එලකිරි කොල්ලන්ගෙන් ලොකු උදව්වක් ඕනේ. මේකයි මගේ ප්රශ්ණේ. මම ගේට්ටුව හදල තියෙන්නේ කිතුල් ලී පටි වලින්. යකඩ රාමුව ගහල ඒකට කිතුල් පටි සෙට් කරල. දැන් මේකේ යකඩ රාමුවත් ටිකක් විතර මලකඩ කාල තියෙන්නේ. ඒ වගේම කිතුල් ලී කීපයකුත් දිරන සීන් එකක් තියෙන්නේ. ඒක නිසා යකඩ වල මලකඩ වලට හරියන තීන්ත වර්ගයකුයි කිතුල් ලී පටි වල ගාන්න හොද දැව ආරක්ෂක වර්ගයකුයි දන්න හොද වැඩ්ඩෙක් ඉන්නව නම් කියපල්ලා .......