ගෙවල් වට පිටාවේ තිබුනට මේ ගැන දැනගෙන හිටි&#351

33000W

Member
ගෙවල් වට පිටාවේ තිබුනට මේ ගැන දැනගෙන හිටි&#351



මේ ශාකය දුටුවා ද?

මේත් ආක්‍රමණශීලී විභවයක් තියන එකක්.

ලංකාවට ආවේ විසිතුරු ශාකයක් ලෙස සුපුරුදු විදිහටම,

මුල් මගින් පැල ඇති වෙනවා,

මේකත් හැමෝම ගෙවල් වල හදාගන්න උත්සහ කරනවා.

(අපෙ ගෙදරත් ඇතුළුව, ඒත් දැන් අපි මේක අයින් කරල තියන්නෙ)

මේක දැනටමත් පිට රටවල් වල ආක්‍රමණික ශාකයක් කියල නම් කරල තියන්නෙ,
තවම අපේ කැලෑ වල සුළබ නෑ,
ඒත් කැලෑවකට ගියොත් ලොකු හානියක්,
ඒ නිසා ඔබ මේ ගහක් දැක්කොත් දැනුවත් කරන්න එහි අයිතිකාරයෝ.

ලස්සන වුනත් මේක භයානක වෙන්න පුළුවන්.



නම :
Philippines Fireworks, Star-burst

Clerodendrum quadriloculare
වැලන්ටයින් ගස්


කුලය:

Verbenaceae පින්න කුලය



නිජබිම:

අප්‍රිකාව සහ ආසියානු පැසිෆික් කලාපය


.....................................................................





නම :
යුලෙක්ස්
Ulex europaeus Family : Fabaceae


නිජබිම :
යුරෝපය


විස්තර :
සුද්දන් නිසා අපගේ රටට පැමිණි තවත් එක් ශාපයකි.
රනිල කුල්යට අයත් වේ.
නුවර එළිය ප්‍රදේශයේ පැතිරී ඇත.
හෝටන් තැන්නට දැඩි ලෙස තර්ජනයක් වී ඇති ශාකයකි.
මල් කහ පැහැතිය.
ශාකය පුරා කටු සහිතය.
මේ නිසා ගෝණුන් වැනි සතුන්ටවත් මෙය කෑම අපහසුය.


මර්දනය :

අතින් උගුල්ලා ඉවත් කිරීම සහ පුළුස්සා දැමීම.

.................................................................

කටකලු බොවිටියා - Koster's Curse



නම :
කටකලු බොවිටියා

Clidemia hirta (Melastomataceae - බෝවිටියා කුලය)



නිජබිම :

දකුණු ඇමරිකාව ( නිවර්තන ඇමරිකානු ප්‍රදේශ)


ලංකාවේ පැතිර ඇති ප්‍රදේශ:

තෙත් කලාපය සහ අතරමැදි කලාපයේ, තවද මධ්‍යයම කඳුකරය පුරාම පැතිරී ඇත.


විස්තර :

නිවර්තන ඇමෙරිකානු රටවල දක්නට ලබෙන නැමැති බෝවිටියා කුලයට අයත් මෙම ශාකයේ බීජ 1894 දී පේරාදෙණිය උද්භීද උද්‍යයානයට ගෙනැවිත් ඇති අතර,
මෙම ශාකය කුඩා පඳුරු වශයෙන් වැඩෙන බහු වාර්ෂික ශාකයකි.
මීටර 1 සිට මීටර 5 ක් පමණ උසට වැඩේ.

කුඩා අතු ප්‍රධාන ශාකා වටා වටකුරුව පිහිටයි.

පත්‍ර වල දෘඩ රෝම ඇත.පත්‍ර දිගටි ආණ්ඩාකාර හැඩයක් ගනී.

මල් සුදු පහැයට හුරු රෝස පැහයක් ගනී.

පෙබරවාරි,මැයි ,ජූලි,දෙසැම්බර් මාස වල මල් හට ගනී.( වසර පුරාම සුලු වශයෙන් මල් හට ගනී) නොමෙරූ ඵල කොළ පැහැයක් ගනී.ඉදුණු පසු දම් පැහැතිය.

ඉදුණු ඵල වල බීජ විශාල ප්‍රමාණයක් ඇත.මෙම ඵල සතුන් ආහරයට ගනී.
එමගින් බීජ පරිසර පද්ධතිය පුරා ව්‍යයාප්ත වේ.



මර්දනය :

අතින් උගුල්ලා ඉවත් කිරීම සහ පුළුස්සා දැමීම.
මෙයට ජෛව පාලනයේදි කුඩා කෘමි විශේෂ යොදාගනී(Thrips).

මෙය ඕස්ට්‍රේලියාවට හඳුන්වාදීම එරට මුදලින් 60000 (Australian Dollars) ක දඩයකට
යටත් වන වරදකි!!!.


................................................................

ලැන්ටානා / ගඳපාන / බාලොලියා / හිඟුරු




නම:
ලැන්ටානා/ගඳපාන/බාලොලියා/හිඟුරු,
Lantana camara (Verbenaceae)



නිජබිම:
නිවර්තන ඇමරිකාව


ලංකාවේ පැතිර ඇති ප්‍රදේශ:
ඕනෑම කලාපයක හොඳින් වර්ධනය වේ, ඒ නිසා ලංකාව පුරාම ව්‍යාප්තව ඇත.


විස්තර:
කුඩා කටු සහිත අතු සහිත කටුක පරිසරයට හැඩගැසුන පදුරක් ආකාරයට වැඩෙන ශාකයකි.
පත්‍ර කුඩාය, පත්‍ර දාරය දැති සහිතය, සියුම් බූවක් ඇත, මල් විවිධ වර්ණ වලින් ඇත.
මල් පොකුරක් ලෙස සෑදේ.
මෙයද විසිතුරු ශාකයක් ලෙස ලංකාවට හඳුන්වා දුන් එකකි.


මෙයට ඉතා දැඩි මූල පද්ධතියක් ඇති නිසා ගලවා ඉවත් කිරීමද ඉතා අසීරුය.
මෙ ශාක මගින් පසට මුදාහරින රසායනික නිසා අනෙක් ශාක වල වර්ධනය අඩාල වේ.
මෙයට ඉතා අඩු ජල ප්‍රමාණයක් යටතේ වුවද දැඩි උෂ්ණත්වයක් තිබුණද හොඳින් වර්ධනය වීමේ හැකියාව ඇත.


එසේම මෙම ශාකයේ ඇති කාෂ්ඨ සොබාවය නිසා සතුන්ටද මෙම පඳුරු අතරින් යාම අපහසුය.
මෙම පඳුරු එකට වෙලී ලන්දක් ලෙස සැකසුන විට එම ගඳපාන යායවල් හරහා අලියන්ට පවා ගමන් කිරීම අපහසුය.
මේ නිසා මෙම ශාකය උඩවලව වනෝද්‍යානයේ ඉතාමත්ම කරදරකාරි ශාකයක්ව ඇත.


මෙහි රසවත් ගෙඩි රැසක් හටගන්නා නිසා කුරුල්ලන් මඟින් මෙම ශාකය ඉතා පහසුවෙන් ව්‍යාප්ත වේ.
නමුත් මෙහි අමු ගෙඩි සහ පත්‍ර සතුන්ට විෂ සහිත නිසා සතුන් ඒවා ආහාරයට නොගනී.
මේ නිසා මෙම ශාකයට කිසිදු සතුරෙක් නැත.


ගඳපාන පත්‍ර කොටා ගත් යුෂ වගා වලට එන කෘමි හානි වලට ප්‍රතිකර්මයක් ලෙස යොදාගනියි.
එසේම මෙය එහි නිජබිමේදී ස්වදේශිකයන්ගේ ඖෂධ වලට යොදාගනී.




මර්දනය :
1. උගුල්ලා ඉවත් කිරීම සහ පුළුස්සා දැමීම.
2. විසිතුරු ශාකයක් ලෙස භාවිතයෙන් වැලකීම.
3. පඳුරු ගිනි තැබීම සහ ක්‍රමාණුකූලව නැවතත් පැල මතු වෙන විට පාලනය.
4. විදේශයන්ගේද මෙම ශාකය පාලනයට ජීව විද්‍යාත්මක ක්‍රම ද සාර්ථකව යොදාගෙන ඇත.
5.එසේම රසායනික ද්‍රව්‍ය භාවිතයද සිදු කරයි.
6. අන් අය දැනුවත් කිරීම.

..................................................................

ගල් ගොරකා,ගල් ඉද්ද - Autograph Tree







නම:
ගල් ගොරකා / ගල් ඉද්ද
Clusia rosea - Family - Clusiaceae (ගොරක කුලය)



නිජබිම : දකුණු ඇමරිකාව

ලංකාවේ පැතිර ඇති ප්‍රදේශ: මධ්‍යම සහ සබරගමු පළාත් වල



ශාකය පිළිබඳ විස්තර:
විසිතුරු ශාකයක් ලෙස ලෝකයේ ප්‍රසිද්ධ හෙයින් විසිතුරු ශාකයක් ලෙස ලංකාවට හඳුන්වා දෙන්නට ඇතැයි සිතිය හැක.

මෙය පඳුරු ආකාර වර්ධනයක් පෙන්වයි.
තද පත්‍ර විශාල ප්‍රමාණයක් ඇත.
මෙම පත්‍ර වල සටහන් තැබිය හැකි නිසා "සමරු සටහන් ගස" ලෙසද හඳුන්වයි.
මෙය අපිශාකයක් ලෙසද වර්ධනය වේ.
ගල් වල වූ විවර, පාලම් වල වූ විවර, අනෙකුත් ගස් මත මෙය පහසුවෙන් වැඩේ.
මේ ගසේ මුල් නිසා ගල් සහ පාලම් වැනි දෘඩ දේවල් පුපුරයි.

එසේ වැඩෙන මෙම ශාකයේ නුග ගස් වල මෙන් කඳෙන් මුල් රැසක් ඇතිවේ.
මල් රෝස / සුදු පැහැයක් ගනී.
ගෙඩි මැංගුස් ගෙඩි වල සොබාවය ගනියි.
එහෙත් එයිට වඩා කුඩාය.
ගෙඩිය පුපුරා එන බීජ රතු- තැඹිලි පාට සිවියකින් වට වී ඇත.
මේ ඇට ඉතාමත්ම හොඳින් පැලවී නව ශාක විශාල ප්‍රමාණයක් ඇති කරයි.

සුන්දර පරිසරයට හානි කරන්
මඟ බලා ඉන්න පැල...





පැලවෙන බීජ සහ බීජ පැල









මෙම ඡායාරූප ගත් ස්ථානය වන ලක්ෂපාන ඇල්ලේ මුදුන ඉතාම සුන්දර තැනකි.එහෙත් එය ගල් ගොරකා මගින් වසා ගනිමින් පවතී.
එය මනරම් ගල්තලාවෙන් හෙබියේ වෙයි.

එහෙත් නුදුරු අනාගතයේම එම සුන්දරත්වය ගල් ගොරකා මඟින් වසාගනු ඇත.



මර්දනය :
උගුල්ලා ඉවත් කිරීම සහ පුළුස්සා දැමීම.
විසිතුරු ශාකයක් ලෙස භාවිතයෙන් වැලකීම.

අන් අය දැනුවත් කිරීම.
මෙයට විරුද්ධව ජෛව පාලන ක්‍රම සාර්ථක වී නැත,
රසායනික ක්‍රම ද සාර්ථකත්වයෙන් අඩුය.

..................................................................

ගත්තේ මෙතනින්.
http://invasiveplants-srilanka.blogspot.com/

මේව අපේ ගෙවල් වට පිටාවේ තිබුනට මේ වගේ දෙයක් දැනගෙන හිටියෙ නෑ.:no::no::no: මේ හුගක් ශාක පද්දති අපේ පරිසරය විනාස කරනව. ඒක නිසා මේව ගැන අනිත් අයත් දැනගත්තොත් හොදයි.:yes::yes::yes::yes: