ගෙදර සිට වැඩකිරීම ඔය කියන තරම් ජොලිද?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මා සම්පූර්ණයෙන්ම ගෙදර සිට වැඩ කිරීම ආරම්භ කළේ කොවිඩ්-19ට බොහෝ කලකට පෙරයි. මගේ අත්දැකීම අනුව, එය අතිශය වෙහෙසකරය. එසේම මානසික වශයෙන් පීඩාකාරීය. ඔබ මුහුණ දෙන තත්වය කිසිවකු තේරුම් නොගන්නා විට ඇතිවන්නේ විෂාධ තත්වයකි. ඔබට වැඩ ඇති බව හා ඔබ පරිගණකය ඉදිරියේ වාඩි වී කරන්නේ රැකියාව බව ඔබගේ නිවැසියන්ට තේරුම් කරදීම කළ නොහැක්කකි. ඔවුන් ඔබ ෆේස්බුක් යනු දකිනු ඇත. එහෙත්, ඔබ ෆේස්බුක් යන්නේ තිබෙන අසහනය නිසා බව ඔවුන් දන්නේ නැත. එසේම, ෆේස්බුක් මගින් සිදුවන්නේ ඔබේ අසහනය තවත් වැඩිවීමයි. ඔබට කාර්යාල කාමරයක් තිබුණ ද, ගෙදර යනු ගෙදර නිසා එය කාර්යාලය වන්නේ නැත.

    ලංකාවේ අසල්වැසියන්ට, නෑදෑයන්ට, මිතුරන්ට නම් ඔබ ගෙදර සිට වැඩකරන බව තේරුම් කරදෙන්නට යාම තේරුමක් නැති වැඩකි. ඔබ ගෙදර නිකම් ඉන්නා කෙනෙකු ලෙස පෙනෙන නිසා ඔවුන්ගේ වැඩ ඔබේ වැඩවලට වඩා හැමවිටම ප්‍රමුඛය.

    කොවිඩ්-19 සීමාකිරීම් හේතුවෙන් ඇතිවී තිබෙන තත්වයන් විසින් ගෙදර සිට ඇත්තටම රැකියා කරන අප වැනි අයට සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමටයි. මා මේ මොහොතේ වැඩ කන්දරාවක් ඇති, කිසිවක් සම්පූර්ණ කරගැනීමට බැරි සිරවීමක හා ඒ හේතුවෙන් ඇතිවන ආතතියක සිරවී සිටින අතර මත්පැන් ටිකක්, දුම්වැටියක් වැනි තාවකාලික සහනයක් හෝ සොයාගැනීමට පවා නැති වන විට තත්වය බරපතල වේ. (ළමයින්ගේ රණ්ඩු ආදිය ගැන කතා කර වැඩක් නැත. ඔවුන් ද සිටිනවා ඇත්තේ කෙතරම් අසහනයකද?) මේ අතර, බිරිඳ අධික වැඩ නිසා රැකියාවටම සින්න වුණ සෞඛ්‍ය සේවිකාවක වන විට හා නිරතුරුව කොවිඩ්-19 අවදානමට විවෘත වන සෞඛ්‍ය සේවක පවුලක සාමාජිකයකු ලෙස එන්නත හෝ ලබාගැනීමට ක්‍රමයක් නැති විට තත්වය සිතාගන්න. එයට අමතරව තෙත් කලාපයේ නිරන්තර වැසි කෝඩයක අව් රැල්ලක් නොමැතිව, ව්‍යායාමයකට, විනෝදයකට එළියට බහින්නට හැන්දෑවක් නොමැතිව ද සිටිමි. එවැනි තත්වයන් ලෝකයේ හැම තැනම නොතිබෙන්නට පුළුවන.

    ගෙදර සිට වැඩකිරීමට ලැබීම නව තාක්ෂණයත් සමග උදාවන මහත් භාග්‍යයකැයි බොහෝ දෙනා සිතති. පොදු ප්‍රවාහනය, ට්‍රැෆික් වැනි කරදරවලට ලක්වන්නට අවශ්‍ය නොවීම, නම්‍යශීලී වැඩ කාලයන් ආදිය නිසා බොහෝ අය ගෙදර සිට වැඩකිරීමට කැමැත්තක් දක්වති. එහෙත්, 2007 තරම් ඈත කාලයේ සිට වරින් වර අවුරුදු ගණනාවක් එසේ කර අත්දැකීම් සහිත පුද්ගලයකු ලෙස මා නම් කියන්නේ එය බොහෝ දෙනා සිතන තරම් සොඳුරු නැති බවයි. සේවා ස්ථානයක් යනු වැඩකරන පරිසරයක සමාජ ජීවිතයකි. බොරු සෝබන කෙතරම් වුවත්, ඒවා කෙතරම් ආස්වාදජනකදැයි වැටහෙන්නේ ඒවා නොමැති පරිසරයක සිටින විටයි. සේවා ස්ථානයකට යාම සඳහා ඔබ අඳින ඇඳුම පවා කෙතරම් වැදගත් දෙයක්දැයි ඔබට වැටහෙන්නේ සරම ඇඳගෙන, ඕනෑ නම් දත්වත් නොමැද වැඩ කරන්නට තරම් ‘නිදහස්’ වැඩ පරිසරයක් ලැබුණු විටයි. වැඩවලට අමතරව තවත් බොහෝ දේ සේවා ස්ථානයක තිබේ. ගෙදර යනු වෙනත් සංදර්භයකි. එහි සමාජ ජීවිතය වෙනස් එකකි. විශේෂයෙන්ම සමාජශීලී පුද්ගලයකුට ගෙදර සිට දිගු කලක් කරන රැකියා දරාගැනීම පහසු නැත. එයින් ඇතිවන අසහනකාරී හැඟීම් නිර්මාණශීලීත්වය කුළුගන්වන්නේ නැත. එය සමස්ත ජීවිතයටම බලපාන්නට ඉඩ තිබේ.

    එපමණක් නොව, ගෙදර සිට වැඩකිරීමේදී වැඩ සංවිධානය කරගැනීම ඉතා දුෂ්කරය. ගෙදරදොර කටයුතු, පවුලේ කටයුතු, අසල්වැසියන් සම්බන්ධ කටයුතු හා වෙනත් සමාජ කටයුතු මැද බොහෝවිට රාජකාරි කටයුතු කල් දැමීමට සිදුවේ. වැඩකිරීම සඳහා නිශ්චිත වේලාවක් නොමැති නිසා රාත්‍රියට, පාන්දරට වැඩකිරීමට පෙළැඹිය හැකිය. ලංකාව වැනි රටවල ඩේටා ප්‍රශ්න ද එවැනි චර්යාවලට ඔබ පොළඹවයි. එවිට අවසානයේදී ඔබ ගෙදර සිටියත් හරිහමන් නින්දක් හෝ ලබාගැනීමට බැරිවෙන්නට ඉඩ තිබේ.

    ගෙදර සිට වැඩ කිරීමේ අවුරුදු ගණනක අත්දැකීම් සහිත පුද්ගලයකු ලෙස මා එය තවත් අයෙකුට නිර්දේශ කරන්නේ නැත. ශ්‍රී ලංකාව වැනි රටවල, විශේෂයෙන්ම කොළඹින් බැහැර ප්‍රදේශවල එවැනි ජීවිතයක් තුලනය කරගැනීම සඳහා අවශ්‍ය විනෝදාස්වාද ආදී පහසුකම් ද නැත. ගෙදර සිට වැඩ කිරීම හරහා සේවා ස්ථානයක වැඩ කිරීමෙන් ලබන ශ්‍රම ඵලදායිතාව ලබාගැනීම දුෂ්කරය.

    ගෙදර සිට යම් දුරකට හෝ වැඩ කිරීමේ සංස්කෘතියකට යන්නට නම් ලංකාව තව බොහෝ සංවර්ධනය විය යුතුය. බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සම්බන්ධයක් තිබූ පමණින් ඒ සඳහා අවශ්‍ය සියල්ල සම්පූර්ණ වන්නේ නැත. සම්පූර්ණයෙන්ම ගෙදර සිට වැඩකිරීමේ වැඩ රටාවක් ලංකාවට නම් ගැලපෙන්නේම නැත. මා සිතන පරිදි නම්, ගැලපෙන්නේ ගෙදර සිට වැඩකිරීම සතියේ දින කීපයකට පමණක් සීමා කිරීමයි.

