ගෙදරදීම අයිස් ක්‍රීම් හදාගන්න
අයිස් ක්‍රීම් කන්න අපි හැමෝම කැමතියිනේ.
විවිධ විදියට රසගන්වපු අයිස් ක්‍රීම්වර්ග ගොඩක් තියනවා. මම නම් වැඩිපුරම කන්න කැමති චොකලට් අයිස්ක්‍රීම්.
කොහොම වුනත් අපිට ගෙදරදීම හදලා අයිස් ක්‍රීම් රස බලන්න පුළුවන් උනොත් එක අලුත්ම අත්දැකීමක් වේවි.
ඉතින් පුළුවන් අය මේ විදියට හදලා රස බලන්න.
චොකලට් අයිස්ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
මිල්ක්මේඩ් කප් 1
විපින් ක්‍රීම් කප් 2
චොකලට් සෝස් කප් 1\2
සාදා ගන්නා ක්‍රමය :
මුලින්ම විපින් ක්‍රීම් ටික හොඳින් ඝන වන තුරු බීට් කරගෙන ඒකට මිල්ක්මේඩ් සහ චොකලට් සෝස් ටික කලවම් කරගන්න. මෙය අවම වශයෙන් පැය 4ක් අධි ශීතකරණයේ තබා ආහාරයට ගන්න.
----------------------------------------------------------------------------
වැනිලා අයිස්ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය:
සීනි කෝප්ප 1
කිරි කෝප්ප 1
බිත්තර 2
විපින් ක්‍රීම් කෝප්ප 2
වැනිලා තේ හැඳි 1 1/2
නැවුම් ලෙමන් යුෂ මේස හැඳි 1
සාදා ගන්නා ක්‍රමය :
සාස්පනකට සීනි, කිරි සහ බිත්තර එක්කර කලවම් කරමින් අඩු උෂ්ණත්වයේ රත් කරගන්න. මිශ්‍රණය ඝන වනතුරු හොඳින් කලවම් කරමින් රත් කරගන්න. ඉන්පසු ලිපෙන් ඉවත් කර විනාඩි 15ක් පමණ සිසිල් වීමට තබන්න. ඒ අතර වැනිලා සහ ලෙමන් යුෂ හොඳින් බීට් කරගෙන සිසිල් වීමට තැබූ මිශ්‍රණයට එක්කර ගන්න. මෙය පැය 6ක් පමණ අධි ශීතකරණයේ තබන්න. ඉන්පසු ඔබට ගෙදරදීම හදාගත්ත අයිස්ක්‍රීම් වල රස බලාගන්න පුළුවන්.
------------------------------------------------------------------------------
මේ අයිස්ක්‍රීම් සාදාගත හැකි තවත් එක් ක්‍රමයක්…
අවශ්‍ය ද්‍රව්‍ය:
කිරි ටින් 1
ජෙලටින් තේ හැඳි 01
කිරි පිටි මේස හැඳි 04
සීනි සවල්පයක්
වැනිලා
කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 01
උණු හා ඇල් ජලය
සාදා ගන්නා ක්‍රමය :
කිරි ටින් එක කඩා භාජනයකට දමන්න. එයටම ඇල් ජලය එකතු කර හොදින් සොලවන්න. ඉන්පසු ජෙලටින් මේස හැඳි 04ක් පමණ ජලයේ දිය කර කිරි බන්දුනටම එක කරන්න. ඔබගේ රස අනුව සීනි , කස්ටර්ඩ් පවුඩර් හා වැනිලාද එකතු කර හොදින් ගසා ගැනීමට අවශ්‍ය වේ. මෙසේ සාදාගත් මිශ්‍රණය විනාඩි 45ක් පමණ අධි ශීතකරණයේ තැබිය යුතුය. ශීතතකරණයෙන් පිටතට ගෙන නැවතත් හොදින් ගසා නැවත ශීතතකරණයටම දමන්න. මෙසේ තුන් වරක් පමණ කිරීමෙන් පසු බාවිතයට ගන්න .

විපින් ක්‍රීම් කෝප්ප 2 වැනිලා සහ ලෙමන් යුෂ දාලා බීට් කරගන්න ඕනේ.