ගෙට ඒ ඒ දිසාවේ ලිද කැපීමෙන් සිදුවන ප්‍රති&#350

Dilminidu

Member
Jul 8, 2007
1,179
55
0
Colombo
අනික ඔය සුද්දෝ ගෙවල් හදනවා වාස්තු ගැන අහලත් නැතුව ඇති. උන්ගේ රටවල් බලපන්කො . අපේ උන් වාස්තු අල්ලන් දගලනවා. ඔය කේන්දර පොන්නයෝ ටිකයි වාස්තු පොන්නයෝ ටිකයි එළවලා දාලා අපේ උන්ට මහන්සි වෙලා වැඩ කරලා රට හදන්න උගන්න ඕනේ. අපේ උන් කේන්දරේ බදාගෙන ලැබෙනකම් ඉන්නවා. එක එක පොන්සියට සල්ලි පුද පුද. බොට පිස්සු. පල පිස්සන් කොටුවකට

sira kathawa,
agreed
 
asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    sira kathawa,
    agreed

    මම අනෙක් ත්රෙඩ් එකේ දාපු උත්තරය ඔබේ ප්‍රශ්නයට පිළිතුරැ ලෙස මෙන්න

    බටහිර රටවල සංස්කෘතිය හා පෙරදිග රටවල සංස්කෘතිය හාත්පසින් ම වෙනස්
    එනම් ,ඉන්දියාව , ලංකාව ඇතුලු අපගේ කලාපයේ වාස්තු ක්‍රම භාවිතා වනවා වගේම නිවාස සහ පවුල යන්න එකාත්මිකව පවතිනවා සීයා ආච්චි ගේ පටන් කුඩාම දරුවා දක්වා සියලු දෙනා එක්ව සිටින පවුල් එකක සහිත සංස්කෘතියක් අප වටා පවතින්න්නේ. දෙදෙනෙකුගේ විවාහයක් මරණය දක්වාම බැඳී පවතිනා හා ඒ හා බැඳී සිරිත් රාමුවක් සහිත සංස්කෘතියක්,

    බටහිර සංස්කෘතිය මීට හාත්පසින් වෙනස්

    ස්වාධීන පවුල් සංකල්පයක ජීවත්වන ඔවුන් එකතරා වයසකදී ස්වාදීන පුද්ගලයන් ලෙස සමාජගත වනවා මෙන්ම oවුන්ට ස්වාමියා බිරිඳ පියා මව පවා බැඳීමක් රහිත චරිත පමණයි , ඔවුන් ජීවත් වන්නේ ගොඩනැගිලි වල මිස ඒවා නිවාස නෙමයි ,නිවාස කියන්න පුළුවන් " නිරවුල් මනසින් වාසය කළහැකි ස්ථාන " වලට මිස රාත්‍රියක් ගතකරන ස්ථාන වලට නොවේ . අන්න එලෙස නිරවුල් මනසින් වාසය කළහැකි ස්ථාන සකසාගැනීම වෙනුවෙනුයි මේ වාස්තු විද්‍යාව නිර්මාණය වී තිබෙන්නේ .
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔය වැලි බයිලා හොදයි අර ගෙදර වැඩ නැති නුග සෙවන බලන ගැනුන්ට.. :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනේ මචන් මේ කවි ටික පැහැදිලි කරපන්..කොයි පැත්තද හොද නරක..

    ලිඳ වහලේ උඩ හැදුවත්, ලැට් වල ගාවනං හදන්නෙපා! එච්චරයි කියන්න තියෙන්නේ මට නං! :D
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඔයටික ඔක්කොම විඳගෙන අනුන්ගේ කාලසටහනකට නේද ඔබ ජීවිතේ ගතකරන්නේ ?
    තව පැහැදිලි කරොත් , ඔබට මානසික නිදහස මානසික සහනය වගේ දේවල් අඩුයි , නැවත හැරෙන්න තියා එහෙම දෙයක් හිතන්නවත් අපහසුයි ,

    ගහක ගටගපු සතෙකුට සමාන ජීවිතයක් ................

