ගෙදරට ඉන්ටනෙට් නැති කාලෙ මගේ අත්දැකීම්.

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    අපේ ගෙදර පියාගේ දැඩි තීරණය මත නිවසේ පරිඝණකය කාමරයේ සිට සාලයට වඩම්මන ලද්දාහෙයින් මම මහත් අගතියට පතිවීමි

    මෙලෝ මලදානයක් කරන්න බෑ ගෙදරට එන ඕන එකෙක් ඇවිල්ල හොට දානව

    ඉතිං ඒක නෙමේ කතාව

    ඉන්ටනෙට් නෑ

    ගේම් සීඩී ගේන්නෙ ඒකත් ඒකාලෙ 50යි ගෙදරට ගෙනාවම වැඩ කරන්නෙ නෑ හුගක් ඒව ආයි බාරගන්නෙත් නෑ කඩෙන්.

    සොෆ්ට්වෙයා එහෙම හොයන්න යන්න ඕන පෙන් එකක් හරි එම්ටි සීඩී එකක් හරි අරං තියෙන එකෙක්ගෙ ගෙදර

    ඒකාලෙ මම ගාව සීඩී දාල තියෙන ෆොටෝ ඇල්බම් වගේ මොකද්ද එකක් තිබ්බ ඒකෙ තමා සේරම දාල තියෙන්නෙ.

    කැෆේ වලට යන්න ඕන මොනා හරි දෙයක් කරගන්න ඕන උනාම ඒකාලෙ පැය බාගෙට 20යි හරි 15 යි හරි.

    පස්සෙ 2010 / 09 වගේ ආව ඊ මැගසින් එකක් නම මතක නෑ රේ වගේ මතක ඒකෙ අලුත් සින්දු ටිකක් පොඩි මිනිගේම් වයිරස් ගාඩ් අප්ඩේට් වගේ ඒව ටිකක් ආව ඉතිං ඒකක් තාත්ත ගෙනල්ල දෙනව අද්‍යාපණික සීන් එකක් නිසා
    දැන් තාත්ත නෑ

    ඒකාලෙ හරි ආතල් දැන් වගේ නෙමෙයි

    ඔයාලගෙ අත්දැකීම් මොනවද මේ මම කියන කාලෙ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ඒ කාලේ ලස්සනයි බං. ඇ.එල්.ටී මොඩම් සීන් එක තිබ්බේ. 128 ස්පීඩ් එක මතක විදියට. හම්මා ඉතින් කුපිරි පන් ගත්තේ. වැල බාන්න ඉතින් සිදාදියේ කැෆේ එකට යනවා. දැන් කැෆේ වලට ලොකු ලොකු නෝනලා ගියාට ඒ කලේ ගියේ ලෝඩ් පකීර් කොලු ගැටව් නොවෑ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,801
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    ගාල්ලේ කට්ටිය අත උස්සන්න බලන්න ඔය කාලේ Com and Com එක වන්දනා කරපු
    අම්බෝ සතියකට පාරක් ඔක අස්සෙ රින්ගනවමයි. අම්බානක තිබ්බ ගනිපු ගේම් සීඩි + රූ / රේ මැගසින්
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    siraawata. issara hard eka galogena aragena yanawa films, songs, games copy karagena enna
    matath mathaka ray magazine eka. internet nathi kota ithin ewage dewal walin thama tech news ehema danaganne
    pen ekak unath ganna salli nahane e dawas wala :lol:
    dvd writer ekak gaththata passe tika kaalayak kala rewritable dvd ekak aran content write karala
     
    • Like
    Reactions: Jack London

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    siraawata. issara hard eka galogena aragena yanawa films, songs, games copy karagena enna
    matath mathaka ray magazine eka. internet nathi kota ithin ewage dewal walin thama tech news ehema danaganne
    pen ekak unath ganna salli nahane e dawas wala :lol:
    dvd writer ekak gaththata passe tika kaalayak kala rewritable dvd ekak aran content write karala
    256MB pen ekak penna penna kari wesige puthek mata kindiyak damma :ROFLMAO:
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    රේ වගේ මතක

    රේ එකට වැඩිය ජාති තිබ්බ රූ එකේ
    විජය පරිගණක පත්තරෙත් අරං සාංකාවට කියවනව ඒ කාලෙ
    කොල්ලොන්ගෙන් ගේම් සීඩී ඉල්ල ගන්නව
    හද්ද ලෝ කොලිටි ෆිල්ම් සීඩී දෙකක එනව, මං මුලින්ම ගත්තෙ Harry Potter 5 ද කොහෙද
    පස්සෙ කඩේකින් ෆිලුමක් ඉල්ලුවම ඒක ඩීවීඩී එකකට ගහල දෙනව තව අහලවත් නැති ෆිලුම් හතර පහක් එක්ක
    Bridge to Terabithia බැලුවෙ එහෙම
    VGA එක 64MB AGP කාඩ් එකක්, සතියකට සැරයක් ගලවල ගහන්න ඕන, නැත්තං බීප් බීප් ගානව ඩිස්ප්ලේ නෑ
    NFS 2, 3, 5, 6 පට්ට ගැහුව
    පස්සෙ Vice City, Hitman, Age of Mythology වගේ ඒව හම්බුණා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය සීඩී ප්‍රශ්නෙ මටත් තිබුනා. අන්තිමට හදිසියකට windows xp cd එකක් අරන් ගිහින් ඒක වැඩ කරන්නෙ නැතුව කඩේ එකා බාරගන්න බෑ කියලා ගේම ඇද්දම මිනිහා එතන තිබ්බ pc එකකට සීඩී එක දාලා ඉන්ස්ටෝල් කරල පෙන්නුවා. නව නිංගිරාවයි! :lol: ඊට පස්සෙ අලුත් writer එකක් ගත්තම ප්‍රශ්නෙ විසදුනා.

    ගත්තේ gigabyte 52x එකක්. වෙන කිසිම writer එකකින් එච්චර වේගෙන් write කරනවා මම දැකලා නෑ. ඕනෙම හීරිච්ච cd එකක් read කරනවා. කොහොම හරි ඒක මාස හත අඩක් පාවිච්චි කරා. ආසාවට 52x ම දාලා write කරන්න ගිහින් cd එකක් ඇතුලේ පිපිරුවා. මාරු කරන්න ගියාම benq 56x එකක් දුන්නේ. ඒක අරකෙන් බාගයක් තරම්වත් ස්පීඩ් නැහැ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,178
    113
    34
    Kalutara
    ජීවිතේට මැසිම සාලෙට ගෙනිහින් තියලා නෑ. එක පාරක් ගණන් පන්ති ඉවර වෙලා කොල්ලෝ එක්ක කැෆේ රින්ගුවා කියලා ගණන් පන්තියේ මිස්ට ආරංචි වෙලා තාත්තට එන්න කිව්වනේ. මිස් කිව්වට අක්කා කෙනෙක්. අවුරුදු 10ක් වගේ වැඩිමල් ඇති. අපි එතකොට 10 වසරේ නැත්තන් 11 වසරේ. 2007 වගේ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    avurudu 10 di first pc eka gaththe HTC kiyala dongle ekak ekka
    1 GB RAM, Core 2 Duo Processor, 128 MB VRAM, 100 GB HDD
    computer eka kamare thibbe habai eka dawasak achchi eka parata kamareta awa walak bala bala iddi e arenna kisidu vipathak sidu wune naha :P
     
    • Love
    Reactions: Zeuz

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,462
    113
    Panadura
    2004 අපි 10 වසරෙ ඉදිද්දි තමයි මුලින්ම කැෆේ එකකට ගියේ. Yahoo එකේ සර්ච් කරලා 89.com එක තමයි මුලින්ම බැලුවෙ. ඊට පස්සෙ XNXX එක. පානදුරේ ඔරලෝසු කනුව ලග තිබුනු කාෆේ එක පැයට 50යි. 2006 වගේ වෙද්දී පැයට රු.30ක් කලා. ඔකට ගිහින් CTB ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ රු.5 කාසි දාලා Mortal Kombat එකත් ගහනවා ගේම් මැශින් එකක.

    රේ මැගසින් එක ආවෙ 2007දි. මට හොදට මතකයි අප්‍රේල් මාසෙ ඕකෙ 4වෙනි CD එකේ D-TAP ලගෙ මගෙ ආදර ලන්දූ සින්දුව තිබුනා. වින්ඩෝස් XP තියෙන කම්පියුටර් එකක 360p රිසොලූෂන් එකෙන් මීඩියා ප්ලේයර් එකෙන් ප්ලේ කරද්දී දැනුනු කොලිටි එක දැන් 4K වීඩියෝ එකක් බලලවත් ගන්න බෑ.
     
    • Love
    Reactions: Zeuz

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඉස්සෙල්ලම විජය පරිඝනක සගරාව.. ඊට පස්සේ තමයි මට මතක විදියට රූ සහ රේ CD ආවේ. මමත් ඉස්සෙල්ලම මොඩම් එකෙන් ඉන්ටනේට් ගියේ. :lol: යද්දි මුළු පලාතටම ඇහෙනවා කනෙක්ට් වෙන්න කලින්..yahoo mail එක open වෙනත් විනාඩි 15ක් විතර යනවා.. :baffled:අනිවාර්යෙන්ම මාසෙකට දෙතුන් වතාවක් වින්ඩොස් 98 දානවා.. ඊට පස්සේ වින් XP තමයි පට්ටම OS එක උනේ..ගේම් වලින් නම් Comando,Desert Strom,Max Payne ..පට්ටම අතිතයක්..ඊට පස්සේ 2009 විතර Dialog wimax කනෙක්ශන් එකක් ගත්තා. ඊට පස්සේ ලෝකෙම අතැබුලක්.. කාමරේ හැම වෙලාවෙම යාළුවෙක් දෙන්නේක් ඉනවා මයි.. :lol: bit coin මිස් උන එක තමයි වෙච්ච අවාසනවන්තම වැඩේ. :no: ඒදවස්වල පඩේකට ගනන්ගත්තේ නෑ..
     
    • Love
    Reactions: Zeuz

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,793
    5,785
    113
    මම නම් වැඩිහරියක් ම සාලේ තමා කොම්පුයුටරේ තියන්න හිටියේ. තාත්තා මේසයක් කියලා තිබ්බා සාලේ පාඩම් වැඩ වලට කියලා. ඕකේ අයිනේම තැනක් තිබ්බා නිකන් වටේන්ම වටවෙච්ච කාමරයක් වගේ. අලි මේසයක් හින්දා ඒපැත්තේන් එන්න බැහැ පොඩි සාලේ කැල්ලකින් මිසක්. අනිත් දෙපැත්තේ ම බිත්තිය එකෙනුත් එක පැත්තක ජනේලයේ. එලියේ ඉදන්ම එන එකෙක්ට උනත් ටක්ගාලා පේනවා මොකද කරන්නේ කියලා. අඩි පහක් විතර ජනේලයක්. ඔතන තියන්න තමා මුලින්ම වැල බැළුවෙත්. දවල්ට අම්මාටත් ඉස්කෝලෙ ඉදන් එන්න පරක්කුයි. තාත්තාත් කොයිවෙලේත් ගෙදර නැහැ. මලයාව කොහේ හරි එලවලා යාළුවෙක් එක්ක බලනවා. ආච්චිලා හිටියාට ඔයාට ඔළුව දාන්න එන්නේ නැහැ. එක සැරයක් යාළුවෙක්ගේ න් fax modem එකක් අරන් ඇවිත් නෙට් ගියා කාඩ් එකක් දාලා. කාඩ් එකක් හාරසීයක් ද කොහෙද පැය විස්සක් හරි හතලිහක් හරි. පට්ට ස්පීඩ් ගේම් එකක් ඇද්දා පොඩි දවස් ගානක්. එමා වොට්සන් ගේ picture album එකක් ඇද්දා තව දවස් ගානක්. ඉන්ටර්නෙට් ඉතින් මැජික් වගේ ඒ දවස්වල මේ දෙදහස් හතේ විතර. ඉන්ටර්නෙට් යන්න ඕනේ හින්දා කොම්පුයුටරේ අරන් ගියා කෑම කාමරේට යන එන උන් යන්නේ එතනින් මොනිටරේ හරවන්න ඉන්නේ ඒ පැත්තට ඔතන ඉදනුත් වැල බැළුවා අපි. ඒ කාලේ යන්නේ මගේ 40GB හාර්ඩ් එක රට වටේ. මාර්ග ඒකේ වයර් ටික ගලෝපු ගමන් ඇදලා ගන්න පුළුවන්. ඉතින් ඕක අරන් එකෙක් යනවා තව යාළුවෙක්ගේ ගෙදර. උන්ගේ අයියා sliit ඒකේ ඉගැන්නුවා. ඉතින් මිනිහාගෙන් අරන් එනවා ගිගාබයිට් හත් අටක් වැල. තව ගිගා බයිට් දහයක් විතර film. ඉතින් මායි යාළුවයි ඕවා ටික බලනවා දවස් ගානක්. 2008 අග යාළුවාට ඩයලෙග් රවුටරයක් ඇදුනා වර්ගයකින්. මුල්ම දවසේ ටීවි වැඩසටහනක ප්‍රශ්නයක් අහලා මූ විතරයි උත්තරේ දාලා තිබ්බේ. ඉතින් එකෙන් තමා මුලින්ම ඊමේල් හදලා එහෙම වැඩ පටන් ගත්තේය. බිල් එකක් වත් ගෙව්වේ නැහැ. රුපියල් හත්සිය ගානක්ද කොහෙද ගිගා බයිට් හතට. අපි ළඟ කොහෙද සල්ලි මාස තුනෙන් කැපුවා. ඊට මාස හයකට විතර පස්සේ ඩයලොග් එකෙන් අර පැය දෙකේ පැකේජ් එක දුන්නා. එකෙන් තමා ඊට පස්සේ මුලින් පැය දහයේ එක දාගෙන දෙන්නාවම පාවිච්චි කලා මට ඕනේ වෙලාවට එහෙ ගිහින් අරන් එනවා. ආයේ ගෙනිහින් දෙනවා. පස්සේ ඕකේ සෙට් උනා glitch එකක්. පැය ගාන කැපෙන්නේ නැහැ. පනහා දවස් දෙකක් unlimited 400 ය සතියක් unlimited. ටිකපදවසක පස්සේ 400 යට data cap එක වැදුනා. ඊළඟට ඉතින් පනහා තමා. දෙදහස් දහතුන විතර වෙනකම්. ඒ අතරේ අවුරුදු දෙකක් විතර පෝක් එක ඩොන්ගලයක් විදිහට පාවිච්චි කලා පස්සේ ඩොන්ගලයක් ගත්තා. ඩයලොග් එකෙන් සිම් එක නැතුව. අන්තිමට දෙදහස් දාමයේ විතර ලැපට කියලා 4g රවුටරයක්ගත්තා GB 10 ක.
     
