ගෙදරට ග්‍රිල්, ගේට්ටු හදන්න කලින් මේක බලන්න.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    සංස්ථා හොඳ නැද්ද

    සංස්ථා හොද නැද්ද
    ------ Post added on Apr 9, 2021 at 4:06 PM

    ලංවා හොද නැද්ද
    ------ Post added on Apr 10, 2021 at 12:33 AM
    සංස්ථා ගැනනං දන්නෙ නෑ මචෝ.

    ලංව එක හොඳයි. ඉස්සර බඩු තිබුනෙ නෑ. දැන්නං තියෙනව. මෙල්ව, ලංව ප්‍රයිස් එකයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මට නම් රෝලර් ඩෝ එකක් තරම් සෙට් වෙන්නේ නැහැ එකක්වත්.. කොහෙද අපේ ගෙදර කට්ටිය ගිහින් ඔන්න ඔය ජාතියේ තල්ලු කරන ගේට්ටුවක් දැම්මනේ.. ඒක තල්ලු කරල පණ යනව.. :(
     
    • Like
    • Sad
    Reactions: Ozone4 and PHBhagya

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    ගොඩක් අය තමන්ගෙ නිවසේ ආරක්ෂාවට වගේම නිවසේ භාහිර පෙනුම වැඩිකරගන්නත්, ගේට්ටු, බැල්කනි වලට අත්වැටවල්, ජනේල ග්‍රිල් වගේ යකඩින් කරන නිෂ්පාදන යොදාගන්නව. ඉතින් ලක්ෂ ගානක් වියදම් කරල කරන මේ වගේ වැඩක් කරන්න කලින්, ඒ කරන දේ ගැන වගේම, වැඩේට යොදාගන්න ඕන අමුද්‍රව්‍ය ගැනත් පොඩි හරි දැනුමක් තිබුණොත් අදාල වැඩේ ගෙවන මුදලට වටින විදිහට, ප්‍රමිතියක් ඇතුව කරගන්න පුලුවන්.
    මේ ලිපිය ලියන එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ කලින් කිවුව වගේ යකඩ වැඩ සම්බන්ධව මට තියෙන අත්දැකීම් ටිකක් බෙදාහදාගන්න එක.

    දැන්කාලෙ හදන ගේට්ටු වලට ගොඩක් දුරට යොදාගන්නෙ බොක්ස් බාර් සහ එම්බෝස් කරපු තහඩු ප්ලේට්.
    බොක්ස් බාර් ගත්තම විවිධ ප්‍රමානයන්ගෙන්, ඝනකම් වලින් සහ විවිධ වෙලඳ නාමයන්ගෙන් තියෙනව.
    මෙතනදි අපි ප්‍රමාන (size) ගැන කතාකරන්නෙ නෑ මොකද ඒක යොදගන්න විදිහ සහ ඩිසයින් එක අනුව වෙනස් වෙනහින්ද.

    බොක්ස් බාර් එකේ තික්නස් එක එහෙම නැත්තං ගේජ් එක ගැන තමයි මුලින්ම කියන්නෙ.
    තික්නස් එක සටහන් වෙන්නෙ මිලිමීටර් වලින්. වැඩිපුර භාවිතා වෙන්නෙ, 1.2mm,1.4mm,1.6mm,1.8mm සහ 2mm
    1.2mm යොදාගන්නෙ තාවකාලික නිෂ්පාදන සහ බරින් අඩු සැහැල්ලු නිෂ්පාදන වලටයි. ඒ කියන්නෙ දැන්වීම් එල්ලන්න, වාහන වල හුඩ් රැක්, වගේ දේවල් වලට.
    1.4mm වලට වැඩි තික්නස් තියෙන බොක්ස් බාර් තමයි වැඩක් කරන්න සුදුසු.
    ඒකෙනුත් ගේට්ටුවලට, අත්වැටවල් වලට සුදුසුම 1.6mm වලට වඩා වැඩි බොක්ස් බාර්.
    යකඩ වැඩ කරන අය ගොඩක් වෙලාවට කරන්නෙ වියදම අඩුකරගන්න, ගේට්ටු වල වටේ ෆ්‍රේම් එක, අත් වැටවල් වල කනු වගේ බර වැටෙන කොටස් 1.4mm වලින් හදල මැද කෑලි 1.2mm වලින් පාස්සන එක.
    ඒකෙන් වෙන ලොකුම පාඩුව තමයි ඉක්මනටම දිරන හින්ද කල්පැවැත්ම අඩුවෙන එක. අනිත් එක ගේජ් එක අඩු යකඩ පාස්සන්න තියෙන අමාරුව හින්ද බාගෙට පාස්සල කැඩ්ලොයි දාල වහන එක.
    එකම වර්ගයේ 1.2mm සහ 1.6mm බාර් දෙකක මිල වෙනස රු450.00 ක් විතර වෙනව, බරේ වෙනස 3kg විතර වෙනව.
    ඒක හින්ද මේ වගේ වැඩක් කරන්න කලින් පාවිච්චි කරන බොක්ස් බාර් එක මොකක්ද කියල බලල ඉන්න.

    ඊ ලඟට කියන්නෙ බොක්ස් බාර් වර්ග වල තියෙන වෙනස්කම් ගැන.
    දැනට වෙලඳපොලේ බහුලව ගන්න තියෙන ප්‍රමිතියෙන් උසස් බොක්ස් බාර් වර්ගයක් තමයි මෙල්වා කියන්නෙ. මේ වර්ගයේ පැහැදිලිව වෙලඳ නාමය සහ තික්නස් එක සටහන් කරල තියෙනව. තව මිල අඩු වර්ගයකුත් තියෙනව (නම නොදා ඉන්නම්) කොළඹ ඕල්ඩ්මෝර් පාරෙන් බඩුගන්නවනං ගොඩක් දුරට තියෙන්නෙ දෙවෙනියට කියපු වර්ගය. මේ වර්ගයේ එන දෝශයක් තමයි පෑස්සීමේදි බාර් එකේ වෙල්ඩින් මූට්ටුවෙන් පුපුරන්න බලන එක. වර්ග 2න් එක සමාන බාර් 2ක් සැසඳුවොත්
    රු150.00ක් විතර මෙල්ව ගණන් වැඩියි, 0.6kg විතර මෙල්ව බරින් වැඩියි.
    ඒ වගේම ගේට්ටු වලට සවි කරන සින්ක් කෝටඩ් තහඩු වලත්, 0.7mm(ගේජ් 22), 0.8mm(ගේජ් 20) ,1mm(ගේජ්19),1.2mm(ගේජ්18) වගේ එක එක තික්නස් තියෙනව, මේකෙන් 1mm වගේ තහඩුවක් පාවිච්චි කරනවනම් බොක්ස් බාර් එකට තියල කෙලින්ම පාස්සන්න පුලුවන්. ඒත් ගොඩක් වෙලාවට කරන්නෙ 0.7, 0.8 වගේ තුනී තහඩුවක් බොක්ස් බාර් එකට තියල රිවට් කරන එක. මේ වැඩෙනුත් වෙන්නෙ රිවට් වල සිදුරු වලින් වතුර ගිහින් ඉක්මනටම දිරුම් එන එක. අනිත් එක තමයි පේන්ට් එකට කලින් හොඳ ඔයිල් ප්‍රයිමර් කෝට් එකක් ගාල ඉන්න. නැත්තං වෙල්ඩින් කරපු තැන් වලින් එන්න පටන්ගන්න මලකඩ ඉක්මනටම හැම තැනම පැතිරෙනව.
    කලින්ම මේ දේවල් ගැන යකඩ වැඩ කරන කෙනත් එක්ක කතා කරගෙන වැඩේට බැස්සනං කාලයක් පවතින විදිහට වැඩේ කරගන්න පුලුවන්.

    ඉතින් මේ ගැන නොදන්න කෙනෙකුට උදවුවක් වෙයි කියල හිතලයි මේ දේවල් ලියල තියන්න හිතුනේ. ඔයාලටත් මේ සම්බන්ධ දේවල් ගැන මොනවහරි අත්දැකීමක් තියෙනවනං දාන්න.
    ග්‍රිල් fix කරනවා නම් හොඳම දේ තමයි උළුවහු හදද්දිම උළුවහු කඳට යකඩ බාර් බස්සන එක. ඒක කල්පවතිනවා සහ ශක්තිමත් . පරණ ගෙවල්වල කලේ එහෙමයි
     
    • Like
    Reactions: PHBhagya

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,739
    1,082
    113
    bump. patta. machn roller doors ganath dannawanam poddak kiyannako. aduwata karana aya kauda and monawada roller door ekak daddi api salakilimath wenna one dewal e wage
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ග්‍රිල් fix කරනවා නම් හොඳම දේ තමයි උළුවහු හදද්දිම උළුවහු කඳට යකඩ බාර් බස්සන එක. ඒක කල්පවතිනවා සහ ශක්තිමත් . පරණ ගෙවල්වල කලේ එහෙමයි
    අපේ මහ ගෙදර ග්‍රිල් දාල තිබුණෙ ඒ විදිහට.
    අඟල් 5/8 විතර මහත කම්බි දාල තිබුණෙ..
    සුපිරිම තමා
    bump. patta. machn roller doors ganath dannawanam poddak kiyannako. aduwata karana aya kauda and monawada roller door ekak daddi api salakilimath wenna one dewal e wag
    ඒ ගැනනං කිසිම දෙයක් දන්නෙ නෑ මචෝ....
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    @tupac97 බාග්‍ය මිස්ගෙන් යකඩ වැඩ පුරුදුවෙන්නත් පුලුවන්
     
    • Haha
    Reactions: PHBhagya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    බොක්ස් බාර් සහ එම්බෝස් කරපු තහඩු ප්ලේට් bump
     
    • Love
    Reactions: PHBhagya

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මට 95 ක් ගියා ඊයෙ හයි කලේ
    IMG-20221121-WA0005.jpg