    යස අගේට ඉන්නවා. බොලාට තමා දාහක් ප්‍රශ්න.... කියල හිත හදාගත්තට ෆ්ලට් වල ඉන්නවා පයිප්පෙන් වතුර ටික එනවා, ලිෆ්ට් එකෙන් ගේ දොරකඩටම එනවා, කොන්, මුලු, යටලි ඒ උකාරිස් නැ කියුවට සතුට සැනසීම ඔය කියන දේවල් ඔය ගතකරන ජීවිතේ නොමැතිබව නොතේරෙනවා නෙමෙයි . ඔබේ පියා පියාගේ පියා ගතකරපු ජීවිතේ ඔබ ගතකරන ජීවිතයට වඩා සරලයි සහෙල්ලුයි නිදහස් එහෙම ඉන්න ආසයි ලෝබයි එත් එතනට එන්න ක්‍රමයක් නැතිකම නේද ,ඔබේ ගැටලුව ???????//

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    පේන විදිහට උබ බ්ස්නස් හදාගන්න එලකිරි ඇවිත් තියෙන්නේ...පරන පොත් වල තියන එවා ගෙඩි පිටින් මෙතන අතාරින්න එපා...(හදහන් වල එකෙක් කුජ නම් බදින්න එපා කියනවා වගේ...කාටවත් හරියට විස්තරාත්මක කියන්න දන්නේත් නැ පොත් වල තියන පලියට එපා කියනවා )උබට බ්ස්නස් හදාගන්න ඔනේ නම් මේවා පැහැදිලිව විස්තර කරපන්.එතකොට උබ ගැන සැටිස් පොරවල් උබව හොයාගෙන එයි.....හැබයි බය වෙන්න එපා උබ මේ දාන එවා වලින් අපි ඉගෙන ගෙන උබෙ බඩේ පාර දෙන්නේ නැ....ඔය දේවල් ප්‍රායෝගිකව වෙන විදිහ විස්තර කරපන්...
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    :rofl::rofl::rofl: වාස්තු කාරයා ලිදේ
     
    ස්තුති මිත්‍රයා මගේ උත්සාහය පැහැදිලි කිරීමට මග හදල දුන්නාට ,

    "පේන විදිහට උබ බ්ස්නස් හදාගන්න එලකිරි ඇවිත් තියෙන්නේ". කියල ඔබ චෝදනා කලත් මගේ සේවා දායකයින් මගේ දිනපොතේ මාසයකට පෙර ඉදිරි මාසය සඳහා වාස්තු පරීක්ෂාවන් සඳහා කාලය වෙන්කරගෙන අවසන්, ඒ වගේම වාස්තු පරීක්ෂාවක් සඳහා ලංකාවේ ඉහලම ගාස්තු අයකරන 3 දෙනාගෙන් කෙනෙක්, ඒ කඩා බිඳ දැමීම් හෝ කඩා වෙනස්කිරීම් වලින් තොරව පරපුරෙන් පැවත එන කෙම් හා විශ්ව ශක්ති ක්‍රම අනුව වාස්තු දෝෂ ඉවත් කරන ලංකාවේ එකම වාස්තුවේදී පරපුර මගේ පරපුර වීම නිසා මිස,පොත්ගොඩක තියන දේ ඒ විදිහට දක්වන බහුතරයක් පොතේගුරු වාස්තුවෙදීන්ගේ හෝ දවල් වරුවට සාලය නුගසේවනක් කරගන්නා බිරින්දෙවරුන්ගේ නිදිමත සයනයේ නැළවිලි ගී කියන වාස්තු සාස්තෘන් ගේ පරපුරට මම අයත් නොවීම නිසයි ,
    එළකිරි එකෙන් තෙඅඩ් දාල බිස්නස් ඉහල දමාගන්න ඕනනම් මම පටන්ගන්නේ මේ වගේ ත්රෙඩ් එකක් නෙවයි , මේකේ ඉන්න බහුතරය යොවුන් වියේ පිරිසක් බව මම හොඳින් දැනුවත් , මම ඒ බව දැනුවත්ව මේ උත්සාහ කරන්නේ යොවුන් පරපුර සමග මෙමෙ ශිල්පය පිලිබඳ කතිකාවතක් ගොඩනැගීම හා ඒ හරහා මෙවන් වටිනා ශිල්ප ක්‍රමයක පල ප්‍රයෝජන දක්වලීම මිස මේ ත්‍රඩ් එක හරහා මගේ ව්‍යාපාරයේ කීර්තිය ඉහල දමාගැනීමට නෙමෙයි,මගේ මගේ ව්‍යාපාරයේ කීර්තිය ඉහල දමාගැනීමට වෙනත් බොහො සාර්ථක ක්‍රියාමාර්ග මැනවින් ක්‍රියාත්මක බවත් මම ඔබට මතක් කරදීමට කැමතියි
     
    Last edited:
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    භූගත ලිඳ ජල මුලාශ්‍රය නල මාර්ගය හෝ ජල ටැංකිය ඊසාන හෝ නිරිත දිසාවේ පිහිටුවීම වාස්තු විද්‍යාත්මකව නිවසකට සුබ පල උදාකරයි
    සහෝ මේ දිශාවල් ගනන් ගන්නෙ ගෙදර ප්‍රධාන දොරේ පිහිටීමෙ හැටියට ද?:confused:
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    එළකිරි කොල්ලෙක්;16888169 said:
    සහෝ මේ දිශාවල් ගනන් ගන්නෙ ගෙදර ප්‍රධාන දොරේ පිහිටීමෙ හැටියට ද?:confused:

    නැහැ
    ගෙදර මද්‍යයේ මාලිමාවක් ත්බ්බොත් එකේ දිශාව දැක්වෙන ආකාරය අනුව නිවසේ ඒ ඒ දිශා පිහිටීම සලකනවා
     
    Last edited:
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    නැහැ
    ගෙදර මද්‍යයේ මාලිමාවක් ත්බ්බොත් එකේ දිශාව දැක්වෙන ආකාරය අනුව නිවසේ ඒ ඒ දිශා පිහිටීම සලකනවා
    11.gif
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ස්තුති මිත්‍රයා මගේ උත්සාහය පැහැදිලි කිරීමට මග හදල දුන්නාට ,

    "පේන විදිහට උබ බ්ස්නස් හදාගන්න එලකිරි ඇවිත් තියෙන්නේ". කියල ඔබ චෝදනා කලත් මගේ සේවා දායකයින් මගේ දිනපොතේ මාසයකට පෙර ඉදිරි මාසය සඳහා වාස්තු පරීක්ෂාවන් සඳහා කාලය වෙන්කරගෙන අවසන්, ඒ වගේම වාස්තු පරීක්ෂාවක් සඳහා ලංකාවේ ඉහලම ගාස්තු අයකරන 3 දෙනාගෙන් කෙනෙක්, ඒ කඩා බිඳ දැමීම් හෝ කඩා වෙනස්කිරීම් වලින් තොරව පරපුරෙන් පැවත එන කෙම් හා විශ්ව ශක්ති ක්‍රම අනුව වාස්තු දෝෂ ඉවත් කරන ලංකාවේ එකම වාස්තුවේදී පරපුර මගේ පරපුර වීම නිසා මිස,පොත්ගොඩක තියන දේ ඒ විදිහට දක්වන බහුතරයක් පොතේගුරු වාස්තුවෙදීන්ගේ හෝ දවල් වරුවට සාලය නුගසේවනක් කරගන්නා බිරින්දෙවරුන්ගේ නිදිමත සයනයේ නැළවිලි ගී කියන වාස්තු සාස්තෘන් ගේ පරපුරට මම අයත් නොවීම නිසයි ,
    එළකිරි එකෙන් තෙඅඩ් දාල බිස්නස් ඉහල දමාගන්න ඕනනම් මම පටන්ගන්නේ මේ වගේ ත්රෙඩ් එකක් නෙවයි , මේකේ ඉන්න බහුතරය යොවුන් වියේ පිරිසක් බව මම හොඳින් දැනුවත් , මම ඒ බව දැනුවත්ව මේ උත්සාහ කරන්නේ යොවුන් පරපුර සමග මෙමෙ ශිල්පය පිලිබඳ කතිකාවතක් ගොඩනැගීම හා ඒ හරහා මෙවන් වටිනා ශිල්ප ක්‍රමයක පල ප්‍රයෝජන දක්වලීම මිස මේ ත්‍රඩ් එක හරහා මගේ ව්‍යාපාරයේ කීර්තිය ඉහල දමාගැනීමට නෙමෙයි,මගේ මගේ ව්‍යාපාරයේ කීර්තිය ඉහල දමාගැනීමට වෙනත් බොහො සාර්ථක ක්‍රියාමාර්ග මැනවින් ක්‍රියාත්මක බවත් මම ඔබට මතක් කරදීමට කැමතියි

    අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නනම්
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නනම්

