තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඇමති ඉල්ලා අස්විය යුතුයි - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
June 12, 2021 07:57 pmතෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් නිවේදනයක් නිකුත්කරමින් ඒ බව පැවසීය.
------ Post added on Jun 12, 2021 at 10:08 PM
