ගුවනේ_රැකියාව

Jun 30, 2014
160
99
0
Catoon%20yellow%20cub.jpg



දවසක් ඉතින් ඔය මගුල් යෝජනා පිටුව පෙරල පෙරල ඉන්න කොට වයසත් පැහුන ගෑණු ළමයෙක් හිතට වදින මංගල යෝජනාවක් දකිනවා. ඒකේ විස්තරේ තියෙන්නේ මෙන්න මේ විදිහට....

"උසස් තැනක රැකියාව ඇති, පියාගේ අඩි පාරේ යමින් ඔහු යටතේ උසස් රැකියාවක නියුතු මා ගුවනේ සිට සිරි නැරඹීම විනෝදාංශය වශයෙන් කරමි. මා සොයන්නේ රූමත්, පැහැපත්, ගුණ යහපත්, විනීත ගැහැණු ළමයෙකි. කේන්දර අනවශ්‍යයි. තමාම ලියන්න නොම්මර 35, ගුවන් හමුදා මාවත, කටුනායක.

ඉතින් මේක කියවලා ගෑණු ළමයත් "ෂා දාලා තියන විස්තරේ හැටියට මේ එයාෆෝස් පයිලට් කෙනෙක් තමා" කියලා පරක්කු වෙන්නේ නැතුව මේකට රිප්ලයි එකක් දානවා. ඉතින් ඔන්න ටික දවසකින් කොල්ලාත් රිප්ලයි කරලා වැඩේ දැන් නැගලා යනවා. කොල්ලා ෆෝන් කර කර මල් කඩන තරමටම වැඩේ සීරියස් විදිහට නැගලා යනවා. ඉතින් ඔහොම ටික දවසක් ඉන්නකොට කෙල්ල කොල්ලට කියනවා...

"අනේ මම ඔයා ගැන අපේ තාත්තාටත් කිව්වා. තාත්තා කිව්වා ඔයාට මේ ඉරිදාට අපේ ගෙදර එන්න කියන්න කියලා".

ඔන්න ඉතින් ඉරිදා දවසේ කොල්ලාත් හා හා පුරා කියලා කෙල්ලගේ ගෙදරට යනවා මොකද මාමණ්ඩි එන්න කියපු නිසා. දැන් කතාව මේ විදිහට කෙරීගෙන යනවා...

"අපිට හරිම සන්තෝසයි පුතා වගේ ගොඩක් ඉහල රස්සාවක් කරන වැදගත් ළමයෙක් අපේ දුවට ලැබුන එකට. පුතා එතකොට ගුවන් හමුදා කදවුර ඇතුලේද වැඩ කරන්නේ?" මාමණ්ඩි අහනවා.

"කදවුරෙත් වැඩ කරනවා ඒ වගේම ගොඩක් වෙලාවට එළියෙත් වැඩ කරන්න වෙනවා මාමේ, දන්නවානේ ඉතින් අපේ රස්සාවේ හැටිනේ" කොල්ලාත් කියනවා.

"එතකොට උඩට ගිය වෙලාවට මොකද කරන්නේ?" මාමණ්ඩිත් අහනවා

"ගොඩාක් වෙලාවට විස්සක් තිහක් බිමට අත ඇරලා තමයි ආපහු බහින්නේ" කොල්ලාත් කියනවා.

"ආ විස්සක් තිහක් දානවාද?" මාමණ්ඩිත් අහනවා.

"දවසට සීය හමාර දාන වෙලාවළුත් තියනවා..." කොල්ලාත් අරින්නේ නෑ.

"ඈහ්, හැබෑද, ඔක්කොම ඉලක්කෙටම වැටෙනවාද? ඔය එකක් බර ගානක් වෙනවා නේද?"

"නෑ සමහර වෙලාවට කාණුවලටත් වැටෙන වෙලාවල් තියෙනවා.... එකක් රුපියල් විස්සක් විතරනේ වෙන්නේ...! කාණුවලට වැටුනම ඉතින් පොඩ්ඩක් හෝදලා කරලා ගන්නවා..."

"ඈහ් හෝදලා ගන්නවා, බෝම්බ? එකක් රුපියල් විස්සයි?" මාමණ්ඩි ෆුල් අඤ්ඤකොරොස් වෙලා අහනවා.

ඔන්න කොල්ලා කියනවා "බෝම්බ? මොන බෝම්බද? මම කියන්නේ මේ පොල් පොල්...."

"මොකක්, පොල්?, එතකොට තමුසේ පයිලට් කෙනෙක් නෙමෙයිද?" මාමණ්ඩි උතුර දකුණ මාරු කරගෙන අහනවා.

'පයිලට්? කවුද කිව්වේ මම පයිලට් කෙනෙක් කියලා? මම මේ කරන්නේ කුලියට පොල් කඩන එකනේ...' කොල්ලාත් කියනවා.

"එතකොට මේ පත්තරේ දැන්වීම දාලා තියෙන්නේ ගුවනේ සිට සිරි නැරඹනවා කියලා" ඔන්න දැන් කෙල්ලත් අඩන මූඩ් එකෙන් කතාව මැදට පනිනවා.

"ඔව් ඉතින් පොල් ගහකට නැග ගත්තාම පොඩ්ඩක් අවට සිරි නරඹලා තමා ආපහු පල්ලෙහාට බහින්නේ.... නැත්නම් අපරාදේනේ" කොල්ලාත් කියනවා.

"එතකොට මේ කියලා තියෙන්නේ, තාත්තා ගොඩක් උසස් රැකියාවක් කරනවැයි, තාත්තාගේ යටතේ තමයි වැඩ කරන්නේ කියලා...." මාමණ්ඩී පුටුවෙන් නැගිටින ගමන් අහනවා.

"ඉතින් බොරුද.... තාත්තා තමයි ගොඩාක් උස ගස් වලට නගින්නේ. මම නගින්නේ පැල ගස් වලට..." කොල්ලා කියාපි.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අදකාලෙ පොල් කඩන එකෙක් බැන්ඳට පාඩු නෑ..:lol: රුපියල් හැත්තෑවක් විතර ගන්නවා එක ගහකට..:sorry: