ගෘහස්ථ ගෑස් බෝම්බ

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    256203974_447883156845650_666655368805727753_n.jpg
    ලිට්රෝ ලාෆ් දෙගොල්ලොම හොර රහසේ ගෑස් සංයුතිය වෙනස් කරලා !
    ප්‍රමිති ආයතනයට ගෑස් කාන්දු ගැන පැමිණිලි!
    ජාතික මට්ටමේ විද්‍යාත්මක විමර්ශන අවශ්‍යයි !
    කොළඹ තුරඟ තරග පිටියට යාව පිහිටි රීඩ් මාවත ගොඩනැගිල්ලේ පිහිටි මැක්ඩොනල්ඩ්ස් අවන්හල ඊයේ (20) උදෑසන පිපිරී ගියේය. තරුණයන් දෙදෙනෙකුට සුලු තුවාලද සිදු වූ බව පොලිසිය වාර්තා කළේය. මෙම අනතුරට හේතුව ගෑස් කාන්දුවක් බවට රජයේ රස පරීක්ෂකවරයා කළ පරීක්ෂණවලදී තහවුරු වූ බව පොලිසිය කීවේය.
    මීට දින 17කට පමණ කලින් මාතර වැලිගම ප්‍රදේශයේද හෝටලයක් මේ ආකාරයෙන්ම පිපිරීමකට ලක් වූ අතර එයටද හේතුව වූයේ ගෑස් කාන්දුවකි. එයට අමතරව මහනුවර ප්‍රදේශයේද ගෑස් කාන්දුවක් සිදුව මේ ආකාරයේම පිපිරුමක් සහිත ගින්නක් වාර්තා විය.
    වැලිගම ගෑස් ටැංකිය පිපිරීමෙන් සිදුවූ විනාශය
    කරලියට පැමිණ යටපත් වූ ඇත්ත
    ගෑස් අනතුරු වරින් වර සිදුවුවද මේ පිළිබඳව වැඩිමනත් අවධානයක් යොමුවිය යුත්තේ ළඟ ළඟ එවැනි සිදුවීම් තුනක්ම සිදුවීමය. එය අසාමාන්‍ය තත්ත්වයක් බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම හේතුවන කරුණක් මීට මාස කිහිපයකට කලින් කරළියට පැමිණ යටපත් වූයේය.
    ඒ කතාව වන්නේ මෙරට දැන් අලෙවි වන එල්.පී ගෑස්වල බාල ප්‍රමිතියයි. එහි පවතින බියුටේන් සහ ප්‍රොපේන් අනුපාත වෙනස් කොට ප්‍රොපේන් සංයුතිය වැඩි කිරීම හේතුවෙන් ගෘහස්තව ගෑස් සිලින්ඩර භාවිත කරන ජනතාව හමුවේ අනතුරක් නිර්මාණය වී ඇති බව එහිදී අනාවරණය විය.එයට හේතුව ප්‍රොපේන්වල තාපාංකය එනම් ගිනි ගන්නා උෂ්ණත්වය බියුටේන්වලට සාපේක්ෂව බෙහෙවින් වැඩි වීමය. මේ නිසා ප්‍රොපේන් ඉක්මනින් ගිනි ගැන්මට ලක්වන වන අතර සාපේක්ෂ ව ඉක්මනින් දැවී යාමද සිදුවෙයි. මෙය ගෑස් පාව්චිචය වැඩි වීමටද හේතුවක් බවට පසුගිය කාලය තුළ සාධනීය කරුණු ප්‍රමාණයක් සාකච්ඡාවකට බඳුන් විය.
    සිලින්ඩරයේ බාල ප්‍රමිතිය
    එසේම දැනට පවතින ගෑස් සිලින්ඩරවල වෑල්වයන්හි යම් කන්දු වීමක් සිදුවන්නේ යැයි ශ්‍රි ලංකා ප්‍රමිති අයතනයට පැමිණිලි ඉදිරිපත් වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් සඳහන් කළේය. එසේ වුවද මේ පැමිණිලි සම්බන්ධයෙන් ප්‍රමාණවත් විමර්ශනයක් සිදුවීද යනන් පිළිබඳව පැහැදිලි නැත.
    එසේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයකුව සිට පසුගියදා සතොසේ සුදු ලූනු හොරකම සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක අනාවරණයකින් පසු ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන ද තම තනතුරේ සිටියදිම ගෑස් සමාගම් මෙරට එල්.පී ගෑස් සංයුතිය වෙනස් කිරීම පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කර තිබුණි.
    ඔහු සඳහන් කර තිබුණේ මෙරට පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් ලිට්රෝ මෙන්ම ලාෆ් ගෑස් සමාගමද ඇතැම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවකින් යුතුව කටයුතු කර ඇති බවය. ලිට්රෝ සමාගමේ හිටපු සභාපතිවරයාගේ කාලයේ මෙය සිදුව ඇති අතර පාරිභෝගික අධිකාරියේ හෝ ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ කිසිදු නිල දැනුම් දීමකින් තොරව හිතුමතේ ගෑස්වල සංයුතිය වෙනස් කර ඇති බව ඔහු කීවේය .ලිට්රෝ ලාෆ් ගෑස් සන්නාම දෙකම ගෑස් සංයුතිය වෙනස් කිරීම පසුපස එම සමාලම්වල යම් එකඟතාවකින් සිදුවූ කරුණක් බවට විශ්වාස කළ හැකිය.
    සංයුතියේ වෙනෙස
    අප්‍රියෙල් මාසයට කලින් මෙරට අලෙවි කළ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්වල පැවතුණේ බියුටේන් සියයයට 80ක් සහ ප්‍රොපේන් සියයට 20කි. එහෙත් අප්‍රියෙල් මාසයෙන් පසුව ප්‍රොපේන් සියයට 50 -50 මට්ටමට ගෙන විත් ඇත. ඒ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාර වාර්තාවකින් තහවුරු කරගෙන ඇත.
    එබැවින් මේ කරුණ බැහැර කළ නොහැකිය. මේ සංයුතිය වෙනස් කිරීමට හේතු නිශ්චිතව දැක්වීමට ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් උනන්දු වන්නේ නැත. රටේ බලධාරීන් එවැනි සංයුති වෙනසක් පිළිබඳ ඔවුන්ගෙන් විමසන්නේද නැත.
    මේ පිළිබඳව විමර්ශනාත්මක පුවත් පත් වාර්තාවක් සකසන ඩේලි මිරර් පුවත් පතේ 2021 අගෝස්තු 25 වැනිදා කලාපය සඳහන් කරන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වෙත ඊ මෙල් පණිවිඩයක් යවමින් ලිට්රෝ සමාගම මෙරට කටයුතු සඳහා භාවිත කරන එල්.පී ගෑස් සංයුතියෙහි දැඩි වෙනසක් සිදු කොට ඇති බවය.
    ගෑස් සිලින්ඩරය බෝම්බයක් කිරීම
    කාර්මික කටයුතුවලදී බහුලව භාවිත වන බියුටේන් ප්‍රතිශතය වැඩි කිරීමෙන් මෙරට ගෘහස්තව භාවිත කර අයට එයින් තර්ජනයක් ඇති වන බවට විශේෂඥයන් සඳහන් කරන බැවින් මේ පිළිබඳව අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කරන ලෙස එම ඊ මේල් පනිවිඩය මඟින් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා ඇත.
    එහිදී ඔවුන් පෙන්වා දී ඇති කරුණක් වන්නේ ප්‍රොපේන්වල තාපාංකය පහළ අගයක් එනම් සෙල්සියස් අංශක .-42ක් පමණ අගයක් ගන්නා නිසා එය පහසුවෙන් දැල්වීමේ සහ වාෂ්ප වීමෙ හැකියාවක් පවතින බවය. මෙය ශීත කාලගුණයක් පවතින රටවලට ගැලපුණද ගෘහස්ථ භාවිතය සඳහා ප්‍රොපේන් ප්‍රතිශතය වැඩිවීම තුළ අනතුරක් පවතින බව එහිදී පෙන්වා දී ඇත.
    කෙසේ වුවද මේ සම්බන්ධයෙන් මෙරට කිසිදු පිළිගත් ප්‍රමිතියක් නැති බැවින් පාරිභෝගික පනත සංශෝධනය කර ප්‍රමිතිගත කිරීමේ ක්‍රියාවලිය සිදු කළ යුතු බවට අවධාරණය කර ඇත. එසේම ලිට්රෝ ගෑස් සමාගමේ වර්තමාන සභාපති තෙෂාර ජයසිංහ ද මේ බව පිළිගෙන ඇත. ඔහු පවසන්නේ මෙරට ගෑස්වල පැවැති සංයුතිය බියුටේන් සියයට 70 – 80 සහ ප්‍රොපේන් සියයට 20 -30 සීමා යටතේ බවය.දැනට සිලින්ඩරවල ගෑස් ගබඩා කළ යුතු ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රමිතියක් ඇතත් ගෑස් සංයුතිය පිළිබඳව කිසිදු සම්මුතියක් නොමැති බවට ලිට්රෝ සභාපතිවරයා පවසයි
    මහා විනාශයකට පෙර
    අප මෙහිදී අවධානයට ලක් කරන්නේ මෙතෙක් නොසලකා හැර ඇති මෙම ගෑස් සංයුතිය පිළිබඳව ගැටලුව පිළිබඳව වගකිව යුත්තන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවය. ඒ පිළිබඳව විද්‍යාත්මක ප්‍රවේශයකින් අධ්‍ය්‍යනය කළ යුතු බවය. ඊට හේතු කිහිපයක් ඇත. එකක් වන්නේ ගෑස් සංයුතිය වෙනස්වීමේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව මේ වනවිටත් කතාබහට ලක් වීමය. අනෙක ප්‍රමිති ආයතනයට සිලින්ඩර වෑල්වවල කාන්දුවීම් පිළිබඳව එක පැමිණිල්ලක් හෝ ඉදිරිපත් වීමය. අනෙක මෙම මායේ මුලදී මාතර වැලිගම ප්‍ර දේශයේ හෝටලයක අලුතින් විවෘත කළ ගෑස් සිලින්ඩරයක සැලකිය යුතු ගෑස් ප්‍රමාණයක් දිනක් තුළ කාන්දු වී තිබීමය. එය කාන්දු වූයේ කොතැනින්ද යන්න පිළිබඳව සහ ඇයිද යන්න පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරීම වැදගත් වන්නේ ඉදිරි අනතුරු වළකා ගැනිමය.
    අනෙක සෑම ගෘහයක්ම අවම තරමින් අනතුරු වළකා ගැනීමේ ප්‍රාථමික පියවර වල ගෑස් ලිප් විවෘත කිරීමට පෙර ජනෙල් විවෘත කිරීම නිවසට හොඳ වාතනයක් සැපයීම වැනි කරුණු පිලිබඳව දැඩි සේ දැනුවත් කිරීම අත්‍යවශ්‍යය.

    https://www.facebook.com/Srilankanupdates/
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    රෙගියුලේටරේ අවුරුදු 5 කට සැරයක් හා රබර් බටේ අවු 2 කට සැරයක් මාරු කරන්න කියල නිර්දේශ කරල තිබුනට කියෙන් කී දෙනාද ඔක කරන්නේ.

    සමහර ලිප් වල ගෑස් ලිපේ දැල්ල අඩු කරන කොට ලිප නිමෙනවා. ඒත් ගෑස් නවතින්නේ නෑ. වහපු කාමරේක දන්නේම නෑතුව එකතු උනාම ඉතින් පුපුරනවා.

    ලඟදි මට තේරිච්ච දෙයක් තමයි ඉස්සරට වඩා ගෑස්වල ගඳ දැන් අඩුයි. එතකොට ගෑස් ලීක් එකක් උනත් හොඳටම ගෑස් වැඩි උනාට පස්සෙ තමයි ගඳ දැනෙන්න පටන් ගන්නේ. LP ගෑස් වල ස්වභාවිකව කිසිම ගඳක් නෑ. කෘතිමව ගෑස් ගඳ එකතු කරනවා ගෑස් සමාගම් වලින් ලීක් උනොත් අඳුරගන්න පුලුවන් වෙන safety feature එකක් හැටියට. අමතර වියදමක් නිසා මේක දාන ප්‍රමානේ අඩු කරලා වෙන්න පුලුවන්.
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    391
    576
    93
    ගෑස් ටැන්කි පුපුරන්න අරන් මිනිස්සුම ගෑස් පාවිච්චි කරන එක නැවැත්තුවම, ගෑස් පෝලින් කිය කිය කව්රුත් බනින්නෙ නෑනෙ නේද?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Sinhalunge innovation tama ithin 😡

    රෙගියුලේටරේ අවුරුදු 5 කට සැරයක් හා රබර් බටේ අවු 2 කට සැරයක් මාරු කරන්න කියල නිර්දේශ කරල තිබුනට කියෙන් කී දෙනාද ඔක කරන්නේ.

    සමහර ලිප් වල ගෑස් ලිපේ දැල්ල අඩු කරන කොට ලිප නිමෙනවා. ඒත් ගෑස් නවතින්නේ නෑ. වහපු කාමරේක දන්නේම නෑතුව එකතු උනාම ඉතින් පුපුරනවා.

    ලඟදි මට තේරිච්ච දෙයක් තමයි ඉස්සරට වඩා ගෑස්වල ගඳ දැන් අඩුයි. එතකොට ගෑස් ලීක් එකක් උනත් හොඳටම ගෑස් වැඩි උනාට පස්සෙ තමයි ගඳ දැනෙන්න පටන් ගන්නේ. LP ගෑස් වල ස්වභාවිකව කිසිම ගඳක් නෑ. කෘතිමව ගෑස් ගඳ එකතු කරනවා ගෑස් සමාගම් වලින් ලීක් උනොත් අඳුරගන්න පුලුවන් වෙන safety feature එකක් හැටියට. අමතර වියදමක් නිසා මේක දාන ප්‍රමානේ අඩු කරලා වෙන්න පුලුවන්.
    Methana eeta wada deyak tiyenna ona bn
    ------ Post added on Nov 21, 2021 at 8:14 PM
     
    • Like
    Reactions: War Fighter

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අන්තිමට අපි ගෙනාපු සිලින්ඩරෙත් සෙට් කලාම් ලීක් වෙන්න ගත්ත,
    කඩේට ආපහු ගෙනිච්ච්ම ඒකෙක් ගෑනි ආ washer එක දාල නෑකියල වෙන එකකින් කෑල්ලක් ගලවල මේකට දාල දුන්න
    ගෙනත් හයිකලාම අවුලක් උනේ නෑ තාමනම් දැන්නම් බයයි ඒත්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    හම්මා බඩුම තමා හෙටම spec ටික ගේන්නගෙන බලන්න වේනවා 10MT ටැන්කියක් තියේන්නේ වැඩකරන තැන. :lol: :lol::lol:
    මොනවද දන්නේ නෑ වෙන්න පුලුවන් දේවල්. පොඩි වෙනසක් උනත් මැශින් දේකම රන්කරන්නම් බෑ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    LP ගෑස් වල ස්වභාවිකව කිසිම ගඳක් නෑ. කෘතිමව ගෑස් ගඳ එකතු කරනවා ගෑස් සමාගම් වලින් ලීක් උනොත් අඳුරගන්න පුලුවන් වෙන safety feature එකක් හැටියට. අමතර වියදමක් නිසා මේක දාන ප්‍රමානේ අඩු කරලා වෙන්න පුලුවන්.
    ada dngaththe.. tfs:love:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    ගෑස් ටැන්කි පුපුරන්න අරන් මිනිස්සුම ගෑස් පාවිච්චි කරන එක නැවැත්තුවම, ගෑස් පෝලින් කිය කිය කව්රුත් බනින්නෙ නෑනෙ නේද?
    මොල හතානෝ ලයිට්..
     
    • Haha
    • Like
    Reactions: ML1987 and Champ HB

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    256203974_447883156845650_666655368805727753_n.jpg
    ලිට්රෝ ලාෆ් දෙගොල්ලොම හොර රහසේ ගෑස් සංයුතිය වෙනස් කරලා !
    ප්‍රමිති ආයතනයට ගෑස් කාන්දු ගැන පැමිණිලි!
    ජාතික මට්ටමේ විද්‍යාත්මක විමර්ශන අවශ්‍යයි !
    කොළඹ තුරඟ තරග පිටියට යාව පිහිටි රීඩ් මාවත ගොඩනැගිල්ලේ පිහිටි මැක්ඩොනල්ඩ්ස් අවන්හල ඊයේ (20) උදෑසන පිපිරී ගියේය. තරුණයන් දෙදෙනෙකුට සුලු තුවාලද සිදු වූ බව පොලිසිය වාර්තා කළේය. මෙම අනතුරට හේතුව ගෑස් කාන්දුවක් බවට රජයේ රස පරීක්ෂකවරයා කළ පරීක්ෂණවලදී තහවුරු වූ බව පොලිසිය කීවේය.
    මීට දින 17කට පමණ කලින් මාතර වැලිගම ප්‍රදේශයේද හෝටලයක් මේ ආකාරයෙන්ම පිපිරීමකට ලක් වූ අතර එයටද හේතුව වූයේ ගෑස් කාන්දුවකි. එයට අමතරව මහනුවර ප්‍රදේශයේද ගෑස් කාන්දුවක් සිදුව මේ ආකාරයේම පිපිරුමක් සහිත ගින්නක් වාර්තා විය.
    වැලිගම ගෑස් ටැංකිය පිපිරීමෙන් සිදුවූ විනාශය
    කරලියට පැමිණ යටපත් වූ ඇත්ත
    ගෑස් අනතුරු වරින් වර සිදුවුවද මේ පිළිබඳව වැඩිමනත් අවධානයක් යොමුවිය යුත්තේ ළඟ ළඟ එවැනි සිදුවීම් තුනක්ම සිදුවීමය. එය අසාමාන්‍ය තත්ත්වයක් බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම හේතුවන කරුණක් මීට මාස කිහිපයකට කලින් කරළියට පැමිණ යටපත් වූයේය.
    ඒ කතාව වන්නේ මෙරට දැන් අලෙවි වන එල්.පී ගෑස්වල බාල ප්‍රමිතියයි. එහි පවතින බියුටේන් සහ ප්‍රොපේන් අනුපාත වෙනස් කොට ප්‍රොපේන් සංයුතිය වැඩි කිරීම හේතුවෙන් ගෘහස්තව ගෑස් සිලින්ඩර භාවිත කරන ජනතාව හමුවේ අනතුරක් නිර්මාණය වී ඇති බව එහිදී අනාවරණය විය.එයට හේතුව ප්‍රොපේන්වල තාපාංකය එනම් ගිනි ගන්නා උෂ්ණත්වය බියුටේන්වලට සාපේක්ෂව බෙහෙවින් වැඩි වීමය. මේ නිසා ප්‍රොපේන් ඉක්මනින් ගිනි ගැන්මට ලක්වන වන අතර සාපේක්ෂ ව ඉක්මනින් දැවී යාමද සිදුවෙයි. මෙය ගෑස් පාව්චිචය වැඩි වීමටද හේතුවක් බවට පසුගිය කාලය තුළ සාධනීය කරුණු ප්‍රමාණයක් සාකච්ඡාවකට බඳුන් විය.
    සිලින්ඩරයේ බාල ප්‍රමිතිය
    එසේම දැනට පවතින ගෑස් සිලින්ඩරවල වෑල්වයන්හි යම් කන්දු වීමක් සිදුවන්නේ යැයි ශ්‍රි ලංකා ප්‍රමිති අයතනයට පැමිණිලි ඉදිරිපත් වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් සඳහන් කළේය. එසේ වුවද මේ පැමිණිලි සම්බන්ධයෙන් ප්‍රමාණවත් විමර්ශනයක් සිදුවීද යනන් පිළිබඳව පැහැදිලි නැත.
    එසේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයකුව සිට පසුගියදා සතොසේ සුදු ලූනු හොරකම සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක අනාවරණයකින් පසු ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන ද තම තනතුරේ සිටියදිම ගෑස් සමාගම් මෙරට එල්.පී ගෑස් සංයුතිය වෙනස් කිරීම පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කර තිබුණි.
    ඔහු සඳහන් කර තිබුණේ මෙරට පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් ලිට්රෝ මෙන්ම ලාෆ් ගෑස් සමාගමද ඇතැම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවකින් යුතුව කටයුතු කර ඇති බවය. ලිට්රෝ සමාගමේ හිටපු සභාපතිවරයාගේ කාලයේ මෙය සිදුව ඇති අතර පාරිභෝගික අධිකාරියේ හෝ ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ කිසිදු නිල දැනුම් දීමකින් තොරව හිතුමතේ ගෑස්වල සංයුතිය වෙනස් කර ඇති බව ඔහු කීවේය .ලිට්රෝ ලාෆ් ගෑස් සන්නාම දෙකම ගෑස් සංයුතිය වෙනස් කිරීම පසුපස එම සමාලම්වල යම් එකඟතාවකින් සිදුවූ කරුණක් බවට විශ්වාස කළ හැකිය.
    සංයුතියේ වෙනෙස
