ගොඩක් පිං ඔයාල හැමෝටම.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගොඩක් පිං ඔයාල හැමෝටම.

    මගේ අම්මට උදව් කරන්න (http://www.elakiri.com/forum/showthread.php?t=1553257) මේ නූලට වගේම මේකේ දෙවැනි කොටසටත් පෝස්ට් කරමු හැමෝටම ස්තුති කරන්නයි මම මේ නූල ආරම්භ කලේ.

    එළකිරියේ ගොඩක් දෙනෙක් ඇත්තටම පුද්ගලිකව මට හුඟක් උදව් කළා, බෙහෙත් ජාති පවා හොයල දුන්න. මේ නූල බම්ප් කිරීමෙන් හරි මට උදව්කරපු හැමෝටම ගොඩක් පින්, උපනුපන් කිසිම ආත්මයක හතුරෙකුටවත් මේ වගේ දෙකට මුහුණ දෙන්න සිද්ද වෙන්න එපා කියල මන් ප්‍රර්ථනා කරනවා.

    දැන් අම්මගේ ඔපරේෂන් එක කරලා පිළිකාව තිබ්බ පියයුරුව ශරීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඉවරයි. අම්ම 60% ක විතර ප්‍රමාණයක් සුව අතට පත්වෙලා ඉන්නවා, වෛද්‍යවරුන්ගේ මතය වෙලා තියෙන්නේ තව දුරටත් ලෙඩාව මහන්සි නොකර එයාව විවේකෙන් තියන්න කියලයි. ඉතින් එක නිසා අපි දැන් මොලේට පැතිරිලා තියන ගෙඩිවලට ප්‍රතිකාර කරන එක නැවැත්තුව.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    අම්මට ඉක්මනටම 100%ක් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.දළධා හාමුදුරුවන්ගේ පිහිටයි!!!
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හැමදේම හොඳ අතට ඉක්මණින් හැරේවි

    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!

    සියලු දෙවි දේවතාවන්ගෙ දළඳා සමිඳුන්ගේ පිහිටයි රැකවරණයයි!
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    ගොඩක් සතුටුයි මචන් සුව අතට පත් උන එකට. අනිත් සියලුම රෝගත් නිට්ටාවටම සුව වෙනඩ කියලා එක සිතින් ප්‍රර්ථනා කරනවා මචන්. අම්මට ත්‍රිවිධ රත්නයේ සරණයි.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තෙරුවන් සරනින් ඉක්මනින් සුව ප්‍රාර්ථනා කරනවා !!!
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවි දේවතාවන්ගෙ දළඳා සමිඳුන්ගේ පිහිටයි රැකවරණයයි!