත.පහත දැක්වෙන්නේ රුසියාව,එංගලන්තය සහ එක්සත් ජනපදය යන රටවල නිපදවූ අතිධ්වනි මගී ගුවන් යානාවල සංසන්දනයකි.

    m8MrVQG.jpg





    පහත දැක්වෙන්නේ කොන්කෝඩ් අතිධ්වනි මගී ගුවන් යානයේ නියමු කුටියයි.

    7cHYBhG.jpg




    බ්ලැක්බර්ඩ් එස් ආර්-71(Blackbird SR-71) යනු සාර්ථක හමුදාමය අතිධ්වනි ගුවන් යානයකි.මිනිසෙක් සහිතව ඉහළම වේගයෙන් ගමන් කල ගුවන් යානය ලෙස එය වාර්තාවක් තබා ඇත.1966 වසරේදී හඳුන්වා දුන් මෙය 1990 දශකයේ අග භාගය වන තෙක් එක්සත් ජනපද ගුවන් හමුදාව භාවිතා කර තිබේ. Blackbird SR-71 යානයට පැයට කිලෝමීටර් 3540 වේගයකින් වැඩි වේගයකින් පියාසර කල හැකි අතර එය ස්ටෙල්ත් වර්ගයේ යානයකි.1960 මැයි මස 1දා සෝවියට් හමුදාව ඔවුන්ගේ ගුවන් අවකාශයට ඇතුලුව සිටි එක්සත් ජනපදයේ යූ-2(U-2) ඔත්තුබලන යානයක් බිම හෙළන ලදි.මේ නිසා එක්සත් ජනපදයේ ලොක්හීඩ් සමාගම යූ-2 යානයට වඩා පස්ගුණයක් වේගවත් සහ ඊට වඩා ඉහළින් ගමන් කල හැකි ගුවන් යානයක් නිපදවන්නට ක්‍රියා කලහ(මෙම යානයට ඔබේ මෝටර් රථයේ බලපත්‍ර අංකය පවා ඡායාරුප ගත කල හැකිය).


    3ntPia9.jpg


    fOhsXMM.jpg


    Wmhz506.jpg


    LtAxCTN.jpg


    RUGCmcM.jpg

    Blackbird SR-71


    බ්ලැක්බර්ඩ් එස් ආර්-71 යානා නිර්මාණය කරන අයුරු දැක්වෙන දුර්ලභ ඡායාරූප කිහිපයක්

    o1hOMrG.jpg


    P2eskey.jpg






    සමහරක් ගුවන් යානා සංකල්ප

    න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ එන්එක්ස්- 2(NX-2) යානය

    JGNP05H.jpg


    UBwqm2U.jpg


    DGhUAAG.jpg
    NX-2​




    1960 දශකයේ අග භාගයේ සෝවියට් දේශය විසින් නිර්මාණය කල සුකොයි ටී-4එම්එස්(Sukhoi T-4MS) උපාය මාර්ගික බෝම්බ හෙළන යානය​

    eTXxolX.jpg


    kWs8LJx.jpg

    T-4MS




    ටී-60එස්(T-60S) යානය සෝවියට් දේශය සැලසුම් කල මධ්‍යම පරාසයේ බෝම්බ හෙළන යානයකි.

    1BeiGsy.jpg
    T-60S​




    මෙම යානය බොයින් සමාගම නිපදවූ Boeing 747 Dreamlifter නම් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි.2007 වසරේ හඳුන්වා දී තිබේ.

    XIcXIuN.jpg


    wQD9Ba3.jpg
    Boeing 747 Dreamlifter​




    තුන්වන කොටසින් හමුවෙමු




    Source: Darkroastedblend.com

    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සොහොන;19387390 said:
    ඇයි බන් යුද්දේම වෙන දෙයකුත් දාපන්කෝ හැමදාම මේක :(

    මට වෙන මොකුත් දිරවන්නේ නෑනේ. :( හෙටවත් බලමු! :dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට වෙන මොකුත් දිරවන්නේ නෑනේ. :( හෙටවත් බලමු! :dull:

    රුසියන් විප්ලවේ / කාම්බෝජයේ යුද්දය සහ පොල්පොර්ට්ගේ පාලන කාලය /නිදහසින් පසු ආ සිංහල දනපති පන්තිය /යුරෝපයේ ඇතිවුණු පුනුරුද යුගය කොච්ච්ච්ර තියනවාද බන් ලියන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ බලපංකො.. ඒ කාලෙත් මාර මොලකාරයොනේ ඉඳල තියෙන්නෙ..:dull:

    මචං දෙවනි ලෝක යුද්ධය කාලෙදි Ghost Army කියල එකක් ඉඳල තියෙනව නේද හිට්ලර්ට..? ඒ ගැන ත්‍රේඩ් එකක් දාහන්කො..:)

    522dbb013d0efe5ba8e78211079d2b5f_01.jpg

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මට වෙන මොකුත් දිරවන්නේ නෑනේ. :( හෙටවත් බලමු! :dull:

    අනිවරෙන්.. මමත් අසයි ගොඩක් මේවාට.. දාපන් තියන ඔක්කොම උඹ ගාව...

    සුපිරි ත්‍රෙඩ්...
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    සොහොන;19387390 said:
    ඇයි බන් යුද්දේම වෙන දෙයකුත් දාපන්කෝ හැමදාම මේක :(


    SURE එකටම මූට වෙඩි වැදිල මැරෙන්න ඇති ගිය ආත්මෙක..:D:D:D

    Rep Denna Epalu Ban...:(:(:(..."You Must ...bla #@%$%$#..." Kiayala error ekak enwa..
     
    Last edited: