අවුරුදු ගානකට කලින් Elakiri යේ ජනප්‍රිය වූ Tiny Software ටික නැවතත්...

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    2006 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල කුඩා මෘදුකාංග හා 2019 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මගේ කුඩා මෘදුකාංග 2007 වසරේ සිට Ray Magazine CD, Elakiri.com , Aluth.com, Facebook… වැනි මාධයන් තුල ජනප්‍රිය විය. විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් මට ලැබිනි. සමහර මෘදුකාංග 50,000+ ට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කර තිබුනි. බැංකු, රක්ෂණ සමාගම් ඇතුලු ආයතන ගනනාවක් මගේ සමහර මෘදුකාංග භාවිතා කල බව මට දැනගන්නට ලැබිනි. පාසල් වල ප්‍රදර්ශන තුලත් මගේ යම් නිර්මාන භාවිතා වන ආකාරය මම සියැසින්ම දුටිමි. ඉතින් වසර ගනනාවක් අක්‍රිය පැවතුන මගේ website එක නැවත සක්‍රීය කලා... කිසිම ඉන්ස්ටෝල් කිරීමකින් තොරව Exe file එක ඩබල් ක්ලික් කරලා මේ කුඩා software භාවිතා කරන්න පුලුවන්. *වින්ඩෝස් පරිගනකයේ/ ලැප්ටොප් එකේ පමනක් වැඩ කරන, එවැනි කුඩා Software 36 ක් මේ website එකෙන් 100% free download කර ගන්න පුලුවන්. මේවා සියල්ලම Microsoft Visual Basci 6.0 වලින් කල පැරනි Software නිසා වත්මන් සමහර Virus Guard / Windows වලින් යම් යම් බාධා කිරීම් සිදු වෙනවා. ඒවා නොසලකා ඔබේ පරිගනකයේ/ ලැප්ටොප් එකේ තවමත් මේ Software 100% ආරක්ෂිතව භාවිතා කරන්න පුලුවන්. එම සමහර වින්ඩොස් Software වලම ඇන්ඩ්‍රොයිඩ් App .apk files මෙමගින් free download කර ගන්න පුලුවන්. Android ඒවත් පැරනි Android Studio එකෙන් හදපුවා නිසා අලුත් ෆොන් වල ඉන්ස්ටෝල් කරද්දි බාධාවන් වෙනවා. ඒත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්...

    ඉතින් ඔන්න මගේ පැරනි website එක නැවතත්....

    WWW.PASANSOFT.COM

    * එකල මගේ මේ Software/Apps ගොඩක්ම ජනතාව අතරට ගියේ Elakiri.com හරහා.
    එයට මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා... :love::love:

    * මම 2006 Elakiri එකට Join උනේ.. මම මේවා 2006 ඉදලා හදන් ආපු සොෆ්ට්වෙයා... ඒ කාලේ අය මේවා ගැන දන්නවා. මේකෙ පහල කොමෙන්ට් බැලුවම ඒබව තේරෙයි. ලංකාවේ ප්‍රධාන රාජ්ය බැංකුවක් හා තවත් Insurance Company වැනි වල පවා මේවා Use කලා. මේවායේ කිසිම අහිතකර ස්ක්‍රිප්ට් නැති බව මම වගකීමෙන් කියනවා.. මම මේ වලින් සත පහක ආදායමක් වත් / කිසිම දත්තවත් ලබා ගෙන නෑ.. කැමතිනම් භාවිතා කරන්න.. බලෙන් දෙන්නෙ නෑ.. සැක නම් භාවිතා කරන්න එපා..

    # ප්‍රසිද්ධ මෘදුකාංග සමාගම් වලින් ඉදිරිපත් නොවන Publisher : unknow වන මෙවැනි Exe files open කිරීමේදී වින්ඩොස් වල එන Message එකෙන් More info click කරලා Run anyway කිරීමෙන් open වෙනවා.

     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,680
    11,456
    113
    හඳට කිට්ටුව
    BUMP

    ai එක්ක ඔව්වට තැනක් තියෙයිද දැන්?

    Thanak na thamai huththo, mewa ai nathi kaale, database ekak hadan harihamn data nathi kaale, katta kagena hadapuwa..

    ekai wedagath kama...
    ------ Post added on Feb 17, 2026 at 2:13 PM
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    පසන්ගේ දැන් වයස කීයද? මම සැහෙන කාලෙකට කලින් ඔයාගේ පොඩි පොඩි ඇප්ස් පාවිච්චි කරලා තියෙනවා එක එක වැඩවලට.
     

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    ai එක්ක ඔව්වට තැනක් තියෙයිද දැන්?
    තැනක් නෑ දැන්.. ස්මාට් ෆොන්/ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ආවම, වින්ඩොස් සොෆ්ට්වෙයා භාවිතය අඩු උනා.. දැන් AI නිසා.. Old is Gold කියලා දැම්මා :-D

    පසන්ගේ දැන් වයස කීයද? මම සැහෙන කාලෙකට කලින් ඔයාගේ පොඩි පොඩි ඇප්ස් පාවිච්චි කරලා තියෙනවා එක එක වැඩවලට.
    මගේ වයස දැන් 41 ක්.. 1985 ඉපදුනේ
    ------ Post added on Feb 17, 2026 at 2:26 PM

    old member kenk dakaganna labimath sathutak id check software eka use kara e daws wala
    Matat ada hari sathudui.. awurudu ganak gihinut mage nirmana use karapu keepa denek hari inna eka gana :love:
    ------ Post added on Feb 17, 2026 at 2:27 PM
     
    1771326305424.png

    mek photo ekk damma scan wela enn hadann thiyenne