සිංහල අච්චාරු

muditha-85

Active member
  • Aug 10, 2016
    45
    119
    33
    www.sithmalyaya.com


    අවශ්‍ය ද්‍රව්‍ය :
    • රතු ළුණු ග‍්‍රෑම් 250 ( පිරිසිදු කරගත් )
    • අමුමිරිස් ග‍්‍රෑම් 100 ( වෙන් නොවන සේ දෙකට පලා ගත් )
    • කැරට් ග‍්‍රෑම් 50 ( සිහින්ව කපාගත් )
    • කුඩා අමු ගස්ලබු ගැටයක් ( පොතු ඉවත් කර සිහින්ව කපාගත් )
    • තලාගත් මුරුංගා පොතු කැබැල්ලක්
    • විනාකිරි කෝප්ප 1
    • මිරිස් කුඩු තේ හැදි 1
    • කහ කුඩු තේ හැදි 1 /2
    • අබ කුඩු මේස හැදි 1
    • සීනි මේස 2
    • සුදු ළුණු මේස හැදි 1 ( අඹරා ගත් )
    • ඉගුරු තේ හැදි 1 ( අඹරා ගත් )
    • රස අනුව ලූණු
    සාදා ගන්නා ආකාරය :

    මැටි හට්ටියක් ගෙන එයට අබ කුඩු ,මිරිස් කුඩු ,කහ කුඩු , සුදු ළුණු ,ඉගුරු ,සීනි , මුරුංගා පොතු ,රස අනුව ලූණු හා විනාකිරි කෝප්ප දමා ලිප තබා උතුරවා ගන්න . එම මිශ‍්‍රණය ලිපෙන් බා තරමක් නිවා ගන්න . දැන් එම මිශ‍්‍රණයට රතු ළුණු ,කැරට් ,අමුමිරිස් හා ගස්ලබු එක් කර හොදින් මිශ‍්‍ර කරගන්න . කෙසෙල් කොළයකින් වසා අවශ්‍ය විට ප‍්‍රයෝජනයට ගන්න . සතුටින් රස බලන්න.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    Up

    Api awurudu kaleta hadanawa. Achcharu, hath maluwa ehem niyamai

    Achcharu kalin hadala thibbama awurudu dawas weddi niyama rasata enawa😍
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Excited Feed Me GIF by Faja Lobi
     
    • Love
    Reactions: sahan50