තම
ධාන්‍ය අස්වැන්න බේරා ගැනීමට
ගේ කුරුල්ලන්
දහස් ගනනින් මරා දැමිමේ පල විපාක ලෙස, දස දහස් ගනනින්
සාගින්නෙන් මිය ගිය
චීනයේ කොමියුනිස්ටුවරු
1949 ඔක්තෝබර් 01දා
මාඕ සේතුන් විසින් නායකත්වය දෙන ලද මහජන විප්ලවයකින්
බල ගන්වන
නව චීන මහජන සමූහ ආන්ඩුව
1958 බරපතල තීන්දුවක් ගන්නවා
ඒ රටේ ජීවත් වන ගේ කුරුල්ලන්
මරා දමන්න.
ඒකට හේතුව තමයි
රටේ වාර්ශික ධාන්‍ය අස්වැන්න
රටේ ජනගහනයට ප්‍රමානවත් වෙන්නෙ නැත්තෙ මොකද කියලා
එවකට ගිටපු උගත් මහා චාර්‍ය් වරුන්ගෙන් ඇහුවහම
කොමියුනිස්ට් ආන්ඩුවේ නායක
මාඕ සේතුන්ට ඔවුන් කියනවා මෙන්න මෙහෙම.
ගරු සභාපති තුමනි
අපේ රටේ ගොවීන් අපේ රටට අවශ්‍ය ධාන්‍ය දැනටමත් නිශ්පාදනය කරනවා.
ඒත් ප්‍රශ්නය තියෙන්නෙ ඒ නිශ්පාදනෙයෙන් භාගයකටත් වැඩිය මේ ගේ කුරුල්ලො කාලා දානවා.
මේක මහ ප්‍රශනයක් කියලා.
ඒ ගමන මාඕ සේතුන් අහුවා අපි දන් මේකට මොකද කරන්නෙ කියලා.
ඔකෝමලා මාඕට කීවා මේකට එකම විසදුම ඔක්කොම ගේ කුරුල්ලො මරලා දාමු කියලා.
ඉන් පස්සේ සභාපති මාවූ සේතුන් ජාතික ප්‍රතිපත්තියක් හැටියට
නිවේදනය කරා රටේ ධාන්‍ය අස්වැන්න බේරා ගන්න
සියලුම ගේ කුරුල්ලෝ මරා දමන්න කියලා.
එවකට චීන රටේ මිලියන 600ක විතර ජනතාව එකතු වෙලා සියලු
ගේ කුරුල්ලන් මරා දැම්මා.
අවුරුදු තුනක් යනකොට උනේ
මහා ඛේදවාචකයක්
මහා විනාශයක්
ස්වභාවික ආහාර දාම චක්‍රයේ කෘමීන් කා දමන විලෝපිකයෙක් ලෙස හිටපු ගේ කුරුල්ලා නැතිවීම නිසා ස්වභාවික කෘමි චක්‍රය උඩු යටිකුරු වුණා.
ධාන්‍ය වගාවට හානිකර සියලු කෘමීන් දස දහස් ගණනින් වර්ධනය වුනා
මේ දැවැන්ත කෘමි ගහනය
සියලු වගා බෝග හානි කරලා
ගොවීන්ගේ අස්වැන්න විනාශ කරා
මුළු රටම හාමතින් වෙලී ගියා.
වසර දෙකක් තුනක් ඇතුළත
රටේ ජනගහනයෙන්
මිලියන 45ත් 75ත් පමන වූ
අති විශාල ප්‍රමාණයක්
කන්න නැතුව බඩ ගින්නෙ මියගියා.
මෙය අදටත් අස්වාභාවික නොගැලපෙන අනුචිත
දේශපාලන බල අධිකාරිය විසින් ගන්නා ලද තීරණයක් නිසා ලෝකයේ සිදු වූ ලොකුම මනුශ්‍ය ව්‍යසනය ලෙස ඉතිහාසයට එක් වී තිබෙනවා.
එම නිසා අප රටේත් ස්වාභාවික චක්‍රය තුළ සැරිසරන
සතා සිව්පාවුන් ගොවිතැන් කටයුතු වෙනුවෙන් මරා දැමීමට රජය මැදිහත් වීම ඉතා අනුවණ අදූර දර්ශී ක්‍රියාවක් ලෙසයි මා දකින්නේ
ඉතිහාසය විසින් චීනයට
කියා දුන් පාඩම්
වර්තමානය තුළ යළි අත්විඳින්න වේදැයි කියා සැකයක් හා බියක් මේ තීරනය අප තුල මතුකරනවා.
එම නිසා එම තීන්දුව ක්‍රමානුකූලව යළි සලකා බලා
මහපොළොවට උසුලා ගත හැකි ආකාරයෙන් සිදුකරන්නේ නම් මැනවි යයි මා සිතනවා
උපුටාගැනීමකි...
ඔබට සුබ දවසක්