    අප්‍රියෙල් මාසයට කලින් මෙරට අලෙවි කළ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්වල පැවතුණේ බියුටේන් සියයයට 80ක් සහ ප්‍රොපේන් සියයට 20කි. එහෙත් අප්‍රියෙල් මාසයෙන් පසුව ප්‍රොපේන් සියයට 50 -50 මට්ටමට ගෙන විත් ඇත. ඒ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාර වාර්තාවකින් තහවුරු කරගෙන ඇත.
    එබැවින් මේ කරුණ බැහැර කළ නොහැකිය. මේ සංයුතිය වෙනස් කිරීමට හේතු නිශ්චිතව දැක්වීමට ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් උනන්දු වන්නේ නැත. රටේ බලධාරීන් එවැනි සංයුති වෙනසක් පිළිබඳ ඔවුන්ගෙන් විමසන්නේද නැත.
    මේ පිළිබඳව විමර්ශනාත්මක පුවත් පත් වාර්තාවක් සකසන ඩේලි මිරර් පුවත් පතේ 2021 අගෝස්තු 25 වැනිදා කලාපය සඳහන් කරන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වෙත ඊ මෙල් පණිවිඩයක් යවමින් ලිට්රෝ සමාගම මෙරට කටයුතු සඳහා භාවිත කරන එල්.පී ගෑස් සංයුතියෙහි දැඩි වෙනසක් සිදු කොට ඇති බවය.
    ගෑස් සිලින්ඩරය බෝම්බයක් කිරීම
    කාර්මික කටයුතුවලදී බහුලව භාවිත වන බියුටේන් ප්‍රතිශතය වැඩි කිරීමෙන් මෙරට ගෘහස්තව භාවිත කර අයට එයින් තර්ජනයක් ඇති වන බවට විශේෂඥයන් සඳහන් කරන බැවින් මේ පිළිබඳව අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කරන ලෙස එම ඊ මේල් පනිවිඩය මඟින් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා ඇත.
    එහිදී ඔවුන් පෙන්වා දී ඇති කරුණක් වන්නේ ප්‍රොපේන්වල තාපාංකය පහළ අගයක් එනම් සෙල්සියස් අංශක .-42ක් පමණ අගයක් ගන්නා නිසා එය පහසුවෙන් දැල්වීමේ සහ වාෂ්ප වීමෙ හැකියාවක් පවතින බවය. මෙය ශීත කාලගුණයක් පවතින රටවලට ගැලපුණද ගෘහස්ථ භාවිතය සඳහා ප්‍රොපේන් ප්‍රතිශතය වැඩිවීම තුළ අනතුරක් පවතින බව එහිදී පෙන්වා දී ඇත.
    කෙසේ වුවද මේ සම්බන්ධයෙන් මෙරට කිසිදු පිළිගත් ප්‍රමිතියක් නැති බැවින් පාරිභෝගික පනත සංශෝධනය කර ප්‍රමිතිගත කිරීමේ ක්‍රියාවලිය සිදු කළ යුතු බවට අවධාරණය කර ඇත. එසේම ලිට්රෝ ගෑස් සමාගමේ වර්තමාන සභාපති තෙෂාර ජයසිංහ ද මේ බව පිළිගෙන ඇත. ඔහු පවසන්නේ මෙරට ගෑස්වල පැවැති සංයුතිය බියුටේන් සියයට 70 – 80 සහ ප්‍රොපේන් සියයට 20 -30 සීමා යටතේ බවය.දැනට සිලින්ඩරවල ගෑස් ගබඩා කළ යුතු ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රමිතියක් ඇතත් ගෑස් සංයුතිය පිළිබඳව කිසිදු සම්මුතියක් නොමැති බවට ලිට්රෝ සභාපතිවරයා පවසයි
    මහා විනාශයකට පෙර
    අප මෙහිදී අවධානයට ලක් කරන්නේ මෙතෙක් නොසලකා හැර ඇති මෙම ගෑස් සංයුතිය පිළිබඳව ගැටලුව පිළිබඳව වගකිව යුත්තන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවය. ඒ පිළිබඳව විද්‍යාත්මක ප්‍රවේශයකින් අධ්‍ය්‍යනය කළ යුතු බවය. ඊට හේතු කිහිපයක් ඇත. එකක් වන්නේ ගෑස් සංයුතිය වෙනස්වීමේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව මේ වනවිටත් කතාබහට ලක් වීමය. අනෙක ප්‍රමිති ආයතනයට සිලින්ඩර වෑල්වවල කාන්දුවීම් පිළිබඳව එක පැමිණිල්ලක් හෝ ඉදිරිපත් වීමය. අනෙක මෙම මායේ මුලදී මාතර වැලිගම ප්‍ර දේශයේ හෝටලයක අලුතින් විවෘත කළ ගෑස් සිලින්ඩරයක සැලකිය යුතු ගෑස් ප්‍රමාණයක් දිනක් තුළ කාන්දු වී තිබීමය. එය කාන්දු වූයේ කොතැනින්ද යන්න පිළිබඳව සහ ඇයිද යන්න පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරීම වැදගත් වන්නේ ඉදිරි අනතුරු වළකා ගැනිමය.
    අනෙක සෑම ගෘහයක්ම අවම තරමින් අනතුරු වළකා ගැනීමේ ප්‍රාථමික පියවර වල ගෑස් ලිප් විවෘත කිරීමට පෙර ජනෙල් විවෘත කිරීම නිවසට හොඳ වාතනයක් සැපයීම වැනි කරුණු පිලිබඳව දැඩි සේ දැනුවත් කිරීම අත්‍යවශ්‍යය.

    https://www.facebook.com/Srilankanupdates/
    "එහි පවතින බියුටේන් සහ ප්‍රොපේන් අනුපාත වෙනස් කොට ප්‍රොපේන් සංයුතිය වැඩි කිරීම හේතුවෙන් ගෘහස්තව ගෑස් සිලින්ඩර භාවිත කරන ජනතාව හමුවේ අනතුරක් නිර්මාණය වී ඇති බව එහිදී අනාවරණය විය.එයට හේතුව ප්‍රොපේන්වල තාපාංකය එනම් ගිනි ගන්නා උෂ්ණත්වය බියුටේන්වලට සාපේක්ෂව බෙහෙවින් වැඩි වීමය. මේ නිසා ප්‍රොපේන් ඉක්මනින් ගිනි ගැන්මට ලක්වන වන අතර සාපේක්ෂ ව ඉක්මනින් දැවී යාමද සිදුවෙයි."

    මේක හරිද බං? :unsure:
     
    • Like
    Reactions: shenat

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    "එහි පවතින බියුටේන් සහ ප්‍රොපේන් අනුපාත වෙනස් කොට ප්‍රොපේන් සංයුතිය වැඩි කිරීම හේතුවෙන් ගෘහස්තව ගෑස් සිලින්ඩර භාවිත කරන ජනතාව හමුවේ අනතුරක් නිර්මාණය වී ඇති බව එහිදී අනාවරණය විය.එයට හේතුව ප්‍රොපේන්වල තාපාංකය එනම් ගිනි ගන්නා උෂ්ණත්වය බියුටේන්වලට සාපේක්ෂව බෙහෙවින් වැඩි වීමය. මේ නිසා ප්‍රොපේන් ඉක්මනින් ගිනි ගැන්මට ලක්වන වන අතර සාපේක්ෂ ව ඉක්මනින් දැවී යාමද සිදුවෙයි."

    මේක හරිද බං? :unsure:
    දන්නෙ නෑ බන්
    copy , paste කරලා share කලා විතරයි මම
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ගෑස් ටැන්කි පුපුරන්න අරන් මිනිස්සුම ගෑස් පාවිච්චි කරන එක නැවැත්තුවම, ගෑස් පෝලින් කිය කිය කව්රුත් බනින්නෙ නෑනෙ නේද?
    දැන් තේරෙනව නේද මොකාටද එන්න යන්නෙ කියල.....!!
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දන්නෙ නෑ බන්
    copy , paste කරලා share කලා විතරයි මම
    නෑ, බං මට ඒක අවුල් වගේ දන්න තේරෙන කෙනෙක් පැහැදිලි කරයි කියල බැලුවෙ.
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    නෑ, බං මට ඒක අවුල් වගේ දන්න තේරෙන කෙනෙක් පැහැදිලි කරයි කියල බැලුවෙ.
    hmm balamu bayyek wath explain karayida kiyala
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මේකෙ හැටියට මාත් බයියෙක්. 😳
    ඔයා ඉතින් විද්‍යාත්මක ප්‍රශ්ණයක්නෙ නෙ ඇහුවෙ
    මම උත්තරේ දන්නෙත් නෑ
    ඔයාට බයිය කිවෙ නෑ මම් ඉතින්
     
    • Like
    Reactions: dmsupun