මේ වගේ අහක යන ලෙඩ දාගන්න එපා කියලා හැමෝටම කියනවා!2006 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල කුඩා මෘදුකාංග හා 2019 වසරේ සිට 2021 වසර දක්වා මා නිර්මානය කල ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මගේ කුඩා මෘදුකාංග 2007 වසරේ සිට Ray Magazine CD, Elakiri.com , Aluth.com, Facebook… වැනි මාධයන් තුල ජනප්‍රිය විය. විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් මට ලැබිනි. සමහර මෘදුකාංග 50,000+ ට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කර තිබුනි. බැංකු, රක්ෂණ සමාගම් ඇතුලු ආයතන ගනනාවක් මගේ සමහර මෘදුකාංග භාවිතා කල බව මට දැනගන්නට ලැබිනි. පාසල් වල ප්‍රදර්ශන තුලත් මගේ යම් නිර්මාන භාවිතා වන ආකාරය මම සියැසින්ම දුටිමි. ඉතින් වසර ගනනාවක් අක්‍රිය පැවතුන මගේ website එක නැවත සක්‍රීය කලා... කිසිම ඉන්ස්ටෝල් කිරීමකින් තොරව Exe file එක ඩබල් ක්ලික් කරලා මේ කුඩා software භාවිතා කරන්න පුලුවන්. *වින්ඩෝස් පරිගනකයේ/ ලැප්ටොප් එකේ පමනක් වැඩ කරන, එවැනි කුඩා Software 36 ක් මේ website එකෙන් 100% free download කර ගන්න පුලුවන්. මේවා සියල්ලම Microsoft Visual Basci 6.0 වලින් කල පැරනි Software නිසා වත්මන් සමහර Virus Guard / Windows වලින් යම් යම් බාධා කිරීම් සිදු වෙනවා. ඒවා නොසලකා ඔබේ පරිගනකයේ/ ලැප්ටොප් එකේ තවමත් මේ Software 100% ආරක්ෂිතව භාවිතා කරන්න පුලුවන්. එම සමහර වින්ඩොස් Software වලම ඇන්ඩ්‍රොයිඩ් App .apk files මෙමගින් free download කර ගන්න පුලුවන්. Android ඒවත් පැරනි Android Studio එකෙන් හදපුවා නිසා අලුත් ෆොන් වල ඉන්ස්ටෝල් කරද්දි බාධාවන් වෙනවා. ඒත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්...
ඉතින් ඔන්න මගේ පැරනි website එක නැවතත්....
WWW.PASANSOFT.COM
* එකල මගේ මේ Software/Apps ගොඩක්ම ජනතාව අතරට ගියේ Elakiri.com හරහා.
එයට මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා...
View attachment 262658
මෘදුකාංගයක් Run කරනකොටම Windows වලින් 'Windows protected your PC' කියලා Red Alert එකක් දෙන්නේ නිකන් නෙවෙයි. මේවා පරණ Visual Basic 6.0 වලින් හදපු 'Tiny Software' කියලා කිව්වට, මේවා ඇතුළේ මොන වගේ අහිතකර Scripts (Malware/Spyware) තියෙනවද කියලා කවුද දන්නේ?
අද කාලේ ෆේස්බුක් එකවුන්ට් එකේ ඉඳන් බැංකු විස්තර දක්වා හැමදේම තියෙන්නේ පරිගණකයේ. 'නොමිලේ දෙනවා' කියන පළියට මේ වගේ විශ්වාස නැති EXE ෆයිල් Run කරලා තමන්ගේ පෞද්ගලික දත්ත අනතුරේ දාගන්න එපා.
විශේෂයෙන්ම මේ වගේ 'Unknown Publisher' කෙනෙක්ගේ සොෆ්ට්වෙයාර් එකක් Run කරන්න කියලා මේ පින්තූරවල තියෙන විදිහට SmartScreen bypass කරන්න කියලා උපදෙස් දෙන එකම ලොකු සැකයක්. ගොඩක් වෙලාවට ෆෝරම් වල ඉන්න මේ වගේ අය කරන්නේ තමන්ගේ මෘදුකාංග ප්‍රසිද්ධ කරගන්න හරි, දත්ත සොරකම් කරන්න හරි මේ වගේ දේවල් බෙදාහරින එක.
අනාරක්ෂිත මෘදුකාංග පාවිච්චි කරලා පස්සේ පසුතැවෙන්න වෙයි. පරිස්සම් වෙන්න!