    • Love
    Reactions: Zeuz

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,561
    9,051
    113
    අපේ ගෙදර පියාගේ දැඩි තීරණය මත නිවසේ පරිඝණකය කාමරයේ සිට සාලයට වඩම්මන ලද්දාහෙයින් මම මහත් අගතියට පතිවීමි

    මෙලෝ මලදානයක් කරන්න බෑ ගෙදරට එන ඕන එකෙක් ඇවිල්ල හොට දානව

    ඉතිං ඒක නෙමේ කතාව

    ඉන්ටනෙට් නෑ

    ගේම් සීඩී ගේන්නෙ ඒකත් ඒකාලෙ 50යි ගෙදරට ගෙනාවම වැඩ කරන්නෙ නෑ හුගක් ඒව ආයි බාරගන්නෙත් නෑ කඩෙන්.

    සොෆ්ට්වෙයා එහෙම හොයන්න යන්න ඕන පෙන් එකක් හරි එම්ටි සීඩී එකක් හරි අරං තියෙන එකෙක්ගෙ ගෙදර

    ඒකාලෙ මම ගාව සීඩී දාල තියෙන ෆොටෝ ඇල්බම් වගේ මොකද්ද එකක් තිබ්බ ඒකෙ තමා සේරම දාල තියෙන්නෙ.

    කැෆේ වලට යන්න ඕන මොනා හරි දෙයක් කරගන්න ඕන උනාම ඒකාලෙ පැය බාගෙට 20යි හරි 15 යි හරි.

    පස්සෙ 2010 / 09 වගේ ආව ඊ මැගසින් එකක් නම මතක නෑ රේ වගේ මතක ඒකෙ අලුත් සින්දු ටිකක් පොඩි මිනිගේම් වයිරස් ගාඩ් අප්ඩේට් වගේ ඒව ටිකක් ආව ඉතිං ඒකක් තාත්ත ගෙනල්ල දෙනව අද්‍යාපණික සීන් එකක් නිසා
    දැන් තාත්ත නෑ

    ඒකාලෙ හරි ආතල් දැන් වගේ නෙමෙයි

    ඔයාලගෙ අත්දැකීම් මොනවද මේ මම කියන කාලෙ
    Oya cd walin avast update gahuwa
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,571
    2,394
    113
    අප්පච්චි ඒ කාලේ රට හිටපු නිසාත් IDD සෑහෙන්න ගණන් නිසාත් 2007 දී අපි ඉන්ටර්නෙට් ගත්තා. 😍

    ඇස්වහක් නෑ සුපිරිම ළමා කාලයක් තිබ්බා අපිට.