ගෙදර ප්‍රශ්නයක්.

Lion-O

Member
Jul 13, 2017
32
31
0
ගෙදර ප්‍රශ්නයක්.

පොඩි ප්‍රශ්නෙකට ඔයාලගෙන් අදහසක් ගන්න ඕනෙ. පුළුවන්නම් විහිලුවක් කියල නොතිත උත්තරයක් දෙන්න.

මම දැන් මාස 2 කලින් අලුත් ගෙදරකට ආව. මම හදපු ගෙයක් නෙමේ වෙන කෙනෙක් හදල විකුනපු එකක් මම ගත්තෙ. ගෙදර ඉන්නෙ මමයි wife අපේ අම්මයි තාත්තයි.

ඇවිත් මාසයක් වෙනකම් කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ. ඒත් මේ ටික දවසක ඉඳල ගෙදර පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියනව.

ඒ කියන්නෙ සමහර දවස් වල හවසට, හවස 6 - 7 අතර ගෙදර කට්ටකුමන්ජල් සුවඳක් එනව. අපි කිසිම දෙයක් පත්තු නොකරත් ඒ සුවඳ එනව. වටේ ගෙවල් එහෙමත් නෑ, ඒක නිසා පිටින් එන එකක් කියන්නත් අමාරුයි.

අපි හැමදාම බුදු පහන පත්තු කරනව. ඒත් හැමදාම කිසිම හේතුවක් නැතුව පහන නිමෙනව. (මම බලන් ඉන්නකොටත් නිමිල තියනව හරියට කව්රුහරි නිමනවා වගේ)

අපි කලින් උන්න ගෙදර උන්න බල්ලෙකුයි පූසෙකුයි. මේ ගෙදරට ආව දවසේ ඉඳල පූස ආගිය අතක් නෑ. බල්ලා ගෙනත් සති දෙකෙන් මැරුණ.

දවසක් wife එක පාරටම නින්දෙන් ඇහැරිලා කිව්ව බෙර සද්දයක් ඇහෙනව කියල. ඊයේ හවස අම්මත් ඒකම කිව්ව. තාත්තටයි මටයිනම් තාම ඇහුනේ නෑ.

අපි කව්රුවත් හොල්මන් විශ්වාස කරන්නේවත් ඒවට බයක්වත් නෑ, ඒත් මේ වෙන දේවල් ගැන කිසිම දෙයක් හිතා ගන්නත් බෑ.

අම්මල කියනව පිරිතක් කියල දානයක් දෙමු කියල. දැන් ඒක කරන්න තමා හිතාගෙන ඉන්නෙ. මීට අමතරව මොනවද කරන්න පුළුවන්? තොවිල්, ආරක්ෂාවල් ගැනනම් අපිට කිසි විශ්වාසයක් නෑ.
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිරිතක් කියල දානයක් දීපන් මලගිය අය නිවසේ ඉන්නවනම් පින් අරන් යන්ඩ කියල.

    වට පිටාවෙ ඉන්න අයගෙන් අතීත කතා ටික අහගත්තම සීන් එක මොකක්ද කියල අදහසක් ගන්ඩ පුලුවන් වෙයි බොහෝ විට. :)
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පිරිතක් කියල දානයක් දීපන් මලගිය අය නිවසේ ඉන්නවනම් පින් අරන් යන්ඩ කියල.

    වට පිටාවෙ ඉන්න අයගෙන් අතීත කතා ටික අහගත්තම සීන් එක මොකක්ද කියල අදහසක් ගන්ඩ පුලුවන් වෙයි බොහෝ විට. :)

    යෙස්.. :yes:
     
    • Like
    Reactions: kinkon

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ගේ හදලා කොච්චර කල්ද?


    ඔය තොවිල් කරලා සල්ලි නාස්ති කරන්නේ නැතුව පිරිතක් කියලා දානයක් දෙන්න.
     

    Lion-O

    Member
    Jul 13, 2017
    32
    31
    0
    පිරිතක් කියල දානයක් දීපන් මලගිය අය නිවසේ ඉන්නවනම් පින් අරන් යන්ඩ කියල.

    වට පිටාවෙ ඉන්න අයගෙන් අතීත කතා ටික අහගත්තම සීන් එක මොකක්ද කියල අදහසක් ගන්ඩ පුලුවන් වෙයි බොහෝ විට. :)

    homelands එකෙන් වෙන්දේසි කරපු ඉඩමක ගෙවල් හදල විකුණන කෙනෙක්ගෙන් ගත්තෙ. අපේ block එකට block 4 එහා ගෙදරක විතරයි කට්ටිය ඉන්නෙ. ගමේ අය එක්ක තාම වැඩි ආශ්‍රයක් නෑ.

    aththamda??

    ඔව්.

    owa boru manasika seen machan

    මම අත්දැකපු දෙයක් මචං මානසික සීන් එකක් කියන්න බෑනෙ. wife අම්ම විතරක් කිව්වනම් ඔන්න හිතන්න තිබුන.
     

    Lion-O

    Member
    Jul 13, 2017
    32
    31
    0
    ඔය ගේ හදලා කොච්චර කල්ද?


    ඔය තොවිල් කරලා සල්ලි නාස්ති කරන්නේ නැතුව පිරිතක් කියලා දානයක් දෙන්න.

    හදල මාස 4 ඇති මචං. homelands එකෙන් වෙන්දේසි කරපු ඉඩමක ගෙවල් හදල විකුණන කෙනෙක්ගෙන් ගත්තෙ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    homelands එකෙන් වෙන්දේසි කරපු ඉඩමක ගෙවල් හදල විකුණන කෙනෙක්ගෙන් ගත්තෙ. අපේ block එකට block 4 එහා ගෙදරක විතරයි කට්ටිය ඉන්නෙ. ගමේ අය එක්ක තාම වැඩි ආශ්‍රයක් නෑ.
    ගමේ පන්සලේ හාමුදුරුවො හම්බවෙලා වෙච්ච දේවල් කියපන්.
     

    Lion-O

    Member
    Jul 13, 2017
    32
    31
    0
    pirithak kiyala danayak denna
    sattu marenne nam dewa padayak nisa wenna puluwan
    poddak balana danna kenek ta kiyala

    ඒ කතාව මමත් අහල තියනව.

    ගමේ පන්සලේ හාමුදුරුවො හම්බවෙලා වෙච්ච දේවල් කියපන්.

    ඔව් මචං දැන් කරන්න තියන හොඳම දේ ඒකයි.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    තොවිල් මගුල් නැතුව හොද හාමුදුරු ගෙන්නලා සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් කරලා සාංගික දානයක් දෙන්න. කිරි අම්මල දානයක් දෙන්න. :yes::yes::yes::yes::yes:

     

    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    mamath ahala thiyenawa oya wage dewal.
    pirith danna. sathiyak withara gedara aya mas malu biththara wage mukuth noka inna wenasak thiyenawada balanna :)