CHAT GPT මොඩල් එක හදන්න බිලියනයකට කිට්ටු වෙන්න වියදම් කරා කියල තමා හිතන්නෙ.
https://www.techgoing.com/how-much-does-chatgpt-cost-2-12-million-per-training-for-large-models/
ඉතින් අපිට ඔය වගේ එකක් අපේ වැඩ වලට යූස් කරනව නන් කරන්න වෙන්නෙ ක්‍රම දෙකකට එකක් තමා අපිට එයාල දෙන මේ වගේ API https://openai.com/api/ එකක් යූස් කරන එක එහෙම නැත්තන් අපි ඒ වගේ මොඩල් එකක් Train කරන එක. උඩ ආටිකල් එක බැලුව නන් අදහසක් එයි අපිට දවසකට කොච්චර ඩොලර් මිලියන ගානක් ඔය වෙනුවෙන් යොදවන්න වෙනවද කියන එක. මේක ඇත්තටම ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙන පොයින්ට් එකක් මේ විශයෙ ඉදිරි ගමනට.
ගොඩක් අය මේක Law Resources වලින් හදාගන්න විදි ගැන කරන පරීක්ශණ කරල තියෙනව සහ කරනව. ඒකට විවිද මොඩල් යූස් කරනව එහෙම නැත්තන් ට්‍රෙන් කරන විදිය වෙනස් කරල බලනව ඔය වගේ ගොඩක් දේවල් කරනව.
මේකත් එහෙම හොයගත්ත විදියක් මේකෙ වෙන්නෙ ඇත්තටම ට්‍රෙන් කරන විදිය තමා වෙනස් කරල තියෙන්නෙ.
https://github.com/hpcaitech/ColossalAI
මේක ට්‍රේනින් කරන විදිය පොඩ්ඩක් වෙනස් කරල තමා මේ ප්‍රෆොමන්ස් අරගෙන තියෙන්නෙ. කොහොම උනත් මේක ඔපන් සොස් නිසා අපිටත් අපේ ප්‍රොජෙක්ට් වලට යූස් කරන්න පුලුවන්.
කඩ්ඩෙන් ලියල තියෙන ඩොක් එකක් උනත් සින්හල අපිට එච්චර අමාරුවක් නැතුව වැඩේ තේරුන් ගන්න පුලුවන් මේකෙන්.
https://www.hpc-ai.tech/blog/colossal-ai-chatgpt
https://github.com/hpcaitech/ColossalAI/tree/main/applications/ChatGPT
ට්‍රයි කරල බලල මොනව හරි තිබ්බොත් කියන්න සප් එකක් දෙන්නන්.
