ගෙදරට මාසෙට අවශය බඩු ගන්නේ කොහොමද?

Feelix

Active member
  • Mar 6, 2023
    62
    124
    33
    කොහොමද උබලා ගෙදර වියදම පාලනය කරන්නේ. සෑහෙන වියදමක් යනවානේ බන් මාසේකට. එක පාර ගත්තත් ආයේ මාසේ අන්තිම වෙද්දී ඉවරයි. එක පාර ගන්නේ ලාබයක් ලැබෙයි කියලා හැබැයි එහෙම ලොකු ලාබයකුත් නෑ බන්. මන් නම් දැනට කරන්නේ හාල්,සීනි,අල, ලූණූ,කිරිපිටි,කරවල වගේ දේවල් තොග කඩයකින් (foodcity) වගේ එකකින් ගනේ. Rs. 10,000 බඩු ගතොත් බන් Rs. 600ක් වගේ අඩුවෙන්නෙත්.මස්, මාලු , එලවලු සතිය ගානේ ගන්නවා, සමහර අය credit card එකෙන් offers දෙන ඒවා බලලා ගන්නවලු. ඒත් බන් SPAR එකේ 25% off total බිල් එකට දෙන්නේ හාල්, කිරිපිටි වගේ අතයවශය බඩු නැතුව. උබලා කොහොමද ගෙදරට බඩු ගේන ඒවා කරන්නේ. උබලා ගන්න අඩුවට ගන්න පුලුවන් තැන් දන්නවනම් ඒකත් කියපන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -

    Cargills Food City Offers බලලා ගනින් ලාබයි.. Expire වෙන්න ළං උණ ඒවාත් 50% Discounts දාලා Keels Entrance වල විකුනනවා... ඒවා හොයලා ගනින්..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,367
    13,268
    113
    33
    ෆින්ලන්ඩ්
    Owe bun. Kanne bonne hema masema ekama widiyata unata hema masema bill eka num podda podda uda yanawa.
    anika hema dema quality ekath adui.

    kochara ara pirimassmen karanna giyath mase anthimata giya maseata wada me mase wiyadam gaihin.
     
    සල්ලි ගැන හිතලා කුණෙක් වගේ කන්න බොන්න එපා බන්.. ජීවීතේ අනිත්‍යයි , ඉන්න ටික කාලේට හරි කාලා බිලා සැපේ ඉදපන් ..
     
    • Love
    Reactions: Yudewwa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,880
    113
    සේදවත්ත
    ගෙදර අයගේ කෑම ප්‍රමාණය කපා හැරිම
    මස් මාලු සතියකට සලාක කොට ලබාදීම
    අඩු වියදම් එලවලු වැටකොලු පතෝල වගේ ඒවා එක එක රෙසපි වලට හදලා දෙනවා
    චොකලට් , අයිස්ක්‍රීම් බිස්කට් වගේ එවා කපා හැරියා සීනී, දියවැඩියාව ගැන කියලා
    කිරිපිටි වෙනුවට කහට සහ කෝපී බොන්න පුරුදු කරා
    ගොඩක් වෙලාවට කොස් දෙල් කෙහෙල්මුව වගේ වත්තෙන් ගන්න පුලුවන් දේවල් උයන්නෙ
    වවාගැනීම
    වේල් තුන දෙකකට අඩු කරා
    සැලඩ් කන්න පුරුදු කරා
    පාං ගෙදර හදාගන්නවා
    ලගදි කල් ඉකුත් උන ඝණ ආහාර කඩ කීපයකට කතාකරලා අඩුවට ගන්නවා

    තව මලගෙවල් වල ගිහින් කනවා
    ඉදලා හිටලා හොදට ඇදගෙන ගිහින් අනුන්ගෙ වෙඩින් වලින් කාල එනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,299
    1
    101,145
    113
    34
    Kalutara
    සල්ලි ගැන හිතලා කුණෙක් වගේ කන්න බොන්න එපා බන්.. ජීවීතේ අනිත්‍යයි , ඉන්න ටික කාලේට හරි කාලා බිලා සැපේ ඉදපන් ..
    කෑවා බිව්වා වගේ නෙමෙයි ලෙඩ හැදිලා විඳවන්න වුනාම. මම මෙච්චර කාලෙකට වැඩිම බරට ඇවිල්ලා තියෙන්නෙ. කොච්චර බර වැඩි වෙලාද කියනව නම් වම් කකුලෙ වළලුකර රිදෙනවා බර දරාගන්න බැරුව.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,367
    13,268
    113
    33
    ෆින්ලන්ඩ්
    සල්ලි ගැන හිතලා කුණෙක් වගේ කන්න බොන්න එපා බන්.. ජීවීතේ අනිත්‍යයි , ඉන්න ටික කාලේට හරි කාලා බිලා සැපේ ඉදපන් ..
    Ehema behe bun. den maseata kanna bonna witharak pawule 5 denata laksha 2.80k - 4 k yanawa. Current/Petrol/Fees/Internet/Medicine/Insurance premium / Vehicle maintenance/Party /Birthday set unahama maseta ani wayen laksh 5 - 6 paninawa bun.

    Issara num awuruddata kohe hari tour 2 k danawa laksha 20 k wage kudu wenna. den aewath amarui.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,057
    5,691
    113
    මේ පාර අක්කලා ආව දවස් 5ක් හිටියා. සෑහෙන්න වියදම්. 😤
    මොන හුත්තෙක්ද යකෝ. අක්කල ඔය අවරුද්දකට එකපාරක් වගේ නේද එන්නේ? අඩන්න එපා පකෝ. කැරි කුනෙක්නෙ උඹත් බලන් ගියාම
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,594
    113
    Mother Earth
    මට නෝටිස් වුණ විදිහට එළවලු පළතුරු මාකට් එකෙන් ගන්න එක ලාබයි බන්. හැබැයි තෝරලා ගන්න ඕන. මම සමහර දවස් වලට පොළෙත් යනවා. ගොඩක් වෙලාවට යන්නෙ අම්මා හරි තාත්තා හරි තමයි. උබල නම් යන්නෙ නැතුව ඇති. බොලා පොෂ් මිනිස්සුනේ. මාළු කරවල ගන්නෙ මම මාකට් වලින්. මස් ගන්නෙ ෆ්‍රෙෂ් චිකන්. මම එළවළු ගේනවා සති දෙකකට විතර හරියන්න. ෆ්‍රිජ් එකේ දාලා තියා ගන්න පුළුවන්. මස් මාළුත් ගන්නෙ fish market එකෙන්මයි. මම කවදාවත් keells වලින් ගන්නවා අඩුයි. අද බලයො කිලෝ දෙකක් ගත්තා 2000ක්ද කොහෙද වුණා. පරව් කිලෝ එකක් ගත්තා. මේ සේරම ගත්තෙ fish market. මම බලලා නෑ. සමහරවිට keells වල අනිවා මිල වැඩි ඇති. 🤷‍♂️
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    960
    1,148
    93
    1. Money manager - Realbyte කියන app එක දාගන්න
    2. ඒ ඒ දවසට හැම වියදමක්ම (අන්තිම රුපියලටම) enter කරන්න. ආදායම් ටිකත් enter කරන්න.
    3. මාස කීපයකට පස්සෙ summary එක බලන්න.
    4. ඒක බලලා ඊළඟ මාසෙ plan කරන්න
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,761
    4,676
    113
    මම නම් ඉතුරු කිරීම අඩු කරා දැන් රටේ ලෝකෙ වෙනදේවල්,සෞඛ්ය අනුව කොයිවෙලාවෙද දන්නෑ.
    වැඩි ගානක් වියදම් කරල ඇදල කාල බීල ඉන්නව ලොකු දිග අනාගත ගැන ගොඩක් වොරිවෙන්නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,299
    1
    101,145
    113
    34
    Kalutara
    මොන හුත්තෙක්ද යකෝ. අක්කල ඔය අවරුද්දකට එකපාරක් වගේ නේද එන්නේ? අඩන්න එපා පකෝ. කැරි කුනෙක්නෙ උඹත් බලන් ගියාම

    ඔව්, වෙලාවට අවුරුද්දට එක පාරක් එන්නේ, මේ පාර නම් ආවේ අවුරුදු තුනකින් වගේ. 🙄
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    ගෙදර අයගේ කෑම ප්‍රමාණය කපා හැරිම
    මස් මාලු සතියකට සලාක කොට ලබාදීම
    අඩු වියදම් එලවලු වැටකොලු පතෝල වගේ ඒවා එක එක රෙසපි වලට හදලා දෙනවා
    චොකලට් , අයිස්ක්‍රීම් බිස්කට් වගේ එවා කපා හැරියා සීනී, දියවැඩියාව ගැන කියලා
    කිරිපිටි වෙනුවට කහට සහ කෝපී බොන්න පුරුදු කරා
    ගොඩක් වෙලාවට කොස් දෙල් කෙහෙල්මුව වගේ වත්තෙන් ගන්න පුලුවන් දේවල් උයන්නෙ
    වවාගැනීම
    වේල් තුන දෙකකට අඩු කරා
    සැලඩ් කන්න පුරුදු කරා
    පාං ගෙදර හදාගන්නවා
    අයිස්ක්‍රීම් ,බිස්කට්, පැණි බීම , සීනී රහිත නිශ්පාදන වලට හුරු වෙයන්..
    පීකුදු , හරක් මස් , වගේ ඒවට හුරු වෙයන්..
    වටු බිත්තර කාපන්..
    කරවිල සම්බෝල, ගොටුකොල , මුකුනුවැන්න,වගේ කොළ ජාති කන්න පුරුදු වෙයන්..
    තේ වෙනුවට බෙලිමල්, රනවරා, කොත්‍තමල්ලි, හෝ Green Tea වලට හුරු වෙයන්..
    කෝපී බොනවා නන් හරිස්චන්ද්‍ර විතරක් ගනින්..
    කුරක්කන් පාන් හදපන්..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,874
    2
    15,623
    113
    කොහොමද උබලා ගෙදර වියදම පාලනය කරන්නේ. සෑහෙන වියදමක් යනවානේ බන් මාසේකට. එක පාර ගත්තත් ආයේ මාසේ අන්තිම වෙද්දී ඉවරයි. එක පාර ගන්නේ ලාබයක් ලැබෙයි කියලා හැබැයි එහෙම ලොකු ලාබයකුත් නෑ බන්. මන් නම් දැනට කරන්නේ හාල්,සීනි,අල, ලූණූ,කිරිපිටි,කරවල වගේ දේවල් තොග කඩයකින් (foodcity) වගේ එකකින් ගනේ. Rs. 10,000 බඩු ගතොත් බන් Rs. 600ක් වගේ අඩුවෙන්නෙත්.මස්, මාලු , එලවලු සතිය ගානේ ගන්නවා, සමහර අය credit card එකෙන් offers දෙන ඒවා බලලා ගන්නවලු. ඒත් බන් SPAR එකේ 25% off total බිල් එකට දෙන්නේ හාල්, කිරිපිටි වගේ අතයවශය බඩු නැතුව. උබලා කොහොමද ගෙදරට බඩු ගේන ඒවා කරන්නේ. උබලා ගන්න අඩුවට ගන්න පුලුවන් තැන් දන්නවනම් ඒකත් කියපන්.

    උඹලා කන බොන ගොඩක් දේවල් අ‍ැඟට මෙලෝ ප්‍රයෝජනයක් නැති ජරාව. මම නිතරම කියනවනෙ. මම අඩි 6 ක් උස, කිලෝ 82 ක් විතර බර, දවස ගාණෙ කිලෝමීටර් කීපයක් අ‍ැවිදින, සාමාන්‍යයෙන් active ඉන්න කෙනෙක්. එහෙම වෙලත් මට සාමාන්‍යයෙන් දවසට හාල් ග්‍රෑම් 333 ක රතු කැකුළු බත් (දවස් තුනට හාල් කිලෝ එකයි, එ‍්ක වේල් 6 කට කනවා) හොඳටෝම අ‍ැති. වෙනසකට තියෙන්නෙ මම ඉතින් උඹලට වඩා බ‍ත් එකට පරිප්පු, වට්ටක්කා, බිත්තර සහ වෑංජන වැඩිපුර බෙදා ගන්නවා. ඊට අමතරව දවසකට fresh milk කෝප්පයක් බොනවා. එ‍් අ‍ැරෙන්න නිකන් ඉන්න වෙලාවට කන්නෙ බොන්නෙ පලතුරු, කැරට් වගේ අමුවෙන් කන එළවලු වර්ග විතරයි. තව වතුර හොඳට බොනවා ඉතින්. ඉඳල හිටල, කඩල, ග්‍රීන් පීස් එහෙම තම්බල කනවා. සතියකට සැරයක් චිකන් breast එකක් කනවා එච්චරයි.

    ඔය දවසට කොත ගහල බත් වේල් තුනකුයි, තේ තුන් හතර පාරකුයි, තේ එක්ක කන්ඩ අරවා මෙව්වා ජාතියි, තව‍ත් මැද්දට කඩ චෝරුයි ඕනෙ කියල හිතාගෙන උඹලට තියෙන්නෙ මානසික ලෙඩක්. මම ඕන ඔට්ටුවක් දානවා උඹලගෙ දෙෙනික කැලරි වැය වීම මගෙ ගාණට කීයටවත් නෑ. හැබැයි ඊට වඩා ඔහේ ගිලිනවා. අන්තිමට වියදමයි, ලෙඩ ගොඩකුයි විතරයි ඉතිරි වෙන්නෙ.

    මම කට කැඩෙන්න කියන diet එකට මාරු වෙන්න පුළුවන් නම් තනියෙන් හොඳට කාලා බීලා, ගාණට අ‍ැඟේ බර පවත්වාගෙන ඉහෙන් බහින ලෙඩක් නැතිව නීරෝගීව ඉන්න කීයටවත් රුපියල් 20,000 කට එහා යන්නෙ නෑ. අනික් අවශ්‍ය දේවල් අරගෙන බැලුවත් 30,000 පනින්නෙ කලාතුරකින්. එහෙම කිව්වම උඹලට හිතෙනවා අ‍ැති සෝමාලියාවෙ වගේ හාමතේ ඉන්නවා කියල. නෑ බං, මොන scientific විදිහට බැලුවත් මගෙ කෑම වේල හැම පෝෂකයක් අතින්ම පරිපූර්ණයි. උඹලා එ‍් වගේ 10 ගුණයක් වියදම් කරල කනවාටත් වඩා අවශ්‍ය හැම පෝෂකයක්ම තියෙනවා. High IQ කියන්නෙ එ‍්කනෙ.

    ඉතින් වියදම් පාලනය කරන්ඩ හිතනවා නම් හොඳම දේ උඹලා කන බොන දහ ජරාව මුලින්ම පාලනය කරගනින්. මේ රටේ අදටත් අපේ අ‍ැඟට අවශ්‍ය පරිපූර්ණ පෝෂණය ගන්න අවශ්‍ය හැම දේම හොඳටම ගාණ අඩුයි. කවදත් ගාණ අඩුම එළවළුව වට්ටක්කා, ගාණ අඩුම average size මාලුවා අලගුඩුවා, ගාණ අඩුම වුණාට පෝෂණය හොඳම රතු කැකුළු හාල්, කහ මදය තැඹිලි පාට හොඳ බිත්තරයි, කිරියි, එළවලු පළතුරු ටිකයි, නිකන් ටැප් එකෙන් එන වතුරයි, අපේ පෝෂණය, satiation දෙක 90-95% ක්ම සපුර ගන්න හොඳටෝම අ‍ැති. අනික් කිසිම දෙයක් නොකා ඉන්ඩ කියනවා නෙවෙයි, හැබැයි එ‍්වා අ‍ැත්තටම අවශ්‍ය නෑ ඉතින්. එ‍්වා ඉඳල හිටල අ‍ාසාවට වගේ කෑවාම හරි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,594
    113
    Mother Earth
    Cargills Food City Offers බලලා ගනින් ලාබයි.. Expire වෙන්න ළං උණ ඒවාත් 50% Discounts දාලා Keels Entrance වල විකුනනවා... ඒවා හොයලා ගනින්..
    ඔව් බන් මැඩෝලි වලට ඔෆර් එකක් තිබ්බා. බටර් 3ක් ම ගත්තා. මේ ළඟදි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,880
    113
    සේදවත්ත
    අල, ළූණු, හාල්, එළවලු ඒවාට වෙන් වුනු කඩ වලින් ගනින්, සුපර්මාකට් එකෙන් සබන් වගේ දේවල් ගනින්. ඕක තමයි ලාබම විදිය.
    මම නම් හැමදේටම අර දිග බාර් සබන් ගන්නේ . ලාභයි . එක බාර් එකක් මාස 2-3 අදින්න පුලුවන් . කුස්සියට ලැට් එකට නානකාමරේට, රෙදි හෝදන්න . සංයෝග බැලුවම ලොකු වෙනසක් නෑ ලක්ස් කෑල්ලෙයි බාර් සබන් වලයි. රෙන පුකට මොන කැටයම්ද . අලුතෙන් සුමුදු ගල් ගෙනල්ලා තියෙන්නේ අතුල්ලගන්න කියලා කුනු යන්න .

    අල ලුනු එමත් ටවුමේ කොනේම තොග කඩෙන් ගන්නේ නානල කරන කඩවල අඩුවට දෙනවා සෙට් උනාම
     
    • Like
    Reactions: Inigo Montoya