ගෙඩි හැදෙන්නෙ නැති දූරියන් ගස් තියනවාද, ගොඩ දාන්න විදියක් තියනවා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    සාමාන්‍යෙන් දූරියන් ගහක ඇට පැල කරොත් අවුරුදු 8-10ක් යනවා ගෙඩි හැදෙන්න
    තව බට් පැලයක් නං අවුරුදු 5-6ක් යනවා.
    ඇට පැල නං අවුරුදු 4-5න් සහ බට් පැල නං අවුරුදු 3ක් ගෙඩි ගන්න ක්‍රමයක් තියනවා
    Paclobutrazol කියලා කෙමිකල් එක්ක තියනවා ඒක දාල මේ වැඩේ කරන්න පුලුවන්. අඹ ගස් වලටත් මේක කරන්න පුලුවන්ලු. අඹ ගස් නං වැඩි අතු කපල කඳට අවුව වැටෙන විදියට උඩට යන අතු ටික කපලා මේක කරාම වැඩේ ගොඩ කියලා කියන්නෙ

    අපේ දෙනියාගෙ ගෙදර ගස් 6-7ක්ම තියනවා මල් එන්නෙ ටිකයි සහ ගෙඩි කීපයක් එන, සමහර ගස් අවුරුදු 15 විතර පරනයි
    මේක කරලා බලන්න ඉන්නෙ මාත්

    ගෙඩි හැදෙන්නෙ නැති ගස් තියන අය ට්‍රයි කරලා බලන්න. තව මේක දාල ඕනම කාලෙක ගෙඩි ගන්න පුලුවන් සහ අවුරුදු එක හමාරක් ඇතුලත එක පාරකට වඩා මේක ගස් වලට දාන්න හොඳ නැහැ මොකද ගහට දරා ගන්න බැරි තරම් ගෙඩි හැදිලා ගහ දුර්වල වෙලා ආයෙ ගෙඩි හැදෙන්න අවුරුදු ගානක් බලං ඉන්න වෙයි

    කරන හැටි විස්තර ටික මෙතන තියනවා

    විනාඩි 7 ඉඳං බලන්න කම්මැලි නං
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    අවුරුදු 3 නෙන් වගේ ගෙඩි හැදෙන වැඩිය උස යන්නේ නැති ගස් තියෙනවා ගෙඩි අතින් කඩන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG and NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    අවුරුදු 3 නෙන් වගේ ගෙඩි හැදෙන වැඩිය උස යන්නේ නැති ගස් තියෙනවා ගෙඩි අතින් කඩන්න පුළුවන්
    නිකන් අවුරුදු 3න් ගෙඩි හැදෙන්නෙ නැහැ මචන්
    දෙනියායෙ අපේ ගෙදර ඔය අවුරුදු 3න් හැදෙනවා කියන බට් කරපු ගස් තියනවා කවදාවත් අවුරුදු 3න් පීදිලා නැහැ (එහෙ වත්ත පුරාම දූරියන් ගස් තියනවා ඇට පැල සහ බට් පැල )
    අඩුම අවුරුදු 4-6 යනවාමයි. එතකොටත් ගෙඩි අතින් කඩන්න පුලුවන් සයිස් පහලම අතු වල තමයි ගෙඩි නං හැදෙන්නෙ, පොඩි එකෙක්ට උනත් අතින් කඩන්න පුලුවන්

    ඔය අවුරුදු 3න් හැදෙනවා නං මං හිතන්නෙ ගොඩක් දුරට මේ වගේ මොනවා හරි විශේශ දෙයක් කරලා හදන්නෙ.
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,901
    1
    51,902
    113
    ප*යාගල
    sorry.com
    ගෙඩි අතින් කඩන්න පුළුවන්
    image.png
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ගේ පිටිපස්සේ තියෙලා කැපුවා ගෙඩිත් නැති නිසා ලිඳ හදන්න. ගහ කැපුවට පස්සේ දැක්කෙ උඩම ඇත්තක චූටි ගැට හැදිලා. 😓
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ai ochchara hadissi? :(
    මම නම් මචන් ගොඩක් ගෙඩි හැදෙන ගස් හිටවනවා, හොඳට සාත්තු සහ පෝර එහෙමත් දානවා
    හැබැයි අවුරුදු 6-7ක් ගෙඩි හැදෙනකන් බලං ඉන්නවා කියන එක ටිකක් ප්‍රැක්ටිකල් නැහැනේ

    අපි වෙන මහන්සියට ගෙඩියක් දෙකක් හරි හැදෙනවා නං එතන සැටිස්ෆැක්ශන් එකක් තියනවා. අනික ගහක් හිටවලා අවුරුදු 3ක් බලං ඉඳලා මොනවා හරි කරලා ගෙඩි හදා ගන්න එක ඉතින් හදිස්සියක්ම කියන්න බැහැනේ
    අනික සමහර වෙලාවට අවුරුදු 15ක් විතර යනවා. දෙනියායෙ අපෙ ගෙදර එහෙම ගස් තියනවා අවුරුදු 15ක් විතර ගිහින් පීදුනු.

    ගේ පිටිපස්සේ තියෙලා කැපුවා ගෙඩිත් නැති නිසා ලිඳ හදන්න. ගහ කැපුවට පස්සේ දැක්කෙ උඩම ඇත්තක චූටි ගැට හැදිලා. 😓
    දූරියන් වල පහල අතු කපනවා නං ගෙඩි හැදෙන්න පරක්කු වෙනවා ගොඩක්ම
    මොකද පහලම අතු වල තමයි මුලින්ම ගෙඩි හැදෙන්නෙ
    ගොඩක් අය ගහ ලඟට යන්න බැරි එක නිසා සහ කරදරයි කියලා පහලම අතු කපනවා ඒක නිසා තමයි ගෙඩි හැදෙන්න කල් යන්නෙ
    ------ Post added on Jan 18, 2023 at 1:31 PM
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,994
    5,674
    113
    නිකන් අවුරුදු 3න් ගෙඩි හැදෙන්නෙ නැහැ මචන්
    දෙනියායෙ අපේ ගෙදර ඔය අවුරුදු 3න් හැදෙනවා කියන බට් කරපු ගස් තියනවා කවදාවත් අවුරුදු 3න් පීදිලා නැහැ (එහෙ වත්ත පුරාම දූරියන් ගස් තියනවා ඇට පැල සහ බට් පැල )
    අඩුම අවුරුදු 4-6 යනවාමයි. එතකොටත් ගෙඩි අතින් කඩන්න පුලුවන් සයිස් පහලම අතු වල තමයි ගෙඩි නං හැදෙන්නෙ, පොඩි එකෙක්ට උනත් අතින් කඩන්න පුලුවන්

    ඔය අවුරුදු 3න් හැදෙනවා නං මං හිතන්නෙ ගොඩක් දුරට මේ වගේ මොනවා හරි විශේශ දෙයක් කරලා හදන්නෙ.
    මට නං මචං දූරියං සුවඳ තමා උහුලගන්න අමාරු
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    male/female gas wena wenama thiyanawada danne na
    එහෙම සීන් එකක් නැහැ මචන්
    සමහර වර්ග තියනවා cross polinate වෙන්න ඕන ගෙඩි ගොඩක් හැදෙන්න.
    හැබැයි දැන් ඔය බට් කරලා විකුනන හොඳ වර්ග cross polinate වෙන්න ඕන නැහැ, මොකද වගාවට කරද්දි සමහර විට මුලු වගාවෙම සේරම පැල එකම මවු ගහකින් අරන් බට් කරලා තියෙන්න පුලුවන් එතකොට ගස් සේරම identical එහෙම උනාම ගස් දෙකක් උනත් cross polination නෙමෙයි. ඒ සීන් එක නිසා self polinate වෙන්න පුලුවන් වර්ග තමයි ඔය බට් කරලා විකුනන්න තියෙන්නෙ
    මල් ගොඩක් හැදිලා ගෙඩි හැදෙනවා අඩු නං අතිං පරාගනය කරාම ගෙඩි ගොඩක් හදා ගන්න පුලුවන්

    මට නං මචං දූරියං සුවඳ තමා උහුලගන්න අමාරු
    සුවඳ විතරද අවුල, කන්න බැරිද?
    ඒක ඉතිං අවාසනාව තමයි
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,267
    27,979
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එහෙම සීන් එකක් නැහැ මචන්
    සමහර වර්ග තියනවා cross polinate වෙන්න ඕන ගෙඩි ගොඩක් හැදෙන්න.
    හැබැයි දැන් ඔය බට් කරලා විකුනන හොඳ වර්ග cross polinate වෙන්න ඕන නැහැ, මොකද වගාවට කරද්දි සමහර විට මුලු වගාවෙම සේරම පැල එකම මවු ගහකින් අරන් බට් කරලා තියෙන්න පුලුවන් එතකොට ගස් සේරම identical එහෙම උනාම ගස් දෙකක් උනත් cross polination නෙමෙයි. ඒ සීන් එක නිසා self polinate වෙන්න පුලුවන් වර්ග තමයි ඔය බට් කරලා විකුනන්න තියෙන්නෙ
    මල් ගොඩක් හැදිලා ගෙඩි හැදෙනවා අඩු නං අතිං පරාගනය කරාම ගෙඩි ගොඩක් හදා ගන්න පුලුවන්

    එල එල. අපෙත් අම්ම තායි ගිහින් එද්දී ගෙනාපු පලතුරු කීපයක ඇට පැල කරලා තියෙනවා.
    ඒත් ගෙඩි එන පාටක් නම් නෑ. දැන් ගසුත් ගොඩක් ලොකුයි.
     
