ගෙදරට ඉන්ටනෙට් නැති කාලෙ මගේ අත්දැකීම්.

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දැන් කැෆේ වලට ලොකු ලොකු නෝනලා ගියාට ඒ කලේ ගියේ ලෝඩ් පකීර් කොලු ගැටව් නොවෑ.

    තාමත් ඉන්ටනෙට් කැෆේ තියෙනවද?
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,359
    7,863
    113
    Mul kaale game eke crack karanne danne nathuwa game CD keepayak pettakata dala tiyenaw.
    Error eka enne insert correct CD-ROM wage ekak. ithin hithanne CD eka hora copy ekak nisa wada karanne ne kiyala. Original game ekama ganna ona kiyala.
     
    • Haha
    Reactions: thedigit2s

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ආව ඊ මැගසින් එකක් නම මතක නෑ රේ වගේ මතක ඒකෙ අලුත් සින්දු ටිකක් පොඩි මිනිගේම් වයිරස් ගාඩ් අප්ඩේට් වගේ ඒව ටිකක් ආව ඉතිං ඒකක් තාත්ත ගෙනල්ල දෙනව අද්‍යාපණික සීන් එකක් නිසා
    දැන් තාත්ත නෑ
    මුලින්ම Ray මැගසින් එක ගෙන්න ගත්තේ විජය පරිගනකෙ ඇඩ් එකක් දැකලා තාත්තාව කොළඹ යවලා. දෙහිවල නැදිමාලෙ වගේ ගෙදරකටම ගිහින් තමයි තාත්තා අරන් ආවෙ මුල්ම ඉසුස් ටික. ඊට පස්සේ තෑපෑලෙන් ගෙන්න ගත්තා.
    😞

    QW4HD DQCRG HM64M 6GJRK 8K83T
    කටපාඩම් :ROFLMAO::ROFLMAO:
    මාසෙකට සැරයක් වින්ඩොස් ගහනවාම තමයි මොකක් හරි කස්ටමයිස් කරපු වර්ශන් එකක් හොයන් ඇවිත්. ඊට පස්සෙ සතියයක් දෙකක් එක එක සොෆ්ට්වෙයර් ටික ඉන්ස්ටොල් කරනවා. ඒක ඉවර උන ගමන් තව වින්ඩොස් එකක් හොයන් එනවා. Repeat..
    ------ Post added on Sep 8, 2024 at 7:26 AM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒකාලෙ මම ගාව සීඩී දාල තියෙන ෆොටෝ ඇල්බම් වගේ මොකද්ද එකක් තිබ්බ ඒකෙ තමා සේරම දාල තියෙන්නෙ.
    ඔය භාණ්ඩේ අපේ මලයා ගාව තියෙනවා තාම.ඌ 2010 ඉදන් ගහපු වීඩීයෝ ගේම් සීඩී/බලපු ෆිල්ම් ඩීවීඩී එකතු කරලා..
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,005
    113
    අපේ ගෙදර පියාගේ දැඩි තීරණය මත නිවසේ පරිඝණකය කාමරයේ සිට සාලයට වඩම්මන ලද්දාහෙයින් මම මහත් අගතියට පතිවීමි

    මෙලෝ මලදානයක් කරන්න බෑ ගෙදරට එන ඕන එකෙක් ඇවිල්ල හොට දානව

    ඉතිං ඒක නෙමේ කතාව

    ඉන්ටනෙට් නෑ

    ගේම් සීඩී ගේන්නෙ ඒකත් ඒකාලෙ 50යි ගෙදරට ගෙනාවම වැඩ කරන්නෙ නෑ හුගක් ඒව ආයි බාරගන්නෙත් නෑ කඩෙන්.

    සොෆ්ට්වෙයා එහෙම හොයන්න යන්න ඕන පෙන් එකක් හරි එම්ටි සීඩී එකක් හරි අරං තියෙන එකෙක්ගෙ ගෙදර

    ඒකාලෙ මම ගාව සීඩී දාල තියෙන ෆොටෝ ඇල්බම් වගේ මොකද්ද එකක් තිබ්බ ඒකෙ තමා සේරම දාල තියෙන්නෙ.

    කැෆේ වලට යන්න ඕන මොනා හරි දෙයක් කරගන්න ඕන උනාම ඒකාලෙ පැය බාගෙට 20යි හරි 15 යි හරි.