    අජිත් පැරකුම් ජයසිංහ​

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    විශේෂයෙන්ම කොළඹින් බැහැර ප්‍රදේශවල එවැනි ජීවිතයක් තුලනය කරගැනීම සඳහා අවශ්‍ය විනෝදාස්වාද ආදී පහසුකම් ද නැත. :D

    kema tika langata labenawa, salli ithurui, time1 ithurui dawase peya gaanak, niyameta kema tika kanawa, etc... ekama de workd load1 nam poddak wedi...
    mata nam wfh hodai.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    විශේෂයෙන්ම කොළඹින් බැහැර ප්‍රදේශවල එවැනි ජීවිතයක් තුලනය කරගැනීම සඳහා අවශ්‍ය විනෝදාස්වාද ආදී පහසුකම් ද නැත. :D

    kema tika langata labenawa, salli ithurui, time1 ithurui dawase peya gaanak, niyameta kema tika kanawa, etc... ekama de workd load1 nam poddak wedi...
    mata nam wfh hodai.
    කොලබ බෝඩින් වල දාඩිය පෙරාගෙන මදුරුවෝ කකා කඩවල් වල ජරා කෑම කන ගමන් ට්‍රැෆික් එකේ පැය ගණන් නාස්ති කරනවට වඩා wfh ජීවිතේ කොච්චර සැපද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,766
    113
    මා සම්පූර්ණයෙන්ම ගෙදර සිට වැඩ කිරීම ආරම්භ කළේ කොවිඩ්-19ට බොහෝ කලකට පෙරයි. මගේ අත්දැකීම අනුව, එය අතිශය වෙහෙසකරය. එසේම මානසික වශයෙන් පීඩාකාරීය. ඔබ මුහුණ දෙන තත්වය කිසිවකු තේරුම් නොගන්නා විට ඇතිවන්නේ විෂාධ තත්වයකි. ඔබට වැඩ ඇති බව හා ඔබ පරිගණකය ඉදිරියේ වාඩි වී කරන්නේ රැකියාව බව ඔබගේ නිවැසියන්ට තේරුම් කරදීම කළ නොහැක්කකි. ඔවුන් ඔබ ෆේස්බුක් යනු දකිනු ඇත. එහෙත්, ඔබ ෆේස්බුක් යන්නේ තිබෙන අසහනය නිසා බව ඔවුන් දන්නේ නැත. එසේම, ෆේස්බුක් මගින් සිදුවන්නේ ඔබේ අසහනය තවත් වැඩිවීමයි. ඔබට කාර්යාල කාමරයක් තිබුණ ද, ගෙදර යනු ගෙදර නිසා එය කාර්යාලය වන්නේ නැත.

    ලංකාවේ අසල්වැසියන්ට, නෑදෑයන්ට, මිතුරන්ට නම් ඔබ ගෙදර සිට වැඩකරන බව තේරුම් කරදෙන්නට යාම තේරුමක් නැති වැඩකි. ඔබ ගෙදර නිකම් ඉන්නා කෙනෙකු ලෙස පෙනෙන නිසා ඔවුන්ගේ වැඩ ඔබේ වැඩවලට වඩා හැමවිටම ප්‍රමුඛය.

    කොවිඩ්-19 සීමාකිරීම් හේතුවෙන් ඇතිවී තිබෙන තත්වයන් විසින් ගෙදර සිට ඇත්තටම රැකියා කරන අප වැනි අයට සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමටයි. මා මේ මොහොතේ වැඩ කන්දරාවක් ඇති, කිසිවක් සම්පූර්ණ කරගැනීමට බැරි සිරවීමක හා ඒ හේතුවෙන් ඇතිවන ආතතියක සිරවී සිටින අතර මත්පැන් ටිකක්, දුම්වැටියක් වැනි තාවකාලික සහනයක් හෝ සොයාගැනීමට පවා නැති වන විට තත්වය බරපතල වේ. (ළමයින්ගේ රණ්ඩු ආදිය ගැන කතා කර වැඩක් නැත. ඔවුන් ද සිටිනවා ඇත්තේ කෙතරම් අසහනයකද?) මේ අතර, බිරිඳ අධික වැඩ නිසා රැකියාවටම සින්න වුණ සෞඛ්‍ය සේවිකාවක වන විට හා නිරතුරුව කොවිඩ්-19 අවදානමට විවෘත වන සෞඛ්‍ය සේවක පවුලක සාමාජිකයකු ලෙස එන්නත හෝ ලබාගැනීමට ක්‍රමයක් නැති විට තත්වය සිතාගන්න. එයට අමතරව තෙත් කලාපයේ නිරන්තර වැසි කෝඩයක අව් රැල්ලක් නොමැතිව, ව්‍යායාමයකට, විනෝදයකට එළියට බහින්නට හැන්දෑවක් නොමැතිව ද සිටිමි. එවැනි තත්වයන් ලෝකයේ හැම තැනම නොතිබෙන්නට පුළුවන.

