කොහොඹ වාතය පිරිසිදු කරනවා අතු පැතිරිලා ලොකුවට හැදුනොත් සිහිලයි නැත්නම් ලොකු සිහිලක් නැහැ. හැබැයි කොල වටෙන කාලෙට මිදුල ඉවරයි.
අඹ ගස් යට කොස් ගස් යට නම් හොදට සිහිල තියෙනවා මේ ගස් 3ම ලොකු වෙන ගස් අඩුම තරමේ අඩි 15ක් වත් දුරින් හදන්න ඕනේ.
නා ගස් යටත් ගොඩක් සිසිලයි එකත් අර තරම් දුරින් නොව්නත් ටිකක් දුරින් හදන්න ඔනේ.
ගෙවල් ලග ටිකක් ලොකු වෙන මල් ගස් හදා ගන්න සේපාලිකා, රුක්මල් වගෙ මල් හෙන සුවදයි ඇසල මැයි මල් ලස්සනයි මෙවගෙ බට් ගස් දැන් ගන්න තියෙනවා.
සදුන් ගස් හොදයි හැබැයි ගොඩක් කල් යනවා ලොකු වෙන්න, දේවදාර ගස් තිබ්බාම සර්පයෝ එන්නේ නැතිලූ, බක්මී මලුත් ගොඩක් සුවදයි හැබැයි ගස් ගොඩක් ලොකු වෙනවා.
තව අලිපේර ගස් වලත් හෙවන තියෙනවා ටිකක් ලොකු මුල් තියෙන ගහක්, නාරං, ජම්බෝල, දොඩම් ගසුත් ගෙවල් ලග හදන්න හොදයි පැගිරි කුලේ ගස් වලට හොදට අව්ව ඔනේ පොල් ගස් වල පොල් කොල එහෙම ගෑවුනත් දොඩම් ගස් එහෙම මැරෙනවා.
කටු ලොවි, මසං, ජැම්සන්, ජෑම් ගස් එහෙමත් හොදයි.