ගූගල් සහ ජාතිආලය

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගූගල් සහ ජාතිආලය

    'සැබෑ ජාතිආලයෙන් යුක්තවන්නෝ ඇමරිකාවට විරුද්ධ විය යුතුය.ඔවුන් ගූගල්, ජීමේල්,ෆේස්බුක් වලින් ඉවත් විය යුතුය'
    මෙම කතාව ඇසූ දින සිටම මම මා ගැනම කලකිරීමෙන් සිටියෙමි.මම සැබවින්ම ජාති ආලයෙන් තොර වූවෙක් යැයි මගේ හදවත බුර බුරා නගන හඬ යටපත් කිරීමට අසමත් වූවෙමි.
    වහා ක්‍රියාත්මක විය යුතුය. ඇමරිකාවට එරෙහි විය යුතුය.
    මම මගේ ගූගල් ගිණුම අක්‍රිය කලෙමි.යාහූ ගිණුම අක්‍රිය කලෙමි.ෆේස්බුක් එකෙන් ඉවත් වූයෙමි.

    මගේ ජාතිආලය ඔද වැඩී ඇත.මම මහත් අභිමානයෙන් යුක්තව හාත් පස බැලූවෙමි.
    හුටා.........මගේ ජංගම දුරකථනය තවමත් එහෙමය.වහා ක්‍රියාත්මක වූ මම ජංගම දුරකථනය ජාතිආලයට යටත් කිරීමට සූදානම් වූයෙමි.ජංගම දුරකථනයෙන් ස්කයිප්,ෆේස්බුක්,යූටියුබ් ආදී සියල්ලම ඉවත් කලෙමි.ඉන්දියාවත් ගානට වැඩිය.වහාම මම ක්‍රික් ඉන්ෆෝ ඇප්ලිකේශන් එකද ඉවත් කලෙමි.
    දැන් එහි ඉතිරිව ඇත්තේ ලංකාවෙ එළවළු මිල ගණන් පිරික්සන ඇප්ලිකේශන් එක පමණි.

    හෆ්ෆට සිරිය.මම ජංගම දුරකථනයට ජීමේල් මගෙන් ලොග් වී ඇත.එයද වහාම ඉවත් කල නමුත්
    දන්නා සෙල්ලම සියල්ල දැමුවත් එය ඉවත් කරන විදිහ සොයා ගත නොහැක.

    දෛවය මට සරදම් කලාක් මෙන් නැවත මට ගූගල් පිහිට පැතිය යුතු විය.
    අහෝ දුකකි.මම ඇස් පියාගෙන ගූගල් පිරික්සුවෙමි.ගූගල් කාරයා මාරම එකකි.ඌ කියන විදිහට ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකින් ජීමේල් එක ඉවත් කල නොහැක.මේවා තනිකරම ජාත්‍යන්තර කුමණ්ත්‍රණය.එහෙම යැයි කියා සැලෙන්නට බැරිය.මම ෆෝන් එක රිසෙට් කලෙමි.
    දැන් එහි ජීමේල් නැත.නමුත් ඌ මාත් එක්ක සෙල්ලම් කරන්නට හදයි.ෆෝන් එකෙන් මොකට ගියත් ඌ ජීමේල් ඉල්ලන්නේ එබැවිනී.
    එහෙමයි කියා මමද නොසැලෙමි.ඌ කොච්චර ඉල්ලුවත් දෙන්න මට ජීමේල් නැත.
    එබැවින් දැන් මාහට දුරකථනයක් ලෙස පමණක් භාවිතා කල හැකි ජංගම දුරකථනයක් ඇත.

    එහෙත් මගේ හිතේ මහත් වූ අභිමානයක් ඇත.මම ඇමරිකාව මට්ටු කලෙමි.උන් මගේ හැටි දැන ගත්තේය.

    යකෝ උඹගෙ ෆෝන් එකේ සිස්ටම් එක ඇන්ඩ්‍රොයිඩ් ඒක හැදුවෙ ගූගල්.මගේ යටි සිතේ ඉඳ එකෙකු කෑ ගසයි.නමුත් මගේ උඩු සිතේ ජාති ආලය ඊට වඩා මහත්ය.
    මම යටි සිතේ කෑ ගසන එකා මරා දමා උඩු සිතේ ජාතිආලය සමඟ ජයපැන් බොමි.
    මන්ද මේ ෆෝන් එකත් ගත්තු අමාරුව දන්න උඩු සිත යටි සිතේ එකාට නැගිටින්න දෙන්න බියය.මන්ද මේ අල්ල පනල්ලෙ ඇමරිකාවට අයිති නැති සිස්ටම් එකක සහිත ෆෝන් එකක් ගැනීමට මට සල්ලි නැති බව ඌ දන්නා නිසාය. :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබ මේක විහිළුවටද, සිරාවටමද කිව්වේ කියල දන්නේ නෙ. එත් අපි ඇත්තටම එහෙම කරන්න හැදුවොත් මේ සමාජ ක්‍රමයත් එක්ක අපි අනාත වෙනවා බන්.කරලත් බෙ, නෙොකරත් බෙ.:nerd:
    ෙකොහොම උනත් උබ මේ thread එක ලියල තියන විදියට මම ෙගොඩක් කැමති.:)
    රේප් නම් දෙන්න බැරිලු...:(
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඇයි බන් ඔය 1990 චයිනීස් එකක් ගත්තනම් ඉවරයි නේ.. සිස්ටම් එකත් චයිනා..ඇතුලේ චිපුත් චයිනා....භාෂාවත් චීන දා ගත්තනම් හරි ඉංග්‍රීසි නැතුව...
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    rofl8yi.gif
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    american products walin ain wela ape rate product use karanna kiyana idea eka nam hondai machan.mokada api owa use karanakam kawadaawath aluth deyak karanna hitanne neti nisa

    eth oka dawasin karanna be.mulin lankawe owa hadala tika tika ewata huru wenna one :yes:
     
    • Like
    Reactions: cspmaxx