    "ඔය දේවල් ප්‍රායෝගිකව වෙන විදිහ විස්තර කරපන්..".කියල කියුවට මොන දේවල්ද ප්‍රායෝගිකව වෙන විදිහ දනගන්න ඕන
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    "ඔය දේවල් ප්‍රායෝගිකව වෙන විදිහ විස්තර කරපන්..".කියල කියුවට මොන දේවල්ද ප්‍රායෝගිකව වෙන විදිහ දනගන්න ඕන

    ලිඳ සඳහා හොඳම දිශාව ඊසාන ඊළඟට නිරිත

    ඇයි ඒ ? විද්‍යාත්මකව විස්තර කරන්න
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ලිඳ සඳහා හොඳම දිශාව ඊසාන ඊළඟට නිරිත

    ඇයි ඒ ? විද්‍යාත්මකව විස්තර කරන්න

    මිත්‍රයා,

    ගැලීලියෝ දුරදක්නය හොයාගන්නට වසර 3000කට වඩා ඉහතදී පෙරදිග සෘෂි වරුන් ග්‍රහ වස්තුන් තාරකා පිළිබඳවත් ඒවාට පෘතුවියේ සිට ඇති දුරත් පමණක් නොවෙයි ඒ ඒ ග්‍රහ වස්තුන්ගේ කිරණ වලින් මිනිස් ජීවිතවලට ඇති වන විපර්යාස මෙන්ම චුම්භක ක්ෂේස්ත්‍රය සුර්ය ශක්තිය මෝසම පිළිබඳව නිවැරදි අවභෝදයකින් තමයි මේ වාස්තු විද්‍යාව නිර්මානය කලේ
    ඔබ හොඳින් දන්නවා ඇති අප කලාපයට වර්ෂාව ලැබෙන්නේ නිරිතදිග හා ඊසානදිග මෝසම් වලින් බව හා ඊසානදිග මෝසමෙන් වැඩි වර්ශාපතනයක් ලැබෙන බවත්, ප්‍රදාන සුලන් ප්‍රවාහ දෙක ලබෙනුයේ මෙම දිශානුගතව බවත්

    ඒ වගේම මිනිස් පරිභෝජනයට වඩා උචිත පිරිසිදු ජලය බවත් ඔබ පිලිගන්නවා නිසැකයි වගේම ඔබේ ප්‍රශ්නයට නිසි උත්තරයත් දැන් ඔබට වැටහිලා ඇති .

    දැන් ඔබ මවිත වනු නිසැකයි මීට වසර 4000කටත් වඩා පැරණි පෙරදිග සෘෂි වරුන්ගේ විද්‍යා දැනුම හා ගණිත හැකියාව පිළිබඳව

    ඔබේ වචනයෙන්ම කියුවොත් මා...රයි නේද ????
     
    .

    ane ban,
    kochchara mooda kathawakda ee?

    lin kapanne wassen ena wathura ekathu karala tiya gannada?

    widyaathmakawa gattama bhuugatha jalaya oonama pattaka tiyenne puluwan.
    නිරිතදිග හා ඊසානදිග මෝසම් lin kapana dishawata kisima sambandayak naa.

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඔය විදියට නම් ඉතිං පුතේ ලංකාවෙ ලිඅදවල් කපන්නම වෙන එකක් නෑ. මං හිතන්නෙ උල්පත් පොලව යටින් ඊසානට හරි නිරිතට බට දාල හරවලා තමා ලිං කපන්න වෙන්නෙ.

    හම්බවෙන එකාට ඔය මොන මගුල් තිබ්බත් හම්බවෙනවා බං. දැං ඇමරිකාවල උන් ලිං කපන්නෙ ගෙවල් හදන්නෙ වාස්තු බලලද.

    ඕනම දෙයක් විශ්වාස කරන්න ඕන ප්‍රායෝගිකව
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉහත පිළිතුර ඔබටත් ප්‍රමාණවත් යයි සිතමි

    ළිඳකින් අපි බලාපොරොත්තු වෙන්නේ භූගත ජල ප්‍රවාහ වලින් ප්‍රයෝජන ගැනීමයි. ඔබේ පැහැදිලි කිරීම අනුව, ශ්‍රී ලංකා පොලවේ භූගත ජල ප්‍රවාහ ඊසානදිග නිරිතදිග දිශා ඔස්සේ පවතින්නේ යැයි සහතික විය හැකි ද? නිවසක භූගත ජල ප්‍රවාහය පවතින්නේ නැගෙනහිරින් නම්, ලිඳ ඊසාන හෝ නිරිතෙන් කපා ඇති පලය කීම?