ගෙඹි_නින්දයි_ගොලුබෙලි_ගමනයි
අපූරු පින්තූර පෙළක්
ලස්සන පින්තූර පෙළක් එක්ක හැදුණ පුංචි කතාවක් තමයි මේ පුවතින් අරගෙන එන්නේ. කතාවට එකතු වෙන්නේ චරිත දෙකයි. එක්කෙනෙක් ගොලු බෙල්ලෙක් අනික් කෙනා ගෙම්බෙක්. ගොලුබෙල්ලෙක් හිමින් හිමින් පුංචි අත්තක් දිගේ සාමකාමීව ගමනක් යමින් හිටියා. ඔන්න එතකොට අත්ත මැද්දෙම ඉන්නව ගෙම්බෙක්. දැං ඉතිං ප්‍රශ්නයක්. මොනව කරන්නද ගෙඹිරාලට අයින් වෙන්න කියන්නද. ඒ මදිවට ගෙම්බා හිටියෙත් නිදාගෙන. පොඩ්ඩක් කල්පනා කරපු ගොලුබෙල්ලා කරේ ගෙම්බට නොදැනෙන්න එයාගේ ඇඟ උඩින් ගිහිල්ලා අත්තේ අනික් පැත්තට මාරු වෙච්ච එකයි. ඔන්න ඕක තමයි මේ පින්තූර පෙළේ කතාව. මේ කතාවට පාදක වෙච්ච පින්තූර ටික අරගත්තේ ඉන්දුනීසියාවේ, ජාකර්තා (Jakarta) වල ඉන්න ඡායාරූප ශිල්පියෙක්. ඔහු නමින් "ලෙසී සෙබස්තියන්" (Lessy Sebastian). 49 හැවිරිදි මොහු තමන්ගේ ගෙවත්තේදීම තමයි මේ සිද්ධිය දැකලා පින්තූරයට ගත්තේ. ලෙසී මේ ගැන මාධ්‍යයට මෙන්න මෙහෙමයි කිව්වේ.
"මම මේ කොළ ගස් ගෙම්බව අරගත්තේ මාකට් එකෙන්. එයා ඉන්නේ මගේ ගෙදර වත්තෙ තියෙන පොකුණ ළඟ. දවසක් මම බලද්දි මේ ගෙම්බා අත්ත උඩට වෙලා හොඳටම නිදි. ඒත් එක්කම ගොලුබෙල්ලෙක් ඒ අත්ත දිගේ ඉස්සරහට එනවා. මට හිතාගන්න බැරි වුණා මොකද්ද මේ වෙන්නේ කියලා. එකපාරටම ගොලුබෙල්ලා පටන් ගත්තා ගෙම්බගෙ ඇඟ උඩින් යන්න. හොඳම දේ තමයි මේ ඔක්කොම වෙලා ඉවරවෙනකනුන් ගෙම්බා හොඳටම නිදි. මම ඉක්මනට ගිහිල්ලා මගේ කැමරාව අරගෙන මේ ඔක්කොම කතාවෙ පින්තූර අරගත්තා."
මේ සම්පූර්ණ මාරුවෙන එකට ගොලුබෙල්ලාට විනාඩි අටක කාලයක් ගත් වෙලා තියෙනවා.
මේ පින්තූරයේ හිමිකරුවන 'ලෙසී' දෙදරු පියෙක්. ඔහු පින්තූර ගන්න එක තමන්ගේ විනෝදාංශයට තමයි කරන්නේ. ඔහුගේ යාළුවොත් මේ පින්තූර ටික දැකලා හිනාවෙලා වගේම පුදුම වෙලත් තියෙනවා. ලෙසී වැඩිදුරටත් මේ වගේ කතාවකුත් කිව්වා. "ඇත්තටම මේ පින්තූර ටික මා පරිගණකයට දාලා බලද්දී මටම පුදුම හිතුණා. මේ පින්තූරය මට පෙනුණේ නියම 'ඩබල් ඩෙකර්' බස් එකක්. මේ ගෙම්බගෙයි, ගොලුබෙල්ලගෙයි කතාව ඉන්දුනීසියාවේ විතරක් නොවේ. එංගලන්තයේ 'ඩේලි මේල්, ද සන්' ((Daily Mail, The Sun) වගේ පත්තරත් ඉහළින්ම වාර්තා කරලා තිබුණා.