    පස්සෙ 2010 / 09 වගේ ආව ඊ මැගසින් එකක් නම මතක නෑ රේ වගේ මතක ඒකෙ අලුත් සින්දු ටිකක් පොඩි මිනිගේම් වයිරස් ගාඩ් අප්ඩේට් වගේ ඒව ටිකක් ආව ඉතිං ඒකක් තාත්ත ගෙනල්ල දෙනව අද්‍යාපණික සීන් එකක් නිසා
    දැන් තාත්ත නෑ

    ඒකාලෙ හරි ආතල් දැන් වගේ නෙමෙයි

    ඔයාලගෙ අත්දැකීම් මොනවද මේ මම කියන කාලෙ
    Paththara balan athe gahuwa
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    අම්බෝ සතියකට පාරක් ඔක අස්සෙ රින්ගනවමයි. අම්බානක තිබ්බ ගනිපු ගේම් සීඩි + රූ / රේ මැගසින්
    පොර නම් සිරාවට පට්ට සේවයක් කලේ පළාතෙ උන්ට, තාම ඉන්නවද දන්නෙ නෑ. හුච්චන් කඩ කාමරේ උනාට IT කුකුලො ජෙනරේශන් දෙක තුනක්ම ගොඩ දැම්ම පොරක් තමයි ඔය.
     
    • Love
    Reactions: Nidarshana_k

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ජංජාලේ ගෙදෙට්ට නැතිකාලේ ඉතිං cd dvd තමා unity පාසා එකේ තිබ්බ cd කඩයක්. මුල් කාලේ එකේ වෙල cd හිටං තිබ්බ. මායි තව එකෙකුයි ඕකෙන් educational purpose එකට අහඹු ලෙස වෙල cd එකක් ගත්ත. ගෙදර ඇවිත් බලද්දී එක shemale සීන් එකක් ඒ කාලේ ඕව දන්නේ නෑ නේ අරුයි මායි පුල් කන්පියුස් මොක්කුද මේ කියල.

    එතකොට කැෆේ වල පයකට 50. ටෙලිෂොප් වල කැෆේ තිබ්බ ගණන් අඩුයි ස්පීඩ් හොදයි.

    මට හරියටම තැන මතක නෑ කොල්ලුපිටිය බම්බලපිටිය අතර ඩුප්ලිකේෂන් පාරේ cd කඩයක් තිබ්බ සොෆ්ට්වෙයා os එහෙම ඔරිජිනල් cd වල ගහල 200 ද කොහෙද. රයිට් කරපු cd නෙවි.

    මුලින්ම ඉන්ටර්නෙට් ගත්තේ ලොකු තාත්තා එයාගේ ඊ මේල් එහෙම වැඩ වලට. මොඩම් එකක් ටෙලිපං ලයින් එකට ගහල 56K කියල කියන්නේ. ඒ බිට් ගානලු බං ස්පීඩ් එක 7-8kbps (උපරිම) මොඩම් එක වැඩ කරද්දී කූං කූං ගාන එක. ඒ කාලේ ගූ ගල් වලට වඩා යා හූ ජනප්‍රිය.
     
    • Love
    Reactions: Nidarshana_k

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    ඔය සීඩී ප්‍රශ්නෙ මටත් තිබුනා. අන්තිමට හදිසියකට windows xp cd එකක් අරන් ගිහින් ඒක වැඩ කරන්නෙ නැතුව කඩේ එකා බාරගන්න බෑ කියලා ගේම ඇද්දම මිනිහා එතන තිබ්බ pc එකකට සීඩී එක දාලා ඉන්ස්ටෝල් කරල පෙන්නුවා. නව නිංගිරාවයි! :lol: ඊට පස්සෙ අලුත් writer එකක් ගත්තම ප්‍රශ්නෙ විසදුනා.

    ගත්තේ gigabyte 52x එකක්. වෙන කිසිම writer එකකින් එච්චර වේගෙන් write කරනවා මම දැකලා නෑ. ඕනෙම හීරිච්ච cd එකක් read කරනවා. කොහොම හරි ඒක මාස හත අඩක් පාවිච්චි කරා. ආසාවට 52x ම දාලා write කරන්න ගිහින් cd එකක් ඇතුලේ පිපිරුවා. මාරු කරන්න ගියාම benq 56x එකක් දුන්නේ. ඒක අරකෙන් බාගයක් තරම්වත් ස්පීඩ් නැහැ.
    නාකි පොන්නය
     
    • Love
    Reactions: hasithayad

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ගාල්ලේ කට්ටිය අත උස්සන්න බලන්න ඔය කාලේ Com and Com එක වන්දනා කරපු
    අම්මෝ ඒ කාලේ උදේ හවස වන්දනාමාන කල තැනක්....
    ඩයල් එකත් සුපිරි බුවා :love:
    ඒ CD/DVD රැක් ටික.. :cool:

    Suntel CDMA dial-up Connection එකට Suntel WoW card කාඩ් එක දාලා internet ගිය මිනිස්සු බං අපි.. :yes::D 50kbps වගේ Speed එක, :sorry: ඉන්ටර්නටේ පාවිච්චි කරද්දි Phone එක වැඩ නෑ :no: මට මතකයි එලකිරී එකෙන් Shafraz ගේ සින්දුවක් Download කලා 110mb වගේ එකක් පැය 7ක් විතර ගියා ඒක ඩවුන්ලෝඩ් වෙන්න :baffled:
     
    Last edited: