ගෙදර ප්‍රශ්නයක්.
පොඩි ප්‍රශ්නෙකට ඔයාලගෙන් අදහසක් ගන්න ඕනෙ. පුළුවන්නම් විහිලුවක් කියල නොතිත උත්තරයක් දෙන්න.
මම දැන් මාස 2 කලින් අලුත් ගෙදරකට ආව. මම හදපු ගෙයක් නෙමේ වෙන කෙනෙක් හදල විකුනපු එකක් මම ගත්තෙ. ගෙදර ඉන්නෙ මමයි wife අපේ අම්මයි තාත්තයි.
ඇවිත් මාසයක් වෙනකම් කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ. ඒත් මේ ටික දවසක ඉඳල ගෙදර පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියනව.
ඒ කියන්නෙ සමහර දවස් වල හවසට, හවස 6 - 7 අතර ගෙදර කට්ටකුමන්ජල් සුවඳක් එනව. අපි කිසිම දෙයක් පත්තු නොකරත් ඒ සුවඳ එනව. වටේ ගෙවල් එහෙමත් නෑ, ඒක නිසා පිටින් එන එකක් කියන්නත් අමාරුයි.
අපි හැමදාම බුදු පහන පත්තු කරනව. ඒත් හැමදාම කිසිම හේතුවක් නැතුව පහන නිමෙනව. (මම බලන් ඉන්නකොටත් නිමිල තියනව හරියට කව්රුහරි නිමනවා වගේ)
අපි කලින් උන්න ගෙදර උන්න බල්ලෙකුයි පූසෙකුයි. මේ ගෙදරට ආව දවසේ ඉඳල පූස ආගිය අතක් නෑ. බල්ලා ගෙනත් සති දෙකෙන් මැරුණ.
දවසක් wife එක පාරටම නින්දෙන් ඇහැරිලා කිව්ව බෙර සද්දයක් ඇහෙනව කියල. ඊයේ හවස අම්මත් ඒකම කිව්ව. තාත්තටයි මටයිනම් තාම ඇහුනේ නෑ.
අපි කව්රුවත් හොල්මන් විශ්වාස කරන්නේවත් ඒවට බයක්වත් නෑ, ඒත් මේ වෙන දේවල් ගැන කිසිම දෙයක් හිතා ගන්නත් බෑ.
අම්මල කියනව පිරිතක් කියල දානයක් දෙමු කියල. දැන් ඒක කරන්න තමා හිතාගෙන ඉන්නෙ. මීට අමතරව මොනවද කරන්න පුළුවන්? තොවිල්, ආරක්ෂාවල් ගැනනම් අපිට කිසි විශ්වාසයක් නෑ.