ගූගල්_කැමරාවක්_කාච17ක

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    ගූගල්_කැමරාවක්_කාච17ක

    ගූගල් සමාගමෙන් කාච 17 ක අලුත්ම කැමරාවක්


    yihalo-1.png


    ගූගල් යැයි කියූ සැනින් අපට සිහියට එන්නේ ජනප‍්‍රිය අන්තර්ජාල සෙවුම් යන්ත‍්‍රයයි. එහෙත් ගූගල් සමාගමේ ව්‍යාපාර කටයුතු බොහෝය. එ්වා සියල්ල පාහේ කේන්ද්‍රගතව ඇත්තේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රය ඉලක්ක කරය. පසුගිය කාලයේ ලංකාවේද මහත් ආන්දෝලයක් ඇති කළ ගූගල් බැලූමද එවැනි එකකි. විශ්වය දැකගන්නට මෙන්ම ඕනෑම කෙනෙකුට ඔබේ ගේ ෙදාරකඩට පාර කියන්නටද සමත් වන ගූගල් සමාගම පසුගියදා අපූරු කැමරාවක් නිර්මාණය කළේය.
    ගූගල් සමාගම තමන් විසින් නිපදවූ අංශක 360 ක වපසරියක් වීඩියෝ ගත කළහැකි ‘වීආර්’ වර්ගයේ නවතම කැමරාව ලෝකයට හඳුන්වා දුන්නේ පසුගිය සතියේය.

    P3.1.png


    කාච 17 කින් යුතු මෙම කැමරාව ඔවුන් මිල කර තිබෙන්නේ ඇමෙරිකන් ඩොලර් 17000 ක මුදලකට ය. එනම් රුපියල්
    ලක්ෂ 25 ඉක්ම වූ මිලකි. ‘එච්ඞී’ තත්ත්වයේ කැමරා 17 කින් ලබා ගත හැකි පැහැදිලි බවක් සහ උසස් බවක් මෙම නවතම කැමරාවෙන් ලබා ගන්නා වීඩියෝ සහ ඡුායාරූපවලින් ලබා ගත හැකි බව එහි නිෂ්පාදකයන් වන චීනයේ වයි අයි සමාගම පවසයි. වයි අයි සහ ගූගල් සමාගමේ සම නිෂ්පාදනයක් ලෙස මෙම කැමරාව ලබන මස අග දී වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


    halospecs.png



    මෙම කැමරාවේ විශේෂත්වය වන්නේ ඉන් වීඩියෝ ගත කරන විට හෝ ඡුායාරූප ගත කරන විට අවට පරිසරයේ අංශක 360 ක සම්පූර්ණ ප‍්‍රදේශයම වීඩියෝ දර්ශනයට හෝ ඡුායාරූපයට නගා ගත හැකිවීමයි. නමුත් මෙහිදී කැමරා ශිල්පියාව ද රූප රාමු හෝ ඡුායාරූපයට හසුවීම මගහැරීම සඳහා කැමරා ශිල්පියාට කැමරාව පාලනය කිරීම සඳහා දුරස්ථ පාලකයක් නිර්මාණය කර තිබේ. ඊට අමතරව ශිල්පියාට තමාට අවශ්‍ය පරිදි රූප රාමු ලබා ගැනීම සඳහා වීව් ෆයින්ඩරය ලෙස භාවිත කළ හැකි ඇස් ආවරණයක් ද මෙම කැමරාව සමග නිර්මාණය කර තිබේ. එය මීටර් 100 ක පමණ දුරක් දක්වා සංවේදී වේ. කැමරා ශිල්පියා එය පැළඳ ගත් පසු ඔහුට කැමරාවේ කාච 17 තුළින්ම පෙනෙන සෑම රූප රාමුවක්ම නිසිලෙස දර්ශනය වේ. එක් එක් කැමරාවෙන් වෙන් වශයෙන් පාලනය කිරීම හා සීරුමාරු කිරීම දුරස්ථ පාලකය මගින් ඉතා පහසුවෙන් සිදුකළ හැකිය. මෙම කැමරාවේ රූපරාමුවල තත්ත්වය සහ කැමරාවේ තත්ත්වය පරීක්ෂා කිරීම භාරව තිබුණේ අතිදක්ෂ සිනමා නිර්මාණ ශිල්පියෙකු වූ ආමැන්ඩෝකිර්වින්ටය. 2020 වසර වන විට මෙවැනි ආකාරයේ කැමරා මිලියනයකට වඩා වැඩි ප‍්‍රමාණයක් අලෙවිකර ගත හැකිවන බව තමාට විශ්වාස බව ඔහුගේ අදහසයි.
    මෙම නවතම කැමරාව ෆේස්බුක් සහ ට්විටර් ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කළ පළමු දිනයේ දී ම ඒ සඳහා රටවල් 24 කින් ඇණවුම් 63 ක් ලැබී තිබූ බව වයි අයි සමාගම පවසයි. ඉදිරියේ දී මෙම කැමරාව ම ත‍්‍රිමාණ රූපරාමු ලබා ගත හැකි වන පරිදි වැඩිදියුණු කිරීමට නියමිත බවත් එය ඇමෙරිකන් ඩොලර් 30000 ක පමණ එනම් රුපියල් ලක්ෂ 50 ඉක්ම වූ මුදලකට මිල කළ හැකි බවත් මෙම සමාගම වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.




    සලකන අයට සහ Bump , Comment කරන අයට 10+ ගානේ දෙනවා.....

    .
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2020 වසර වන විට මෙවැනි ආකාරයේ කැමරා මිලියනයකට වඩා වැඩි ප‍්‍රමාණයක් අලෙවිකර ගත හැකිවන බව තමාට විශ්වාස බව ඔහුගේ අදහසයි.