ගෙදරට_එන_විදිහ_සහ_තවත්.........

neeromx

Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    ගෙදරට_එන_විදිහ_සහ_තවත්.........

    ගෙදරට එන විදිහ...
    මම කලකින් යහළුවෙකුගේ නිවස අසලින් යන අතරතුර එහි ගොඩවීමට සිතී ඔහුට දුරකථන ඇමතුමක් දුණිමි.

    යහළුවා - "හලෝ මචං, කොහොමද?"
    මම - "ඒක නෙවෙයි මම උඹලගෙ ෆැලැට් එක ලඟ ඉන්නේ... ගෙදරට එන විදිහ කියපං"
    යහළුවා - "හරි මචං, ඔතන තියෙන පාක් එකේ කාර් එක දාපං, ඊට පස්සේ 3බී ෆ්ලැට් එකට වරෙන්. දකුණු අතේ වැලමිටින් ලිෆ්ට් එකේ 6 තට්ටුවේ බටන් එක ඔබපං. ඊට පස්සේ දකුණු පැත්තට හැරිලා 2 වෙනි ගේ. බෙල් එක වම් අතේ වැලමිටින් ගහපං... මම ගෙදර ඉන්නවා..

    මම - " ඒක නෙවෙයි... ඇයි මට වැලමිටින් බට්න් ඔබන්න කියන්නේ. ?"
    යහළුවා - "නෑ මචං, බයිට් ට්ක එක අතක, අනෙක් අතේ බෝතලේ වැටුනොත් එහෙම"

    :rofl::rofl::rofl::rofl::P:P:P:P:P:rofl::rofl::rofl::rofl:

    ස්තූතියි ෆාදර්
    ෆාදර් - “පීටර්.... පීටර් ඔහොම ඉන්නවා..... තමුසේ ඔය පාත්තයෝ දෙන්නව හොරකම් කලා නේද ? දන්නවනේ හොරකම හොඳ නෑ කියලා. ..... තමුසේ එනවකෝ පල්ලිය පැත්තේ මම කියල දෙන්නම් හොරකමේ ආදිනව. ඒක බොහොම භයානකයි පීටර්.....“

    පීටර් - “එහෙනම් මේ පාත්තයෝ දෙන්නා ෆාදර් භාර ගන්නවද ?”

    ෆාදර් - “අපෝ මට එපා..... තමුසේ මුං දෙන්නව උන්ගේ අයිතිකාරයට දෙනවා”

    පීටර් - “එතකොට අයිතිකාරයා භාර ගන්න බෑ කිව්වොත් මොකද ෆාදර් මම කරන්නේ.”

    ෆාදර් - “එහෙනම් ඉතිං තමුසේටම අරං යනවා, වෙන මොනව කරන්නද
    පීටර් - “ගොඩක් ස්තූතියි ෆාදර්”

    :rofl::rofl::rofl::rofl::P:P:P:P:P:rofl::rofl::rofl::rofl:

    නිදන මැදිරිය
    දිනක් රාත්‍රී දුම්රියක නිදන මැදිරියේ සිටියේ මැදිවියේ කාන්තාවක් සහ පුරුෂයෙකි. දෙදෙනාම කිසිම දිනෙක දැක නැත. මැදිරියේ කිසිවෙකුද නැත. විටින් විට දෙදෙනාම හොරෙන් එකිනෙකා දෙස බලමින් කල් මැරුවෝය. ඔවුන්ට වෙන්වූ නිදන කුටියේ ඉහල කාන්තාවය. පහල පුරුෂයාය... පුරුෂයා කතාවකට පටලවා ගන්නට සිතූ කාන්තාව ...

    “අනේ ඔයා ලඟ වැඩිපුර පොරෝනයක් තියෙනවනම් මට දෙනවද? හරිම සීතලයි”

    පුරුෂයා - “ම්..... ඉතිං ඔයා පල්ලෙහාට එන්නකෝ....”

    කාන්තාව - “ඒ කියනනේ නෝනයි මහත්තයයි වගේ..? හරි මම එකඟයි. හැබැයි මේ දැන් ඉදං ඔයා මට ඔයාගේ නෝනට වගේ සලකන්න ඕනි එහෙනම්, හොඳද ? ”

    පුරුෂයා - “ඉඳා.... ගනිං මේ රෙද්ද..... පල්ලෙහාට බැස්සොත් එහෙම අනිනවා දත් ටික බඩට යන්න. තොත් එක්ක ඉන්නවට වැඩිය හොඳයි හීතලේ මැරෙන එක....“


    :rofl::rofl::rofl::rofl::P:P:P:P:P:rofl::rofl::rofl::rofl:

    +rep
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D