    ගෙදර සිට වැඩකිරීමට ලැබීම නව තාක්ෂණයත් සමග උදාවන මහත් භාග්‍යයකැයි බොහෝ දෙනා සිතති. පොදු ප්‍රවාහනය, ට්‍රැෆික් වැනි කරදරවලට ලක්වන්නට අවශ්‍ය නොවීම, නම්‍යශීලී වැඩ කාලයන් ආදිය නිසා බොහෝ අය ගෙදර සිට වැඩකිරීමට කැමැත්තක් දක්වති. එහෙත්, 2007 තරම් ඈත කාලයේ සිට වරින් වර අවුරුදු ගණනාවක් එසේ කර අත්දැකීම් සහිත පුද්ගලයකු ලෙස මා නම් කියන්නේ එය බොහෝ දෙනා සිතන තරම් සොඳුරු නැති බවයි. සේවා ස්ථානයක් යනු වැඩකරන පරිසරයක සමාජ ජීවිතයකි. බොරු සෝබන කෙතරම් වුවත්, ඒවා කෙතරම් ආස්වාදජනකදැයි වැටහෙන්නේ ඒවා නොමැති පරිසරයක සිටින විටයි. සේවා ස්ථානයකට යාම සඳහා ඔබ අඳින ඇඳුම පවා කෙතරම් වැදගත් දෙයක්දැයි ඔබට වැටහෙන්නේ සරම ඇඳගෙන, ඕනෑ නම් දත්වත් නොමැද වැඩ කරන්නට තරම් ‘නිදහස්’ වැඩ පරිසරයක් ලැබුණු විටයි. වැඩවලට අමතරව තවත් බොහෝ දේ සේවා ස්ථානයක තිබේ. ගෙදර යනු වෙනත් සංදර්භයකි. එහි සමාජ ජීවිතය වෙනස් එකකි. විශේෂයෙන්ම සමාජශීලී පුද්ගලයකුට ගෙදර සිට දිගු කලක් කරන රැකියා දරාගැනීම පහසු නැත. එයින් ඇතිවන අසහනකාරී හැඟීම් නිර්මාණශීලීත්වය කුළුගන්වන්නේ නැත. එය සමස්ත ජීවිතයටම බලපාන්නට ඉඩ තිබේ.

    එපමණක් නොව, ගෙදර සිට වැඩකිරීමේදී වැඩ සංවිධානය කරගැනීම ඉතා දුෂ්කරය. ගෙදරදොර කටයුතු, පවුලේ කටයුතු, අසල්වැසියන් සම්බන්ධ කටයුතු හා වෙනත් සමාජ කටයුතු මැද බොහෝවිට රාජකාරි කටයුතු කල් දැමීමට සිදුවේ. වැඩකිරීම සඳහා නිශ්චිත වේලාවක් නොමැති නිසා රාත්‍රියට, පාන්දරට වැඩකිරීමට පෙළැඹිය හැකිය. ලංකාව වැනි රටවල ඩේටා ප්‍රශ්න ද එවැනි චර්යාවලට ඔබ පොළඹවයි. එවිට අවසානයේදී ඔබ ගෙදර සිටියත් හරිහමන් නින්දක් හෝ ලබාගැනීමට බැරිවෙන්නට ඉඩ තිබේ.

    ගෙදර සිට වැඩ කිරීමේ අවුරුදු ගණනක අත්දැකීම් සහිත පුද්ගලයකු ලෙස මා එය තවත් අයෙකුට නිර්දේශ කරන්නේ නැත. ශ්‍රී ලංකාව වැනි රටවල, විශේෂයෙන්ම කොළඹින් බැහැර ප්‍රදේශවල එවැනි ජීවිතයක් තුලනය කරගැනීම සඳහා අවශ්‍ය විනෝදාස්වාද ආදී පහසුකම් ද නැත. ගෙදර සිට වැඩ කිරීම හරහා සේවා ස්ථානයක වැඩ කිරීමෙන් ලබන ශ්‍රම ඵලදායිතාව ලබාගැනීම දුෂ්කරය.