    • Like
    Reactions: NEMISIS and NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං පොඩි කාලේ මෙහෙ දූරියන් ගස් ගොඩාක් තිබුණා
    ඒ කාලේ ගෙඩි එන කාලෙට පැත්තම සුවදයි

    අපේ අම්මාටයි, ආච්චිටයි ගදයි කියලා ඒ ඔක්කොම කපලා :(
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    නිකන් අවුරුදු 3න් ගෙඩි හැදෙන්නෙ නැහැ මචන්
    දෙනියායෙ අපේ ගෙදර ඔය අවුරුදු 3න් හැදෙනවා කියන බට් කරපු ගස් තියනවා කවදාවත් අවුරුදු 3න් පීදිලා නැහැ (එහෙ වත්ත පුරාම දූරියන් ගස් තියනවා ඇට පැල සහ බට් පැල )
    අඩුම අවුරුදු 4-6 යනවාමයි. එතකොටත් ගෙඩි අතින් කඩන්න පුලුවන් සයිස් පහලම අතු වල තමයි ගෙඩි නං හැදෙන්නෙ, පොඩි එකෙක්ට උනත් අතින් කඩන්න පුලුවන්

    ඔය අවුරුදු 3න් හැදෙනවා නං මං හිතන්නෙ ගොඩක් දුරට මේ වගේ මොනවා හරි විශේශ දෙයක් කරලා හදන්නෙ.
    Dan gananda bn duriyan??
     
    • Like
    Reactions: NEMISIS and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මාදං gahak tiyenawa 10 Years walatath paranai.. manda mona karannada kiyala.. thaththa gema illanawa kapamu kiyala.. :(

    එල එල. අපෙත් අම්ම තායි ගිහින් එද්දී ගෙනාපු පලතුරු කීපයක ඇට පැල කරලා තියෙනවා.
    ඒත් ගෙඩි එන පාටක් නම් නෑ. දැන් ගසුත් ගොඩක් ලොකුයි.

    එක එක ගස් වලට එක එක වැඩ තියනවා ගෙඩි හැදෙන්න කරන්න
    ගොඩක් ගස් වල උඩට යන අතු ටික කපලා වටේට යන අතු ටික ඉතිරි කරාම ගහේ කඳට අවුව වැටෙන විදියට ගෙඩි හැදෙනවා
    මේක කරන්න ඕන පායන කාලයක් පටන් ගන්න ඔන්න මෙන්න තියලා
    තව වතුර දාන එක අඩු කරාමත් හරි.
    සරලව කිවුවොතින් ගහට ආටිෆිශලි ටිකක් hard condition එකක් හදලා දෙන්න ඕන, එතකොට ගහේ ඊලග පරම්පරාව ගෙනියන එක ශුවර් කරගන්න ඕන නිසා ගෙඩි එනවා
    සාමාන්‍යෙන් හරියට කප්පාදු කරනවා නං ගොඩක් ගස් වල ස්වාබාවිකව ගෙඩි හැදෙනවට වඩා ලොකු ගෙඩි ප්‍රමානයක් ගන්න පුලුවන්

    මං පොඩි කාලේ මෙහෙ දූරියන් ගස් ගොඩාක් තිබුණා
    ඒ කාලේ ගෙඩි එන කාලෙට පැත්තම සුවදයි

    අපේ අම්මාටයි, ආච්චිටයි ගදයි කියලා ඒ ඔක්කොම කපලා :(
    අපරාදෙ
    අපේ ගෙවල් වල නං සේරම අය කනවා, කනවා කියන්නෙ ගඩියක් පේන්න බැහැ
    මාව මැරි කරද්දි වයිෆ් කන්නෙ නැහැ, දැන් ගෙදරට ගෙඩියක් ගෙනාවොත් වයිෆ්ට අහුවෙන්නෙ නැතිවෙන්න හංගලා තියන්න ඕන
    පොඩි උන් දෙන්නත් කනවා,

    Dan gananda bn duriyan??
    මේ පැත්තෙ නං ටුවරිසම් සීන් එක නිසා පට්ට ගනන්

    දෙනියාය පැත්තෙ එහෙම නං ලොකුම ගෙඩියක් 800ක් වගේ පොඩි ගෙඩි 300 ඉඳන් තිබුනා
    ------ Post added on Jan 18, 2023 at 2:26 PM