ගෙදරට ග්‍රිල්, ගේට්ටු හදන්න කලින් මේක බලන්න.

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඔය ඉඳලා හිටල ගෙදර කරන වැඩකට පෝටබල් වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තොතින් අවුලක් නැද්ද
    ප්ලාන්ට් එක පොඩි වෙද්දි ගොඩක් තික්නස් එක වැඩි බාර්(Ex 5mm වගේ) එහෙම පාස්සන්න බැරි වගේ සීන් එකක් තියනවද?
    මේ අඩුවට තියනවානේ, ගන්නවා නම් ටිකක් හරි හොඳ බ්‍රෑන්ඩ් මොනවද තියෙන්නෙ, (චයිනීස් උනත්)

    https://ikman.lk/en/ad/dc-inverter-...50-igbt-transistor-circuit-for-sale-colombo-2
    https://ikman.lk/en/ad/dc-inverter-...a-250-small-welder-machine-for-sale-colombo-3
    https://ikman.lk/en/ad/retop-arc-we...erter-mma-180-welder-machine-for-sale-colombo
    එකනම් හොඳ අදහසක්
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha

    ඕක ගැනනං දන්නෙ නෑ මචෝ. හැබැයි නවලෝක එකෙන් ගෙන්නනව 'thermal Star' කියල බ්‍රෑන්ඩ් එකක් ඒකනම් නියමයි. 200A හැබැයි 200ම out කරනව. දවසම වැඩ කලත් රත්වෙන්නෙත් නෑ. ගොඩක් චයින ප්ලාන්ට් පෙන්නන කරන්ට් එක out කරන්නෙ නෑ. 400A වලත් 200ක් විතර තමා out කරන්නෙ. ගේජ් 10 welding rod එකට ඇම්පියර් 80A-130A විතර තිබුනම ඇති. ප්‍රශ්නෙ තියෙන්නෙ රත්වෙනකොට off වෙන එක (රෙන්ට් එකට දෙන්න තියෙන ඒව).
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ගොඩක් අය 1.6 නේද පාවිච්චි කරන්නේ?
    දාර රවුම් නැති බොක්ස් බාර් නැද්ද බං ( ඇලුමිනියම් බොක්ස් වල වගේ )?

    මන් මේ ගැන අහල කලින් ත්රෙඩ් එකක් දැම්මා, හරියට විස්තරයක් ලැබුණ නෑ.
    https://elakiri.com/threads/වෙල්ඩින්-වැඩ-කරන-අය.1945660/

    මචන් ගේට් එකක් ගහන ස්ටෙප් ටික කියපන්කො. ටිප්ස් එහෙමත්

    1. ඩිසයින් එකක් තෝර ගෙන එකට හරියන බට ටික ගන්න එක
    2. සයිසස් වලට කපාගන්න එක
    3. පාස්ස ගන්න එක.
    4. බොර අයින් කරලා ගයින්ඩර් කර ගන්න එක.
    5. වහන්න ඕන තැන් කැටලෝ කරගන්න එක.
    6. ප්‍රී පේන්ට් එකක් (ඇන්ටි කෝරෙසිව් ද? ප්‍රයිමර් ද? )
    6. ස්ප්රේ පේන්ට් එකක් ගහන එක. (කොහොමද මේක කරන්න ඕන. එක පේන්ට් කෝට් එකයිද? නැත්නම් දෙකක් ඕනද?)

    මිසින් ඒවා තියනවනම් කියපන් මචන්

    3. පාස්සන කොට වෙල්ඩ් කරන අය දෙපැත්තයි නේද පාස්සන්නේ. ඉතුරු පති කැටලෝ දාල වහනවා. මන් දැකල තියෙනව් ඒ කැටලෝ දාපු පැති වලින් තමයි මල කන්න පටන් ගන්නේ. දෙපැත්තක් පෑස්සුවම ඇත්ද? නැත්නම් ඒක වෙල්ඩ් කරන අය ලේසියට කරන දෙයක්ද?
     
    1.6 ගේට්ටුවකට ඇති. හැබැයි වටේ ෆ්‍රේම් එක ටිකක් වැඩි ගේජ් එකකින් හදනවනං හොඳයි.

    වටේ ෆ්‍රේම් එකයි මැදින් ගේට්ටුවට වර යෙදෙන තිරස්, සිරස් බාර් වල වටේම පාස්සන්න ඕනෙ.

    ගේට්ටුවෙ ලස්සනට දාන පටි, ගේට්ටුවෙන් ඇතුලයි පිටයි පේන්න ගහන පටි වගේ ලඟ ලඟ පෑස්සෙන තැන් දෙපැත්ත විතරක් පාස්සන එක තමයි හොඳ, මොකද ඒ වගේ තැන් වටේ පාස්සන කොට ගේට්ටුව රත්වෙලා ඇද යනව. ඒක හදන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනව. අනික ඒ වගේ ලඟ ලඟ පාස්සපු බාර් අස්සට ග්‍රයින්ඩර් දාන්න බැරි හින්ද ග්‍රයින්ඩ් කරන්න අමාරුයි.

    1.2 වලට වඩා අඩු බොක්ස් වල දාර වල ඕවල් එක ටිකක් අඩුයි.

    මම කලින් ත්‍රෙඩ් එකක ගේට්ටුවක් හදන ස්ටෙප් අහල තිබුන දැක්ක. ඒක කියන එක ටිකක් අමාරු වැඩක් හින්ද බම්ප් එකක් දාල නිකන් හිටිය. මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනෙත් ඒකමයි. අහල තිබුනෙ උඹද කියල මතක නෑ.

    අපි හිතමු හදන්න ඕනෙ sliding gate එකක් කියල. Sliding gate වල උඩ බාර් එක ගේට් එකට අවශ්‍ය ප්‍රමානෙට වඩා අඩි දෙකත් තුනත් අතර ප්‍රමානයක් වැඩිවෙන්න ඕනෙ.
    ඒ වැඩි ප්‍රමානෙන් තමයි ගේට්ටුව සම්පූර්නයෙන් වැහුනම ගේට්ටුව අල්ලගෙන ඉන්නෙ.
    දාල තියෙන pic එකේ විදිහට අංශක 45 ට මුලු හේත්තු වෙන තැන් කපාගත්තම ලේසියි.
    පාස්සනකොට මුලු අංශක 90ට හිටින්න ලෙවල් පොලවක තියල පාස්සගන්න.
    සම්පූරන ෆ්‍රේම් එකේ මුලු හරහා මානය (විකර්ණ අතර දුර) සමාන වෙන්න ඕනෙ.
    සම්පූර්න වටේ පාස්සගන්න කලින් මුල්ලවල් වෙනස් නොවෙන්න. මුලු අතරට යකඩ බාර් කෑලි වගේ දෙයක් තාවකාලිකව පාස්ස ගන්න.
    මූලික ෆ්‍රේම් එක සම්පූර්න කරල මැද කෑලි අවශ්‍ය ඩිසයින් එකට පාස්සගන්න තියෙන්නෙ. යට රෝද ගහන කොට එක ලයින් එකට නූලක් ඇදල පාස්සන්න.
    යකඩ ප්ලේට් එන්නෙ දිග අඩි8යි, පලල අඩි4යි. ඔය ගාන බැලන්ස් කරගෙන ගේට් එකේ නොපෙනෙන්න වහන කොටස අඩි 4ට සීමා කරල ඩිසයින් කලොත් ශීට් කැපිල අහක නොයන විදිහට වැඩේ කරගන්න පුලුවන්.
    අමානෝ ශීට් රිවට් කරල හයිකරන්න හිතන් ඉන්නවනං, කෙලින්ම ගේට්ටුවට රිවට් කරන්නෙ නැතුව ෆ්‍රේම් එකේ ඇතුල් පැත්තෙන් පට්ටමක් පාස්සල ඒකට රිවට් කරන එක තමා හොඳ.
    ඇතුලට වතුර නොයන විදිහට හොඳට කැඩ්ලොයි වගේ දෙයක් දාල පෑස්සුම් ෆිනිෂ්කරගන්න. Oil Primmer coat එකක් ගාල, ඒක උඩින් anti corrosive paint එකක් ගෑවනං හරි. spray කරන්න පුලුවන්නං ගොඩක් හොඳයි.

    මේක කොටල ගේට්ටුවක් හැදුවට වඩා මහන්සියි. තියරි විදිහට මීට වඩානං කියන්න අමාරුයි. ලියපු එකෙන් උඹට උදව්වක් වුනාද මන්ද. අපැහැදිලි තැනක් තිබුනොත් අහන්නකො.
    Untitled.jpg
     
    Last edited: