ගෙදර දොරේ විවිධ බඩු භාණ්‌ඩ පිරිසිදු කරන ක&#353

Apr 8, 2011
569
117
0
හෙළදිව
ගෙදර දොරේ විවිධ බඩු භාණ්‌ඩ පිරිසිදු කරන ක&#353

ගෙදර දොරේ විවිධ බඩු භාණ්‌ඩ පිරිසිදු කරන ක්‍රම

නිවසේ එක්‌ එක්‌ කොටසේ විවිධ කාර්යයන් සඳහා විවිධ භාණ්‌ඩ භාවිත කෙරේ. මෙම භාණ්‌ඩවල කල්පැවැත්ම හා පෙනුම සඳහා ඒවා නිසිලෙස නඩත්තු කිරීම කළ යුතුය. මෙම උපකරණවලින් සිදු කෙරෙන කාර්යයන් අනුව ඒවා පිරිසිදු කරන ක්‍රමය ද වෙනස්‌ වේ.
ඉන් ඇතැම් ඒවා දිනපතා පිරිසිදු කළ යුතුයි. තවත් කොටසක්‌ සතිපතා පිරිසිදු කළ යුතුයි. එක්‌ කොටසක්‌ කලාතුරකින් පිරිසිදු කළ යුතුයි.
දිනපතා භාවිත කරන භාණ්‌ඩ වන ආහාර පිසීම, පිළියෙල කිරීම, සංග්‍රහ කිරීම ආදියට භාවිත වන භාණ්‌ඩ දිනපතා පිරිසිදු කළ යුතුයි.

නිරන්තරව අපිරිසිදු නොවන නමුත් භාවිතයට ගන්නා බේසම්, බාල්දි, පිත්තල බඳුන්, වීදුරු බඳුන් ආදී දේ සතිපතා පිරිසිදු කළ යුතු භාණ්‌ඩ අතර වේ.

එසේම විසිතුරු බඳුන්, මල් බඳුන් ආදී අලංකාරයට තබන බඳුන් කලාතුරකින් පිරිසිදු කළ යුතු භාණ්‌ඩ අතර වේ.

යම් භාණ්‌ඩයක්‌ පිරිසිදු කිරීමට පෙර එම භාණ්‌ඩය හඳුනාගත යුතුය. එය සාදා තිබෙන ද්‍රව්‍ය හඳුනාගෙන ඒ අනුව පිරිසිදු කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය තෝරාගත යුතුය.

ඇළුමිනියම් බඳුන්

සබන් හෝ සබන් කුඩු යොදා පිරිසිදු කළ හැකියි. තෙල් සහිත නම් උණු වතුර භාවිත කළ හැකියි. මෙම බඳුන් දුර්වර්ණ වී ඇත්නම් අර්තාපල් ලෙලි හෝ තක්‌කාලි ලෙලි සමඟ වතුර දමා තම්බාගන්න. ඇතිල්ලීමේදී කොහු බුරුසුවක්‌ භාවිත කළ හැකියි.


ඉනමල් බඳුන්

සබන් යොදා ස්‌පොන්ඡ් කැබැල්ලකින් අතුල්ලන්න. වඩාත් අපිරිසිදු වී විටෙක සබන් කුඩු යොදා ප්ලාස්‌ටික්‌ වූල්වලින් අතුල්ලා සෝදන්න.


වීදුරු භාණ්‌ඩ

සබන් කුඩු හෝ සබන් යොදා සෝදාගත හැකියි. පැල්ලම් ඇති විට හබරල පිතිවලින් මැදගන්න. රටහුණු කුඩු අතුල්ලා මැදීමෙන් ද පැල්ලම් ඉවත් වේ. විනාකිරි මිශ්‍ර ජලයෙන් අතුල්ලා සෝදා ගන්න. එයින් වීදුරු ඔප වැටේ.


පිත්තල භාණ්‌ඩ

සිහින්ව කුඩු කර හලාගත් ගඩොල් කුඩු, දෙහි හෝ බිලිං සමඟ ඇතිල්ලීමෙන් පිරිසිදු කරගත හැකියි. අලංකාරය සඳහා භාවිත කරන පිත්තල භාණ්‌ඩ මෙසේ පිරිසිදු කර ඔප දමන ද්‍රව්‍යයක්‌ තැවරූ රෙදි කඩකින් අතුල්ලා ඔප දමන්න.


ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ

සබන් මිශ්‍ර උණු දියේ සෝදන්න. තෙල් සහිත නම් උණු වතුර භාවිත කරන්න. ආහාර රොස්‌ වූ මැටි භාජන පිරිසිදු කිරීමට, දෙහි ලෙලි දමා තම්බාගෙන පසුව සෝදන්න. සේදූ පසු අව්වේ වේලාගන්න.


ලී භාණ්‌ඩ

එළවළු කපන ලෑලි, මේස දරණු, හැඳි වැනි ලී උපකරණ දිනපතා සබන් මිශ්‍ර වතුරින් අතුල්ලා සෝදන්න. වඩාත් අපිරිසිදු හෝ පැල්ලම් ගැසී ඇත්නම් දෙවුම් සෝඩා දමා කොහු බුරුසුවකින් අතුල්ලා සෝදන්න. විනාකිරිවලින් පොඟවාගත් රෙදි කැබැල්ලකින් ඇතිල්ලීමෙන් ද පැල්ලම් ඉවත් කර ගත හැකියි.


ෆයිරෙක්‌ස්‌

ජලයේ පෙඟෙන්න හැර, බේකිං සෝඩා දමා රෙදි කැබැල්ලකින් අතුල්ලා කිහිපවරක්‌ සෝදන්න.


රිදී භාණ්‌ඩ


සබන් දමා රෙදි කඩකින් අතුල්ලා උණු වතුරෙන් සෝදාගන්න. පැල්ලම් ගැසී ඇත්නම් හුණු ස්‌වල්පයක්‌ අතුල්ලා සෝදන්න. ඔප දැමීමට දියර වර්ග වෙළෙඳ පොලේ ඇත.


http://www.navaliya.com/2010/01/25/feature2.html

 
Last edited:

SLSUN

Member
පිත්තල භාණ්‌ඩ

සිහින්ව කුඩු කර හලාගත් ගඩොල් කුඩු, දෙහි හෝ බිලිං සමඟ ඇතිල්ලීමෙන් පිරිසිදු කරගත හැකියි. අලංකාරය සඳහා භාවිත කරන පිත්තල භාණ්‌ඩ මෙසේ පිරිසිදු කර ඔප දමන ද්‍රව්‍යයක්‌ තැවරූ රෙදි කඩකින් අතුල්ලා ඔප දමන්න.

මේක කරල බැලුව ෆට්ට