    ගෙදර සිට යම් දුරකට හෝ වැඩ කිරීමේ සංස්කෘතියකට යන්නට නම් ලංකාව තව බොහෝ සංවර්ධනය විය යුතුය. බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සම්බන්ධයක් තිබූ පමණින් ඒ සඳහා අවශ්‍ය සියල්ල සම්පූර්ණ වන්නේ නැත. සම්පූර්ණයෙන්ම ගෙදර සිට වැඩකිරීමේ වැඩ රටාවක් ලංකාවට නම් ගැලපෙන්නේම නැත. මා සිතන පරිදි නම්, ගැලපෙන්නේ ගෙදර සිට වැඩකිරීම සතියේ දින කීපයකට පමණක් සීමා කිරීමයි.

    අජිත් පැරකුම් ජයසිංහ​

    Depends on what you are doing. For me I sort of work from 9 to around 12 midnight. Take breaks here and there. But because those breaks which we had when we were travelling to office isn't there anymore it is quite difficult to balance this. It feels like we live inside the office now :ROFLMAO: :ROFLMAO:. There are too many meetings. To get something done need to get on the phone. That too wastes a lot of time.

    On top of that have to get involved in the stuff at home else they think that we are neglecting stuff because we are lazy.
     
    • Like
    Reactions: CAPITHAN

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    ඔබට වැඩ ඇති බව හා ඔබ පරිගණකය ඉදිරියේ වාඩි වී කරන්නේ රැකියාව බව ඔබගේ නිවැසියන්ට තේරුම් කරදීම කළ නොහැක්කකි.

    Meke eththak naththemath naha....
     
    • Like
    Reactions: CAPITHAN and NRTG

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    It's all depends on how you manage time. WFH helped me lose 15kgs of body weight because I fiannly got time and energy to do workouts in the evening. WFH is great if you have good self discipline and don't mind what others think about your job.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    It's all depends on how you manage time. WFH helped me lose 15kgs of body weight because I fiannly got time and energy to do workouts in the evening. WFH is great if you have good self discipline and don't mind what others think about your job.
    discipline = freedom
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    හීනෙන් WFH කරනවා පේනිල ....නැගිටපන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඕයි නැතුව. ජීවිතේ පළවෙනි වතාවට WFH පටන් ගත්තෙ ඊයෙ. මට නං මෙහෙම දිගටම තිබුණොත් හොඳටම හොඳයි. 😍😍

    තව මාසෙකට, අවුරුද්දකට පස්සෙත් අහපන් ආපහු අදහස් වෙනස් වෙයිද කියලා.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    මේ අතර, බිරිඳ අධික වැඩ නිසා රැකියාවටම සින්න වුණ සෞඛ්‍ය සේවිකාවක වන විට හා නිරතුරුව කොවිඩ්-19 අවදානමට විවෘත වන සෞඛ්‍ය සේවක පවුලක සාමාජිකයකු ලෙස එන්නත හෝ ලබාගැනීමට ක්‍රමයක් නැති විට තත්වය සිතාගන්න.

    මේ හුප්තෙ ගන්න දෙයක් තියෙනවද කියල හිතපන් මේකෙන්ම විතරක්. වෙන මුකුත් ඕන නෑ. 🙈
     
    • Like
    Reactions: cookies572

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,640
    113
    හොද නරක දෙකම තියෙනවා..මට නම් 50/50 වගේ තමා. ට්‍රිප් ගිහින්ම තමා පොඩ්ඩක් මයින්ඩ් රිලැක්ස් කරන්නේ. තාම ඒක යන්නත් බැරි නිසා එපා වෙලා ඉන්නේ..කොරෝනා අපි ඔක්කොටම ඇරියා කියලා තමා කියන්න තියෙන්නේ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ඔෆිස් ගියා නම් ඔෆිස් එකේ වැඩ විතරයි. ගෙදර හිටියම ඔෆිස් එකේ වැඩයි. පොල් ගාන්නයි, හොදි හැඳි ගන්නයි ඔක්කොම කරන්න එපයි. අද ඉදන් ජිම් එකට යන්න ඕනේ . බර වැඩි වෙලා. ගෙදර ඉදන් කාලා කාලා
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    maaath kamathi nam na wfh
    dan wtf wela tiyenne
    raa 10 11 tath wada kiyanawa :D
    ofz giyaa nam eewa na :D
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    patta athal bn,office eke unath venasak ne.
    gedara innakota full athal,dann 1.5 year idan WFH.
    mata nam aul tiyenne office eke vada karana ekeyi gedara vada karana ekeyi neme.
    office yanna unama train vala bus vala vena rasthiyaduwa ne ne.e velava vena vadakata yodanna puluwan.